ඇමෙරිකා ජනාධිපති සහ ජනපති බිරිය ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ ශාන්ත දාන්ත කිසි කලබලයක් නැති ශුද්ධවන්ත චරිත ලෙසටයි. ධවල මන්දිරයේ පෞද්ගලික නිවාසයේ දොරටුවෙන් පිටතට ඔවුන් හැසිරිය යුත්තේ අතිඋත්තම මිනිසුන් ලෙසටය.
ඔවුන් හට මේ හැසිරීම් රටාව පුරුදු පුහුණු කිරීමට ඒ පිළිබඳ සුවිශේෂි‘‘ දැනුම් සම්භාරයක් ඇති විශේෂඥ උපදේශකවරු කණ්ඩායමක් සිටිති. ඇමෙරිකා ජනාධිපති හෝ ඔහුගේ පවුලේ කිසිකෙනෙක් කිසි දිනක කට කැඩිච්ච කතා කියන්නේ නැත. ඔරවන්නේ නැත. ගොරවන්නේ නැත. අඩුගණනේ මොන කරදර ප්‍රශ්න වලට මුහුණ පෑවත් මුණ ඔරොක් කරගන්නේවත් නැත.
එසේ වන්නේ ඔවුන් වෙනුවෙන් ගෙදර පවත්වාගෙන යන උපකාර පන්ති වලදී කියාදෙන ක්‍රියා පරිපාටිය ඔවුන් සියලුම දෙනා අකුරටම පිළිපදින නිසාය.
කෙසේ වුවද ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා ගැන වැඩ් දෙනකුගේ සිතේ ඇත්තේ මහපොළොවේ ජීවත්වන නිරහංකාර මිනිසකු ලෙසය. ජනතාව ඉදිරියේ ඔහු සිනාමුසු මුහුණක් පෙන්වන්නේත්, පාරේ ඇවිද යනවිට සාමාන්‍ය මිනිසුන් සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නෙත්, කඩ පිලකට ගොඩවී තේ වතුර උගුරක් බොන්නේත් මුණ ඉච්චාවට නොව අවංක චේතනාවෙන් බව ඇමෙරිකානුවෝ බොහෝදෙනා විශ්වාස කරති. ඒ ඔබාමාගේ හැටිය.එයා එහෙම වුනාට එයාගේ ගෙදර හැමෝටම ඒ ගතිගුණ පිහිටා නැත.
ඔවුන් උපකාර පන්තිවල කියාදෙන දේ පිළිපදින්නට කොච්චර උත්සාහ කළත් සමහර අවස්ථාවල උපෙදස් අමතක වන අවස්ථා නැතුවාම නොවේ .
එවැනි සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
ඇමෙරිකා ජනාධිපති ඔබාමාගේ බිරිය මිෂෙල් ඔබාමා වොෂින්ටන් නුවරදී පක්ෂ ප්‍රචාරක රැස්වීමක ප්‍රධාන ආරාධිතයා විය. දේශනය අතරතුර කාන්තාවක් ඊට අවහිර කරමින් කෑකෝ ගැසුවාය. සමලිංගික සම්බන්ධතා වල වරදක් තැති බව ඈ කීවාය.
මිෂෙල් ඔබාමාගේ රතු කට්ට පැන්නේ මේ වෙලාවේදීය.ගෙදර උපකාර පන්තිවල දී උගත් සංයමය ඇයට අමතකවිය.කතාව නවතා දැමු ඔබාමා මැතිණිය තම දේශනයට අවහිර කළ කාන්තාව වෙත කෙලින්ම ගියාය.
"මොකද කියන්නේ මගේ කතාව නවත්වල ඔහෙට මයික්‍රෆෝනය දෙන්නද" මිෂෙල් ඔබාමා එම කාන්තාවගෙන් ඇසුවාය. මිෂෙල් ඔබාමාගේ කාල වර්ණ මුහුණ රතු පැහැ ගැන්වී තිබුණි. ඇයට "යකා නැග" තිබුන එහි සිටි සියල්ලෝම කීහ. එහි සියල්ලෝම කට ඇරගෙන බලා සිටියහ.
නැවත වතාවක් සෙනග දෙසට හැරුන මිෂෙල් ඔබාමා " ඔය ගොල්ලෝ මොකද කියන්නේ. මගේ කතාව නවත්වල මෙයාට කතා කරන්න කියන්නද?" කියා විමසා සිටියාය.
ශාලාව පිරී ඉතිරී සිටි සෙනඟ කන් බිහිරිවන හඬින් " අපොයි එපා අපි අවේ මිෂෙල් ගේ කතාව අහන්නයි" කියා බෙරිහන් දුන්නාහ.
මිෂෙල් ඔබාමාගේ ආරක්ෂකයෝ විරෝධය ප්‍රකාශ කළ කාන්තාව කඩිනමින් කුදලාගෙන ශාලාවෙන් පිටමං කළහ.
තම දේශනය නැවත ආරම්භකළ මිෂෙල් ඔබාමා කීවේ " මගේ මහත්තයා ලෝකයේ බලවත්ම කෙනා වෙන්න පුළුවන්. ඒත් අපි සේරම සාමාන්‍ය මිනිස්සු තමා" කියාය.
සියල්ලෝම නැවතත් ඔල්වරසන් දුන්හ. බරක් ඔබාමාගේ ජනප්‍රියතාවයට තවත් ලකුණු ගණනක්ම එදා එකතුවූ බව පුවත් පත් වාර්තා වල සඳහන් විය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිෂෙල් ඔබාමාට යකා වැහෙයි
මාර්ක් කුරේ Monday, 10 June 2013 09:56 PM
මිෂෙල් හරි. ආගමානුකූලවත්, සදාචාරයට අනුකූලවත් සිටීමත් වැරදිදේට විරුද්ධ වීමත් හරි. අනික ඇඟිල්ල දිගු කිරීමෙන් එය අවධාරණයක් කිරීමයි කරන්නේ. (නි)
උදය Saturday, 08 June 2013 02:41 AM
ඔක්කොම සාමාන්‍ය මිනිස්සු නම් සම ලිංගිකත්වය සාමාන්‍ය නොවෙන්න පුලුවන්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. මොකද මේක අද පටන් ගත්ත දෙයක් නොවෙයි. ඔලිම්පික් ක්‍රීඩාව පටන් ගත්තෙත් ඔය සම ලිංගික කියන මිනිස්සු උදෙසා. (නි)
රංජනී Saturday, 08 June 2013 05:02 AM
ඉවසීම කොතෙක් තිබුනත්,ශාන්ත දාන්ත වුනත් අසාධාරනයක් දැක්කහම තරහ එන පුරුද්ද මටත් තියෙනවා.මිෂෙල් හරි කියලා මට හිතෙනවා. (නි)
දිසානායක Sunday, 09 June 2013 11:44 AM
ඒ වගේ කෙනෙක් තමයි මමත් හොයා හොයා හිටියේ විවාහ කරගන්න. මිශේල්ව ගන්න බැරි නිසා රන්ජනී කැමති නම් විවාහය ඉක්මන් කරමු.
ටෙනිසන් Saturday, 08 June 2013 07:11 AM
ද සිල්වා බෙර්ලින්, ඔයාගේ අදහස නම් මසුරන් ප්‍රශ්නේ තියෙන්නේ උගන්නන්න එන ගුරුවරයාට කී දවසක් ජීවත් වෙන්න පුලුවන්ද කියන එකයි.(නදී)
විමලේ Friday, 07 June 2013 05:12 PM
සාධාරණයි මම නම් කියන්නේ (දී)
විශ්ව Friday, 07 June 2013 05:22 PM
මම නම එතුමිය කල වැඩේට එකඟයි (දී)
ජෙෆ් Friday, 07 June 2013 05:28 PM
ඔය ක්‍රියාව සැලසුම් ඇතිව ලකුණු දමා ගන්නට කල ක්‍රියාවක්. ලබන ජනාදිපති මැති වරණයට හිලරි ක්ලින්ටන් සමග තරග කරන්නට ජනතාව ගොනාට ඇන්ද වීමේ ආරම්බය.(නදී)
ලසන්ත Saturday, 08 June 2013 08:16 PM
එතකොට මෙගොල්ලෝ මේ පන්තියටත් තව නයක් ගනීවි චීනයෙන්. අපිටම තමියි ඕකත් ගෙවන්න වෙන්0නේ අලි මදිවට කොටි.(නදී)
දිසානායක Friday, 07 June 2013 01:04 PM
කුඩැල්ලා මෙට්ටේ තියන්න බැහැනේ.(නදී)
පෙරේරා Friday, 07 June 2013 06:56 PM
ද සිල්වා, අදහස නම් හොඳයි. වැඩේ අපේ අයට වටිනා යමක් ඉගෙනගන්න තරම් බුද්ධියක් නැති එකනේ.(නදී)
කමල් Saturday, 08 June 2013 11:18 PM
අපරාදේ මිෂෙල් මෙහේ හිටියේ නැත්තේ (නි)
හේරත් Friday, 07 June 2013 01:49 PM
ඕක ගැහැණු ෆයිට් එකක් මලයෝ. අපි කවුරුත් සාමාන්‍ය මිනිස්සු නේ. (නි)
ගාමිණී-සිරි Friday, 07 June 2013 01:57 PM
සංවර ඇඳුමත්,සංවර කතාවත් කාන්තාවකගේ නිහතමානීකමේ සංකේතයක්! මෙතන කිසියම් අඩුවක් පෙනේ.සම ලිංගික ප්‍රශ්නය දමන්න තිබුනේ දේශනය අවසානයේ.කෙසේ වෙතත් ,"අපි සේරම සාමාන්‍ය මිනුස්සු " ප්‍රකාශය ,ගැහැණු මොලේ ,හැඳිමිටේ කතාවට ටිකක් අභියෝගයක් (නි)
පෙරේරා Tuesday, 11 June 2013 11:34 PM
ලෝකයේ බහුතර නායකයෝ ඔහොම තමයි (නි)
ජීවා Friday, 07 June 2013 02:04 PM
කිසිවෙකු සර්ව සම්පූර්ණයෙන් නිවැරදි නොවේ (නි)
හසන්ති Saturday, 08 June 2013 11:59 AM
ඒත මිනිස්සුනේ කේන්ති යනවා (දී)
විජේසූරිය Friday, 07 June 2013 02:18 PM
එහේ එහෙම වුණත් මෙහේ එහෙම වුණා නම්??? (නි)
ජයී තිසර Friday, 07 June 2013 02:23 PM
නියම ඉවසීම යනු තමාට බලය තිබියදී අනෙකෙකුගේ විරුද්ධ ක්‍රියාවක් ඉවසා සිටීමයි. තමාට බලය නැත්තේ නම් ඉවසා සිටිනවා මිස වෙන කළ හැකි දෙයක් නැත. එය ඉවසීම නොවේය. (නි)
චන්ද්‍ර Sunday, 09 June 2013 04:14 AM
මෙවැනි සිද්ධීන් කලින් සැලසුම් කළා වෙන්නත් පුළුවන් සමහරවිට (නි)
නිසාර් Saturday, 08 June 2013 01:22 PM
බැරිද අපේ දේශපාලකයන්ටත් මේ වගේ ටියුෂන් පන්තියක් පවත්වලා උගන්වන්න. පාර්ලිමේන්තුවේදී ගහ ගන්න එපා කුණුහරුප කියන්න එපා. පාරේදී මිනිසුන්ට ගහන්න මරන්න එපා කියලා. සංවරව හැසිරෙන්න කියලා.(නදී)
රොහාන් Friday, 07 June 2013 09:39 PM
ලොකු ලොකු දේශපාලඥයන්ගේ බහුතරය කොහොමත් ලෝකෙට පෙන්නන්නේ ඇත්ත මුහුණු නෙමෙයි (නි)
ශාන් Friday, 14 June 2013 04:00 PM
සුද්දන්ට හොද පාඩමක්. (නි)
හිමාලි Friday, 07 June 2013 03:06 PM
මිෂෙල් ඔබාමා උගත් කෙනෙක්. ඇය සාමාන්‍ය මිනිසුන් අතර ඉන්නවා (නි)
නදී Friday, 07 June 2013 03:10 PM
ඇමෙරිකානු ජනාධිපති ආර්යාවගේ කතාවට බාධා කළා කියලා, ඒ බාධා කරපු තැනැත්තා පස්සේ මෙහෙ වගේ සුදු වෑන් එන්නේ නැහැ නේ. (නදී)
ද සිල්වා බෙර්ලින් Friday, 07 June 2013 03:10 PM
බැරිද අපේ දේශපාලකයන්ටත් මේ වගේ ටියුෂන් පන්තියක් පවත්වලා උගන්වන්න. පාර්ලිමේන්තුවේදී ගහ ගන්න එපා කුණුහරුප කියන්න එපා. පාරේදී මිනිසුඋන්ට ගහන්න මරන්න එපා කියලා. සංවරව හැසිරෙන්න කියලා.(නදී)
කෙනත් Friday, 07 June 2013 11:05 PM
මම නම් හිතන්නේ ලංකාවේ බහුතරය කැමති ක්‍රමය ඕකයි. නැත්නම් බහුතර ඡන්දයෙන් තේරී පත්වන බහුතරයක් නියෝජිතයෝ බහුල වශයෙන් හොරකම්, මැරකම්, වංචා කොමිස් ගැහිලි මහජන මුදල් කාබාසිනියා , බේගල් ඇදබෑම කරන පිරිසක් බව පෙනෙනවානේ. කව්ද ඉතින් මේ අයව සමාජයේ කෙතරම් ගුණවත් මිනිස්සු සිටියත් ඒ සියල්ල අතරින් මේ වගේ අයම අඩුවක් නැතිව තෝරාගෙන ඉහලට ගෙනයන්නේ? අපේ මිනිස්සුම තමා! දැන් කනවෝ කනවෝ කියා කෑ ගහන්නෙත් අපිමයි! (නි)
හේරත් Sunday, 09 June 2013 09:15 AM
ඇඟිල්ල උරුක් කරන එකට නම් මම කැමති නැහැ (නි)
ඔසන් සලාම් - කටාර් Sunday, 09 June 2013 09:38 AM
මෙම කලබලය සිදුවන්නේ මිෂෙල්ගේ වරදින් නොව සංවිධායකයින්ගේ චරදින් බව කිව යුතුයි. අනෙක ඇය කීවා සේම ඒ ගොල්ලොත් සාමාන්‍ය මිනිසුන් තමා. (නි)
ගාමිණි Friday, 07 June 2013 03:45 PM
නිහතමානි කාන්තාවක් (දී)
තිසල් Friday, 07 June 2013 03:44 PM
"සමලිංගික සම්බන්ධතා වල වරදක් තැති බව" කියන අය අපි අතරත් කීපදෙනෙක් ඉන්නවා.එයාලටත් ඔයවගේ කවුරුහරි තදට කියලා නවත්වන්න පුළුවන් නම්....නැත්නම් අපිටත් යකා වැහෙයි. (නි)