IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාවගේ කුසගිනි නිවන්න

උතුරු කොරියා රජය තම මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාවගේ කුසගිනි නිවීම කෙරෙහි අවධානයක් යොමු කරන්නේ නම් මැනැවි යැයි ඇමෙරිකාව පවසයි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි ප‍්‍රකාශිකා වික්ටෝරියා නූලන්ඞ් මේ බව කියා සිටියේ, ඇමෙරිකාවට විදිය හැකි න්‍යෂ්ටික බලැති මිසයිල තමන් සතුව ඇතැයි උතුරු කොරියා රජය පෙරේදා (09) කළ අනතුරු ඇඟවීමට ප‍්‍රතිචාර දක්වමිනි. ”උතුරු කොරියාවේ මේ තර්ජන ජාත්‍යන්තරයේ අවධානයට ලක් විය යුතුයි. ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට කොතරම් තර්ජනයක් ද යන්න දැන් පැහැදිලියි. මිසයිල ගැන පුරසාරම් දොඩනවාට වඩා, උතුරු කොරියා රජය කළ යුත්තේ ඔවුන්ගේ රටේ ජනතාවගේ කුසගිනි නිවීමයි.” යැයි නූලන්ඞ් පවසයි. උතුරු කොරියාවේ හිතුවක්කාර සහ තර්ජනාත්මක න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමින්, ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී උතුරු කොරියාවට ආර්ථික, වෙළෙඳ සහ දේශපාලන සම්බාධක පනවා ඇත. එම හේතුව නිසාම උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී තිබේ. සම්බාධක හේතුවෙන් රටේ සියලූම කටයුතු, විදෙස් ආධාර නොමැතිව තනිවම කරගෙන යෑමට උතුරු කොරියා රජයට සිදුවී තිබේ. මීට වසර කිහිපයකට පෙර උතුරු කොරියාව මහා සාගතයකට ද මුහුණ දුන්නේය. එම අවස්ථාවේදී ජනතාවට ප‍්‍රමාණවත් තරම් ආහාර සැපැයීමට එවකට උතුරු කොරියාවේ නායකයා වූ කිම් ජොං ඉල් අපොහොසත් විය. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනයේ වාර්තාවලට අනුව මේ වසරේ උතුරු කොරියානුවෝ මිලියන 3 ක් උග‍්‍ර ආහාර අර්බුදයකට ලක් ව සිටිති. 2011 වසරේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පැවැසුවේ උතුරු කොරියා දරුවන්ගෙන් තුනෙන් එකක් මන්දපෝෂණයෙන් පසුවන බවය. මන්දපෝෂණයෙන් පෙළෙන්නේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දුන්නේය. උතුරු කොරියාව පෙරේදා එම අනතුරු ඇඟවීම කළේ තම අසල්වැසියා වන දකුණු කොරියාව, ඇමෙරිකා හමුදාව සමඟ එක් වී මිසයිල ආරක්ෂක වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කිරීමත් සමඟය. උතුර සහ දකුණ වශයෙන් කොරියාව දෙකඩ වුණු කොරියානු යුද්ධයෙන් පසු, ඇමෙරිකාව දකුණු කොරියාවේ සමීපතම මිතුරා වූ අතර ආසියා කලාපයේ බලය තහවුරු කර ගැනීමට ද එම මිතුදම ඇමෙරිකාවට වාසියක් විය.



අදහස් (0)

මිසයිල ගැන පුරසාරම් නොදොඩා රටේ ජනතාවගේ කුසගිනි නිවන්න

ජිල් Thursday, 11 October 2012 10:05 PM

සිල්වා, ඔහේ ‍මොනවද කියවන්නේ? (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 11 October 2012 05:48 PM

ඇමෙරිකාව ටිකක් බයවෙලා වගෙයි. (නි)

:       0       0

සෙනරත් Thursday, 11 October 2012 12:22 PM

ඇමරිකාවට ඕන ලංකාවත් දෙකට බෙදලා ඊළාම් රාජ්‍යය සමග මිතුදම් හදාගන්න..!(නු)

:       0       0

මාටින් Friday, 12 October 2012 08:42 AM

උතුරු කොරියාවේ අසල්වැසියා ප්‍රභල චීනයයි. මේ රටවල් දෙකේ දේශසීමා හරහා අවශ්‍ය තරමටත් වැඩියෙන් භාණ්ඩ ගලාගෙන එන බව ඇමෙරිකාව දන්නේ නැති හැඩයි. (නි)

:       0       0

සිල්වා Thursday, 11 October 2012 01:32 PM

බඩගින්නෙන් පෙලෙන්නේ වැඩිපුරම ඇමරිකානු රටවල් තමයි (ස)

:       0       0

සිල්වා Thursday, 11 October 2012 01:40 PM

ඔය ටික ඇමරිකාවට නියෙමෙට ගැලපෙනවා (ස)

:       0       0

අශානි Friday, 12 October 2012 09:16 AM

උතුරු කොරියාව අදටත් කන්නෙ දකුනු කොරියාවෙන් එවන හාල්.එවනවයි කියන චීන බඩු වල තත්වය කියන්න ඕන නැහැනෙ.උතුරු කොරියාව කියන්නෙ ලෝකෙ තියෙන දූෂිතම රටක්,පාලකයො සුර සැප විඳිද්දි මිනිස්සු දුක් විඳිනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

නව වෙළෙඳ ගිවිසුමක්: ඉන්දු ඇමෙරිකා සාකච්ඡා
2025 අප්‍රේල් මස 22 66 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.


මීළග පාප්තුමා ගැන ඉගියක්
2025 අප්‍රේල් මස 22 137 0

ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 820 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 999 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 665 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 148 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 597 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site