මහතීර් මොහොමද් ද මැලේසියානු මහ මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් 'හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්' පක්ෂයෙනි. කෙසේ නමුත් 97 හැවිරිදි මහතීර් මොහොමද් මෙම මැතිවරණයේ දී දරුණු පරාජයක් ලැබුවේය.
මහතීර් මොහොමඩ් ට ඔහුගේ ලංග්කාවී ආසනය පවා අහිමි විය. අඩ සියවසකට පසු මහතීර් මොහොමද් ලැබූ පළමු මැතිවරණ පරාජය වන්නේ මෙයයි. මහතීර් මොහමොඩ් වසර 22 ක් මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය. ඒ, 1981 සිට 2003 තෙක් කාලයේය. පසුව ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගියේය.
කෙසේ නමුත් මීට වසර දෙකකට පසු ඔහු යළි දේශපාලනයට පිවිසියේය. ඒ, දූෂණ චෝදනා හේතුවෙන් මැලේසියානු දේශපාලනයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වූ බැවිනි.
2018 වසරේ දී, 93 වැනි ඡන්ම දිනයට ඔන්න මෙන්න කියා තිබියදී මහතීර් මොහොමද් යළි මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. ඒ, එදා මැලේසියානු විපක්ෂ සන්ධානය පොදු අපේක්ෂකයා ලෙස මහතීර් මොහොමද් මැතිවරණයට ඉදිරිපත් කළ බැවිනි. කෙසේ නමුත්, පිහිටුවූ එම සන්ධාන රජය මාස කීපයකින් බිඳ වැටුණි. ඒ මත ගැටුම් නිසාය.
(අල් ජසීරා)
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහතීර් මොහොමඩ්ට පරාජයක්