ෂැංහයි නගරයේ සිට සැන්ෆ්රැන්සිස්කෝ නගරය දක්වා පැය දෙකකටත් අඩුකාලයකින් ගමන් කළ හැකි අධිවේගී සුපර් සොනික් සබ්මැරීනයක් නිපදවන බව චීනය පවසයි. සැබ්මැරිනය වටා බුබුළක් සාදා ගැනීමෙන් එය වේගය ලබාගන්නා බව ද නිෂ්පාදකයෝ කියති. හාබින් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගත් මේ නව තාක්ෂණය අනුව ඉදිකරන සබ්මැරිනයට ශබ්දයේ වේගය හෝ පැයට කිලෝ මීටර 5800ක වේගයක් ලබා ගත හැකිවේ යැයි අපේක්ෂිතය.
මේ නගර දෙක අතර ගුවන් දුර කිලෝ මීටර 9922 කි. එම දුර යාමට ගතවන කාලය පැය 12ට ආසන්නය. එසේ වුව ද විද්‍යාඥයන් පවසන්නේ සුපර්සොනික් සබ්මැරිනයට ඒ දුර ගෙවා දැමීමට ගතවනු ඇත්තේ විනාඩි 100ක් පමණ කාලයක් බවයි.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුහුද යට විප්ලවයකට චීනය සැරසෙයි
ද සිල්වා Tuesday, 02 September 2014 09:12 AM
මේ වගේ සැලසුම් කොලවල අදින්න ලේසි නමුත් ක්‍රියාවට නංවන්න අමාරුයි, (දිල්)
ජයාත් Tuesday, 02 September 2014 10:09 AM
ඇත්තටම යයිද ? (නි)
රේණු Wednesday, 03 September 2014 04:11 AM
ලොකයේ ඔක්කෝම අය කුමාර වගේ නම් තවම මනුස්ස ජාතිය ඉන්නේ කැලේ ගල් ගුහා ඇතුළේ. අලුත් දෙයක් කරන්න දරන උත්සාහය ඉතාම වටිනවා. නමුත් මෙපමණ වේගයෙන් ගමන් කරනවිට මුහුදු සත්වයන් හා ගැටී අනතුරු ඇතිවිය හැකිවා මෙන්ම එම සත්වයන් විනාශ වීමේ අවදානමකුත් තිබෙනවා (නි)
ඉසුරන්දි Wednesday, 03 September 2014 04:30 AM
චීනය කියන්නේ තාක්ෂණය අතින් දියුණු රටක්.එයාලට ඕක නිපදවන්න මහා කාලයක් යන්නේ නැහැ. (නි)
මහින්ද Wednesday, 03 September 2014 04:50 AM
මේක නම් හොඳ වැඩක් කියලා කියන්න අමාරුයි (නි)
බණ්ඩාර Wednesday, 03 September 2014 01:09 PM
මේකට බයවෙන්න එපා. පළවැනි දවසෙම මේ ගැන තීරණය වෙයි (නි)
තිලිණ Wednesday, 03 September 2014 05:01 AM
කුමාර් , මෙතන නොදන්නා දේවල් කියලා මෝඩයා කියලා අහගන්න එපා (නි)
කුමාර් Tuesday, 02 September 2014 12:12 PM
තාම චීනයේ ගම් වල උයන්නේ දර වලින්, භූමිතෙල් වලින්. රටේ බහුතරයකගේ දුප්පත්කම නැතිකිරීම හා ඔවුන්ට පහසුකම් දීම මීට වඩා කොච්චර වටිනවද? (නි)
චාමික Tuesday, 02 September 2014 12:29 PM
නොරොච්චෝලෙත් හැදුවේ මෙයාලා නේද? එයාලා හැදුවොත් ඔය සබ්මැරීනයටත් වෙන්නේ දෝෂයක් නිසා ක්‍රියාකාරීත්වය අත්හිටුව ඇත කියලා මාසෙට දවස් කීපයක් කියා කියා ඉන්න. (නි)
චමින්ද Thursday, 04 September 2014 08:40 PM
චීනය දෙවැනි ටයිටැනික් එක හදාගෙන යනවා මේ දවස් වල. ඇත්තටම ඒක පරණ ටයිටැනික් එකට වැඩිය විශාලයිලු. ඕස්ට්‍රේලියානු කෝටිපතියෙකුගේ ඇණවුමකටලු හදන්නේ. ගතවන කාලය අවුරුදු දෙකයි,වියදම ඩොලර් බිලියන 5 යි. (නි)
ශේන් Tuesday, 02 September 2014 12:40 PM
අම්මපා! අපේ දේශපාලන කට්ටියක්වත් චීනයට ගිහිල්ලාද? (නි)
මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Wednesday, 03 September 2014 03:13 PM
අම්මෝ.....ඕව මොනවද චීනෙට ඕව අලුත් දේවල් වුණාට ලංකාවේ නම් ...ඔයිට වඩා වේගයෙන් දිය යටින් ගින්දර ගෙනියන්න පුළුවන් උදවියත් ඕන තරම් ඉන්නේ..... නේද මෙයාලා.(අ)
නන්ද Tuesday, 02 September 2014 02:21 PM
මාළුන්ට යන කලදසාව මොකක්ද ? පරිසර හානිය කොපමණද? (නි)
රුමින්ද Wednesday, 03 September 2014 07:48 AM
සාගර පද්ධතියට කිසියම් බලපෑමක් නොවී වැඩේ වෙන්න ඕනෑ. එහෙම නැත්නම් මොන තාක්ෂණය යොදලා හැදුවත් වැඩක් නැහැ. (නි)
ගාමිණී සිරිවර්දන Tuesday, 02 September 2014 06:58 PM
ගුවන්,නාවික, මාර්ග සැතපුම් වල උපරීම හා අවම වේගයන් සඳහන් කර ඇත්තේ වාතයේ හෝ ජලයේ ඇති ඝනත්වය මත ගමන් කළහැකි වේගයන්ය. ගුවන් ගමනකට වඩා මුහුදු ගමන මන්දගාමී බැවින් චීනුන්ගේ සුපර් සොනික් වේගය ,බලවත් ජාතීන් අතර සුපර් ලැජ්ජාවකට බඳුන්වීමකැයි මට සිතේ (නි)
නන්ද Tuesday, 02 September 2014 07:06 AM
ඇමෙරිකාවයි චීනයයි අතරනේ.හොඳයි.මුහුද යට අපායට ළඟයි වගේ (නි)
සේව්‍යා Tuesday, 02 September 2014 07:17 AM
ගඟේ බෝට්ටුවක් ගියත් ඉවුරු සෝදාපාලු වෙන එකේ මේකෙ අතුරු ප්‍රතිඵල ගැන සොයාබැලුවාද? පැයට කිලෝමීටර් 6000ක වේගයෙන් විනාඩියට කිලෝමීටර් 100 ක වේගයෙන් ගමන් කරන්න පුලුවන් නම් මුහුදු ජීවීන් කොච්චරක් විනාශ වෙයිද? මුහුද කොච්චර ප්රචණ්ඩ වේවිද? මුහුදු ජීවින්ට බියකරු අත්දැකීමක් එක්ක අපේ ලෝකයේ අවසානය තව ටිකක් වේගයෙන් ළං වෙනවා කියලයි මට හිතෙන්නේ... (නි)
සමීර අබේවර්දන , දිවුලපිටිය Tuesday, 02 September 2014 07:28 AM
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී, හිගා කෑම බැරිවුණදා ලගී ගයා මරගී. ලංකාව ආශ්චර්ය මාවතට පිවිසීමට අවශ්‍ය නම් ආදර්ශයට ගත යුතු රටක්. (නි)
ප්‍රසංග Tuesday, 02 September 2014 09:25 PM
චීනයට ඕවා කරන්න තරම් තාක්ෂණයක් තිබේද? (නි)
සංජය Tuesday, 02 September 2014 10:06 PM
කුමාර් වගේ හිතන අය චීනයේ නැති නිසා තමයි අද චීනය දියුණුවේ හිනිපෙත්තෙම ඉන්නේ. (නි)
රොෂාන් Tuesday, 02 September 2014 08:32 AM
බොහොම හොඳයි. හැබැයි සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය ගැනත් හොයා බලන්න ඕනෑ (නි)