IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


මෙහෙව් දොළ දුකක්

ඉස්පන්ජි හා වැලි සිය දොළදුක නිවා ගැනීමට අනුභව කරනා ගර්භණී කාන්තාවක බි‍්‍රතාන්‍යයේ සිටී.

ගර්භණී සමයේ තම පි‍්‍රයතම ආහාරය වන්නේ වැලි තවරනු ලැබූ ඉස්පන්ජි බව කෙලී මේරී පියර්ස් නම් මේ  කාන්තාව සදහන් කරන්නීය.දරු දෙදෙනකුගේ මවක වන ඇය දැන් තුන්වැනි දරුවාද අපේක්ෂාවෙන් සිටින අතර පෙර අවස්ථා දෙකෙහිදීත් තමන්ට මෙසේම වැලි හා ඉස්පන්ජි කෑමට දොළදුක ඉපිදුණු බව ඇය පවසන්නීය.

ඇයගේ මෙම පුරුද්ද පෙර උපන් දරු දෙදෙනාට අහිතකර ලෙස බලපා නම් නොමැත.

‘‘මේ වතාවේදීත් පෙර වතාවන් දෙක වගේම මට වැලි හා ඉස්පන්ජි කන්න ආසාවක් ඇති වුනා.මේක පටන් ගත්තේ කොහොමද කියනවානම් මගේ පළමු දරුවා කුසයේ සිටියදී මට දිවට අමුත්තක් දැනෙන්න ගත්තා.මොනව හරි දෙයක් කන්න තමයි  ඕනෑ වුනේ. ඒත් කාපු දේවල් වලින් අර දැනුනු අමුත්ත නැති වෙලා ගියේ නැහැ.ඔහොම ඉන්නකොට මම දැක්කා කූඩුවක දාලා ඉන්න ගිරවෙක්. ඒ කූඩුවේ පතුලේ තිබුණේ වැලි.ඒක දැක්කා විතරයි මට වැලි කන්න ආසාවක් ඇති වුනා.ආසාව නිසාම මමත් කාලා බැලූවා.එතකොට තමයි

අර දිවට දැනුනු අමුත්ත නැතිවෙලා ගියේ‘‘ කෙලී කියන්නීය.

ඉස්පන්ජි කෑම ඇරඹි ඇත්තේ නාන කාමරයේදීය.නානකාමරයේදී එහි තිබූ ඉස්පන්ජියක් කෑමට තමන්ට ආසාවක් ඇති වූ බවත් ඉස්පන්ජියක් කා බලන තෙක් තම සිතට කිසිදු සහනයක් තිබුණේ නැති බවත් ඇය පවසන්නීය.

ගර්භණි සමයේ ඇය යන යන තැන මේ අමුතු ආහාර වේලද ඇය රැගෙන යන්නීය.තමන් දිනකට ඉස්පන්ජි මල්ලක්ම පාහේ අනුභව කරන බව ඇය කියන්නීය.වැලි තට්ටු කිහිපයක් දමා සැන්විචස් ලෙස සැකසූ ඉස්පන්ජි මේ දිනවල තම පි‍්‍රයතම ආහාරය බව ඇය පවසන්නීය.

වෛද්‍යවරුන්ට අනුව කෙලීට ඇත්තේ විරල ගණයේ ආහාර පුරුද්දකි.මෙම පුරුද්ද කෑමට නුසුදුසු දේවල් අනුභව කිරීමට අදාළ පුද්ගලයා පොළඹවන බව සදහන්ය.

දරු උපතින් පසු තම සාමාන්‍ය ආහාර රටාවට හුරු වන කෙලී ගර්භණී සමයේ තම අමුතු ආහාර වේල නිසා මෙතෙක් තමන්ට කිසිදු ආකාරයක හානියක් සිදුව නැතැයි කියන්නීය.

 



අදහස් (0)

මෙහෙව් දොළ දුකක්

සරත් Wednesday, 21 August 2013 12:07 PM

අනුන්ගේ අවධානය ගන්න කියන්න බැහැ,ඔය විකෘති ආශාවන් ඇතිවීම සුලබ දෙයක්. මා දන්නා ලංකාවේ කෙනෙකුට සිගරට් ෆිල්ටර් කන්න ආසාවක් ඇතිවෙලා තිබුනා. (නි)

:       0       0

චන්දි Wednesday, 21 August 2013 12:56 AM

මේක නම් මහා පුදුම දොළදුකක්නේ !!!! (නි)

:       0       0

චතුර Wednesday, 21 August 2013 07:22 PM

එහෙමත් බෑනේ අමර, දැන් වැලි කියුබ් එකක් රුපියල් දහදාහක්නේ?(අ)

:       0       0

සිසිල් Wednesday, 21 August 2013 03:31 AM

මමත් අවුරුදු 20 විතර දැන් මෙහෙ ඉන්නේ.සුද්දෝ හරිම කැමැතියි අනුන්ගේ අවධානය ලබාගන්න. අනික මහා ඔලුව ඉදිමිච්ච ජාතියක්. ඕවා විශ්වාස කරන්න එපා. (නි)

:       0       0

අමර Wednesday, 21 August 2013 01:17 PM

මේ කෑම වට්ටෝරුව ලංකාවට ගොඩක් වටිනවා අනාගතේදී. දැන් බඩු මිලේ හැටියට.(ස)

:       0       0

ඉන්දු Wednesday, 21 August 2013 04:54 AM

පෙනුමේ හැටියට නම් ස්පන්ජි සහ වැලි කෑම හොඳයි වගේ. (නි)

:       0       0

සංජු Wednesday, 21 August 2013 06:49 AM

මම හිතන විදියට ඔබ පෙර ආත්මයක කරපු පවක්.මේ ආත්මයේ ඔබ ගෙවන්නේ එම කර්මයයි. එම නිසා ඔබ දැහැමි දිවියකට යොමු වීම ඉතා වැදගත් යැයි මට හිතේ. (නි)

:       0       0

ශානුක ප්‍රියන්ත Wednesday, 21 August 2013 09:19 AM

මෙයාලට ඕනේ මොනවා හරි වෙනස් දෙයක් කරලා අනික් අයගේ අවධානය දිනාගන්න.(අ)

:       0       0

මහින්ද Wednesday, 21 August 2013 10:44 AM

මෙයාට පිස්සුද මන්දා? (නි)

:       0       0

ශාන් Tuesday, 20 August 2013 08:26 PM

ඊයා.... (නි)

:       0       0

චමත් Tuesday, 20 August 2013 08:35 PM

මාර පුදුම කතාවක්නේ? කන වැලි දිරවන්නේ කොහොමද? (නි)

:       0       0

මාධවී Thursday, 22 August 2013 07:59 AM

ඔලුව ඉදිමිච්ච සුද්දෝ ඉන්නේ බ්‍රිතාන්‍යයේ විතරක් වෙන්න ඇති. ඒකනේ අනෙක් කට්ටියට දෙවන පුරවැසියෝ හැටියට සළකන්නේ.අනෙක් රටවල සුද්දන්ට ඔය අමාරුව නැහැ.හදිස්සියක් කරදරයක් වුනහම අපේ කට්ටියගේ නැති සමීපකමක් මේ අයට තියෙනවා. (නි)

:       0       0

දිවි Wednesday, 21 August 2013 12:03 PM

ඊයා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 109 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 84 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 127 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 43 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 45 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 465 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site