ඉංජිනේරුවකු වූ ටාල් ගොලස්වර්ති උපතින්ම හෘද රෝගියෙකි. පදිංචිය බෙල්ජියමේ ය. වෛද්‍යවරුන් කියා සිටියේ ඊට හේතුව ජානමය බලපෑමක් බවයි. ඔහුගේ මහ ධමනිය ප්‍රසාරණය හෙවත් ටිකෙන් ටික විශාල වෙමින් තිබිණි. මේ රෝගය හේතුවෙන් ඔහුගේ රුධිරය දියරමය තත්ත්වයෙන් තබා ගැනීමට මුළු ජීවිත කාලය ම ඖෂධ ලබාගැනීමට සිදුව තිබිණි.
වෛද්‍ය විද්‍යාව නොදත් හෙතෙම සිය ඉංජිනේරු දැනුම උපයෝගී කැර ගනිමින් හදවතට අවශ්‍ය උපකරණයක් නිපදවූයේය. ඒ දැල් සහිත පොලියෙස්ටර් වැස්මකි. මේ උපාගය යොදා සිය මහ ධමනිය ප්‍රසාරණය වීම වැළැක්විය හැකිවන බවත් මහ ධමනිය එයින් ආවරණය කරන ලෙසත් ඔහු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ටාල් ගේ පෙරැත්ත කිරීම අවසානයේ වෛද්‍යවරු පිළිගත්හ. ශල්‍යකර්මය සිදුකැරිණි. දැන් ටාල් සුවය ලබා ඇත. ඔහුගේ මහ ධමනිය ප්‍රසාරණය වීම ද නැවතී තිබේ. වෛද්‍යවරු පවසන්නේ මේ ඉංජිනේරුවා සෑදූ උපකරණය හදවතේ මහ ධමනිය ප්‍රසාරණය වීමේ මාරාන්තික රෝගයට ගොදුරුවී සිටිනි රෝගීන්ට සුදුසු ප්‍රතිකර්මයක් බවයි. වෛද්‍යවරු එම උපකරණය යොදා වයස අවුරුදු 16 ක් තරුණයකු ඇතුළු 40 දෙනකු දැනටමත් සුවපත් කළ බව වෛද්‍යවරු කියති.
මේ උපකරණය ගැන තොරතුරු පවසන ගොලස්වර්ති ලොව පුරා ශල්‍යවෛද්‍යවරුන්ට මෙහි සාර්ථකත්වය දැනුම් දෙමින් සිටියි. බ්‍රිතාන්‍යයෙන් පමණක් ජානමය හේතූන් නිසා අසාමාන්‍ය ලෙස අස්ථි වැඩීම සමහ පටක වර්ධනය වන රෝගීන් 12,000 ට වැඩි පිරිසක් සිටින බව එරට සංඛ්‍යාලේඛණ පෙන්වාදෙයි.
සාමාන්‍යයෙන් මහ ධමනියේ අගල් එකහමාරක් පමණ විශ්කම්භයකින් යුක්තය. රෝගය හේතුවෙන් එය අගල් හතරක් පමණ පළල්වේ. එවිට මහ ධමනිය පුපුරා යාමෙන් හා රුධිරයේ දියරමය ස්වභාවය අඩු විමෙන් මරණය සිදුවේ. මෙවැනි රෝගීන්ගේ මහ ධමනියේ ප්‍රමාණය ස්කැන් පරික්ෂාවකින් තීරණය කැර රෝගියාට අවශ්‍ය පරිදි මේ උපාංගය නිර්මාණය කරයි. එලෙස සාදන උපකරණය සැත්කම මගින් මහ ධමනියට සවිකැර පුතිසංස්කරණය කරයි. මහ ධමනිය දුර්වල විමට පෙර මෙම සැත්කම කිරීම අත්‍යාවශ්‍ය කරැණකි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහා ධමනිය හීන් කරන මැෂිමක් එයි
චානක Sunday, 24 November 2013 08:32 AM
අපේ අය කෙරුවොත් ඔහොම තමයි ඉතින්.(නදී)
ජෝස් Saturday, 23 November 2013 04:52 PM
බෙල්ජියම කියන රට තම ලෝකේ බොහෝ දේවල් ඉක්මනට හොයා ගන්නේ,මෙම රටේ තම මිනිසුන්ට මැරෙන්න ඕනෙනම් එයාලට එක තීරණය කරන පුළුවන්,නමුත් එයට කීප දෙනෙකුගේ අවසරය අවශ්‍ය වෙනවා,හොද කල නොහෙකි රෝගයක් වැනි අවස්ථා වලදී,(ස)
නිමල් Sunday, 24 November 2013 11:58 PM
මරුනේ, ලොකු වෙනවට ටොප් වැඩක් තමයි. (නදී)
නීලා Sunday, 24 November 2013 10:29 AM
වෛද්‍ය විද්‍යාවේ නිෂ්පාදන ඉන්ජිනේරුවන්ගෙන්. නමුත් ආදායම වෛද්‍යවරුන්ට.(නදී)
චන්දි Sunday, 24 November 2013 10:55 AM
කොච්චර වටිනා වැඩක්ද? දොන් සේතන්, හංගලම තියන්න ඕන නැහැ අහු වුනත් ඇප මත ඉක්මනින් නිදහස් වෙන රටකනේ අපි ඉන්නේ (නදී)
දියෝ Sunday, 24 November 2013 10:57 AM
තුවාලේ තියෙන කෙනා තමයි වේදනාව දන්නේ. දීර්ගායුෂ ලැබේවා.(නදී)
ස්වර්ණසිංහ Saturday, 23 November 2013 11:07 AM
අසරණ රෝගීන්ට හොද ආරංචියක්(නදී)
ප්‍රී Saturday, 23 November 2013 11:16 AM
ඉතා වටිනා වැඩක්. ඔබ අමරණිය පුද්ගලයෙක්. සුබ පැතුම්(නදී)
ඉරේෂ් සුහද කුමාර Saturday, 23 November 2013 11:58 AM
හරි විශිෂ්ට වැඩක් ,අගය කරනවා .(නදී)
නිල් Sunday, 24 November 2013 07:29 PM
ඉස්සරහට ලෙඩ්ඩුන්ටම තමයි මැෂින් හදා ගන්න වෙන්නේ. (නදී)
නිමල් Saturday, 23 November 2013 12:31 PM
හරිම පින්. ඔබට දීරුඝායුෂ පතමි. ලෝකෙට වැඩක් කරනවා කියන්නේ මේ වගේ දේවලටයි.(නදී)
විජේ Saturday, 23 November 2013 01:50 PM
ඇත්තටම හරිම විශිෂ්ඨයි, අමරණීයයි.(නදී)
කුමාර Saturday, 23 November 2013 02:17 PM
බොහොම හොද වැඩක්. හැබැයි අනුරාධපුරේ ඉන්නවා ඇට කලි පස්සන සිංහල වෙදමහත්වරු. අයි මේම වෙදකම ලෝකයට ප්‍රසිද්ද කරන්නේ නැත්තේ ! ඇස්ගෙඩි වලට හෙගහලද බලදරයන්ගේ.... ! (අ)
රෝයි Saturday, 23 November 2013 02:36 PM
ඕක කවදාවත් හරි යන්නේ නැහැ (නදී)
දොන්සේතං Sunday, 24 November 2013 02:33 AM
අපිත් හැදුවා පෙරන මැෂිමක්. ඒක බලන්න කවුරුත් එන්නෙ නැහැනේ. ආවොත් එන්නේ පොලිසියනේ. ඒ හන්දා ඒකත් හංගලා තියෙන්නේ. (නි)
පිටබැද්දර ජයා Sunday, 24 November 2013 06:45 AM
දොන් සේතන් , මැෂිම විතරක් හංගලා මදි මනුස්සයෝ බැරල් ටිකත් එක්කම හංගනවා.(නදී)