ආර්ථික ලිහිල්කරණය හා වෙළෙඳපොළ හැසිරීමට නීති රීති නොපැමිණවීම ආර්ථික සමෘද්ධියට හේතු වන බව බටහිර මුල්‍ය ආයතන හා ආර්ථික උපදේශකයන් දේශනා කළත් යථාර්ථය එසේ නොවන බව දැනට දිග හැරෙමින් පවතින ලිබොර්(Libor) වංචාවෙන් පෙනේ. කෙටි කාලීන ණය පිළිබඳ පොලී අනුපාතය තීරණය කරන ලන්ඩනයේ බාර්ක්ලේ බැංකුව ඊට පදනම් කර ගන්නේ ලොව විශාලතම බැංකු 20 කින් සපයන දත්තය. මෙම දත්ත සැබැවින්ම ණය සඳහා ඇති ඉල්ලූම අනුව තීරණය වන්නේය යන පදනම් අනුව බාර්ක්ලේ බැංකුව ප‍්‍රකාශයට පත් කරන පොලී අනුපාතය එක්සත් ජනපදය ඇතුළු ප‍්‍රධාන ආර්තික සිය දෛනික පොලී අනුපාතය නියම කිරීමට යොදා ගනී. එහෙත් දැනට හෙළි වී ඇති තොරතුරු අනුව ප‍්‍රධාන බැංකු 20 කින් සපයන දත්ත ඇත්ත වශයෙන්ම පවතින පොලී අනුපාත නොවේ. ඒ වෙනුවට එම බැංකුවලට අභිමත පොලී අනුපාත ලිබොර් (London lnter Bank Offered Rate)අනුපාතය ලෙස ඉදිරිපත් කිරීමෙන් ලොව විවිධ ගනුදෙනු සඳහා යොදාගෙන ඇත්තේ සාවද්‍ය අනුපාතයකි. සමහර නිරීක්‍ෂකයන් සඳහන් කරන ආකාරයට 2008 වෝල් ස්ටී‍්‍රට් මුල්‍ය වෙළෙඳ පොළ කඩා වැටීමට හේතුවන්නේ මෙසේ ක‍්‍රියාත්මක කළ හිතුවක්කාර පොලි අනුපාතය. වසර 2007 සිටම ක‍්‍රියාත්මක වූයේ යැයි සැලකෙන මෙම මුල්‍ය වංචාව නිසා විවිධ ගනුදෙනුකරුවන්ගෙන් වංචා සහගතව අත්කර ගෙන ඇති මුදල් ප‍්‍රමාණය ටි‍්‍රලියන 300 කටත් වඩා අධික යැයි සමහර වාර්තාවල සඳහන් වේ. ඇත්තෙන්ම මෙම ගනුදෙනු ප‍්‍රසිද්ධ සාකච්ඡාවට ලක් වූයේ බි‍්‍රතාන්‍ය මුල්‍ය සේවය(British Finance Service)විසින් වෙළඳ පොළ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් බාර්ක්ලේ බැංකුවට ඩොලර් දශලක්‍ෂ 453 ක දඩයක් නියම කිරීමත් සමඟය. ඉන්පසුව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විමර්ශන කොමිටියක් මගින් සාක්‍ෂි කැඳවා ඇති අතර මෙම දුෂණයට බි‍්‍රතාන්‍යයේ මධ්‍යම බැංකුව වශයෙන් හැඳින්වෙන එංගලන්ත බැංකුවේ ඉහළම නිලධාරින් මෙන්ම දේශපාලකයන්ද හවුල් වී ඇති බවට තොරතුරු හෙළි වී ඇත. එහෙත් වැදගත්ම කාරණය වන්නේ ලෝක ආර්ථික තත්ත්වයම අස්ථාවර කරන (අලූත්ම වාර්තා අනුව ලෝක තෙල් වෙළඳපොළ මිල තීරණය කිරීමට ද මෙම සාවද්‍ය පොලී අනුපාත බලපා ඇත) මෙම වැරදි ක‍්‍රියාව සාපරාධී අපරාධයක් නොවීමය. ඒ වෙනුවට සිදුව ඇත්තේ පොලී අනුපාත තමන්ට අවශ්‍ය සේ සකස් කිරීමේ තීරණය ගත් නිලධාරීන්ට ඉහළම වැටුප් හා දීමනා ලබා දීමය. බාර්ක්ලේ බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරි රොබට් ඩයමන්ඞ් 2005 සිට මේ දක්වා ගෙවා ඇති දීමනා ප‍්‍රමාණය ඩොලර් දශලක්‍ෂ 311.7 කි. මෙම සිද්ධිය හෙළිවීමෙන් පසු සිය තනතුරෙන් ඉල්ලා අස් වූ ඔහුට ඩොලර් දශලක්‍ෂ 39 ක විශේෂ දීමනාවක් ලබා දී ඇත. ලෝකයේ මුල්‍ය වෙළෙඳපොළ සිදු වෙමින් පවතින දුෂණ කටයුතුවලට තවත් නිදර්ශනයක් වන්නේ වත්කම් අනුව එක්සත් ජනපදයේ විශාලතම බැංකුව වශයෙන් හැඳින්වෙන ජේ.පී මෝර්ගන් බැංකුව සිය මුදල් තත්ත්වය ගැන සාවද්‍ය වාර්තා ඉදිරිපත් කළ බව පිළිගැනීමෙනි. පසුගිය සති අන්තයේ නිකුත් කළ වාර්තාවක් අනුව ජේ.පී. මෝර්ගන් බැංකුව ඩිරයිවේටිව්ස් (Derivatives) නමින් හැඳින්වෙන ආයෝජනවලින් ලත් පාඩුව ඩොලර් දශලක්‍ෂ 5.8 කින් අඩුකොට දක්වා ඇත. සැබෑ පාඩුව මෝර්ගන් බැංකුව පසුගිය මැයි මාසයේදී ප‍්‍රකාශයට පත් කළ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකින් වැඩිය. මෙම වැරදි හෙළි වීමෙන් පසු ප‍්‍රධාන විධායක නිලධාරි ජේමී සිමොන් සිය තනතුරෙන් ඉවත් වූයේ ඩොලර් දශලක්‍ෂ 23 ක දීමනාවක් ලබා ගනිමිනි. එය ඊට පෙර වසර හා සසඳන විට සියයට 11 ක වැඩි වීමකි. මින් පැහැදිලිවන වැදගත්ම කාරණය වන්නේ ලොව විශාලතම බැංකු හා මූල්‍ය ආයතන හිතුවක්කාර ලෙස නියම කරන පොලී අනුපාත නිසා ලොව කෝටි සංඛ්‍යාත ජනතාවකගේ ජනජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වී යෑමය. එය එක්සත් ජනපදයේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකට උගස්කර මත ලබාගත් නිවාස අහිමි වීමෙන්ද ඉන්පසු ආර්ථිකය බිඳ වැටීමෙන් රැුකියා අහිමි වීමෙන්ද ප‍්‍රකාශයට පත්විය. යුරෝපා සංගමයේ මෙම අර්බුදය ප‍්‍රකාශයට පත් වූයේ රාජ්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවීමෙනි. අයර්ලන්තයෙන් හටගත් මෙම අර්බුදකාරී තත්ත්වය ගී‍්‍රසිය පෘතුගාලය ඉතාලිය හා ස්පාක්‍ඳ්ක්‍ඳය වැනි රටවලට ද පැතිරිණි ඊට විසඳුම් වශයෙන් යෝජනා වූයේ රාජ්‍ය වියදම කපා හැරීමටය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වැටුප් ලබන සේවකයන්ට සිය ජිවිතය පවත්වාගෙන යා නොහැකි තත්ත්වය උදාවිය. එහෙත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය කළ මහා බැංකුවලට කිසිම දඬුවමක් නියම වන්නේ නැත. ඒ වෙනුවට ණය අර්බුදය නිසා බංකොලොත් වීමට ආසන්න බැංකු මහජන මුදල් වැයකොට ඉන් ගලවා ගනී එහිදී වෙළඳපොළ න්‍යාය ක‍්‍රියාත්මක වන්නේ නැත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහ බැංකු නූල් බෝලයේ පැටලූණු ලෝක ආර්ථිකය
වසන්ත අම්පාර - චම්පික උහන Sunday, 22 July 2012 12:40 PM
ගුරුන්ටත් අකුරු වරදිනව කියන්නේ ඒකෙනේ.