IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මාළු කෑවොත් මොළේ වැඩිවෙයි

සතියකට වරක් සිය කෑම වේලට මාළු එක්කැර ගැනීමෙන් මොළයේ සෞඛ්‍ය තත්වය වර්ධනය වන බව නව අධ්‍යනයකින් අනාවරණය වි තිබේ. තම්බා හෝ පුළුස්සා ආහාරයට ගැනීම වඩාත් සුදුසු බව ද ඔවුන් පවසයි.

මෙම පර්යේෂණයට පෙර විද්‍යාඥයන් සිතා සිටියේ මාළු හා ධාන්‍යවල අඩංගු ඔක්සිකාරක නොවන ඔමෙගා තුන හේතුවෙන් මොළයේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වන බවයි. මාළු කෑමෙන් මොළයේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වන්නේ ඔමෙගා ප්‍රමාණය හා සම්බන්ධයක් නොමැතිව බව ද මේ පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එමෙන් ම මාළු ආහාරයට ගැනිම මගින් සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩියෙන් ලැබෙන බව ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

වයස්ගත අයගේ පෙනීම දුර්වල නොවී තබා ගැනීමට ද මතස්‍ය තෙල් ප්‍රයෝජනවත් වේ.

පර්යේෂණය සිදුකළ ආචාර්ය කිප් කෝර්නර් පවසන්නේ මාළු කෑමට එක්කැරගැනීමෙන් ලැබෙන පෝෂණය පෙනීම ආරක්ෂාකිරීමට ප්‍රමාණවත් ද යන්න කිව නොහැකි බවයි. මෙම අධ්‍යනයේ ප්‍රධානි පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් බිකර් පවසන්නේ තම මාළු ආහාරයට ගැනීමෙන් මොලයේ මතකය සහ දැනීම ඇති කරණු ලබන ප්‍රදේශ පුළුල් වන බවයි.

විද්‍යාඥයින්ගේ ගණනයට අනුව වර්ෂ 2040 වන විට වැඩිහිටි වයසේ දි මතකය නැති විමේ රෝගය වැළදීමට හැකි පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 800ක් දක්වා වැඩිවීමට නියමිතය. මේ සඳහා මාළු කෑමට ගැනීම හොඳ පිළියමක් බව පර්යේෂකයෝ පෙන්වාදෙති.

baked 1 - Copy baked 2 baked 3



අදහස් (0)

මාළු කෑවොත් මොළේ වැඩිවෙයි

ප්‍රශාන්ත Friday, 08 August 2014 06:14 AM

කළුතර ඇමතිලා සෙට් එක දැක්කම එ් බව පේනවා (නදී)

:       0       0

කරුණාජීව Thursday, 07 August 2014 08:32 AM

බන්දුල පෙරේරාට කියන්න ඕනේ හැමදාම මාළු කන්න කියලා.බලමුකෝ, එහෙමවත් මොලේ පැදෙයිද කියලා......දැන් නම් මතකය නැත්තටම නැති වෙලා තියෙන්නේ..... (දී)

:       0       0

සිල්වා Thursday, 07 August 2014 08:34 AM

ලෝකේ වැඩියෙන්ම මාළු අනුබව කරන රට ජපානයයි !! ඔහුන්ගේ නිර්මාණ හැකියාවන් වැඩිවෙමට හේතුව අයඩින් මිශ්‍ර මහුදු අහර වැඩියෙන් ගැනීම බව විද්වතුන්ගේ මතයි !!(දී)

:       0       0

සුසිල් Thursday, 07 August 2014 08:39 AM

කුකුල්මස් හරක්මස් උෟරු මස් කෑවම වෙන්නේ තෙල් වැඩිවෙලා ලෙඩ වැඩි වෙන එක. කොල්ස්රෝල් හැදෙන්න ප්‍රදාන හේතුව මේ දේවල් ආහාරයට ගැනීම (නදී)

:       0       0

විමල් Thursday, 07 August 2014 08:41 AM

මොළයක් තියේන ම් තවත් අහිංසක සතකුගෙ මාළු කන්නෙ නෑ ඉතින් වැඩෙන්න මොළයක් නෑනෙ(නදී)

:       0       0

චානුක Thursday, 07 August 2014 05:16 PM

අපි හැමදාම තුන්වේලටම මාළු කනවා. (නි)

:       0       0

අසිත ලියනගේ. Thursday, 07 August 2014 08:59 AM

කතාව ඇත්ත වෙන්න පුලුවන්.මේ කොරියවෙත් මිනිස්සු ගොඩක් මාළු කනවා.එයාලට නිර්මාණ හැකියාව,මතක ශක්තිය හා ශරිර ශක්තිය ගොඩක් වැඩියි.මෙයාල තෝරා වගේ මාළු ජාතියක් අමුවෙන් සෝස් ගාගෙන කනවා හරි රසයි.ලන්කිකයොත් දැන් ගොඩක් ඒක කනවා. (දී)

:       0       0

චානුක ප්‍රේමතිලක Friday, 08 August 2014 04:48 PM

මේ කියන කතාව බොරුවක් නෙවෙයි. ජපානය, කොරියාව වගේ රටවල් මේකට හොඳම උදාහරණ. එච්චර එහාට යන්න ඕනත් නැහැ. අපේ රටේම උදාහරණ තියනවා. අපේ රටේ මුහුදුකරයේ ජීවත්වන ජනතාවගේ බුද්ධිබලය රට අභ්‍යන්තරයේ ජීවත් වන ජනතාවට වඩා ගොඩක් ඉහලයි. එකට හේතුව අයඩින් මිශ්‍ර මුහුදු මාළු වර්ග ඔවුන් නිරන්තරයෙන් අනුභව කිරීම මගින් ශරීරයට ලැබෙන මුහුදු මාළු වල පමණක්ම විශේෂයෙන් අඩංගු වෙලා තියන ඛණිජ වර්ග සහ මුහුදු මාළුවල අඩංගු මේදය. මතක ශක්තිය වර්ධනයට මාළු තෙල් විශාල වශයෙන් උපකාරී වෙනවා. මතක ශක්තිය අඩුවීමේ රෝගවලට වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන්ම නිර්දේෂ කරන බෙහෙතක් තමා මේ මාළු තෙල් කියන්නේ. (අ)

:       0       0

ඉසුරන්දි Thursday, 07 August 2014 05:04 AM

අපේ රටේ උදවිය මාළු කන තරමට ගොඩක් හොදයි එහෙනම්..(අ)

:       0       0

මොහාන් usa Thursday, 07 August 2014 05:20 AM

දැන් මාළු කන්ඩ බැහැ මගේ නෝනා කියනවා හරි ගණන් කියාමොනා කරන්ඩද ඔහොම ඉමු. අැස් දෙක පේන්නේ නැති උනොත් පාරේ ඉදන් හොද ගානක් හොයා ගන්ඩ පුළුවන්. (අ)

:       0       0

අබේරත්න Thursday, 07 August 2014 12:03 PM

ඒත් මේවා කන්න සල්ලිත් එපැයි (නි)

:       0       0

සුජිත් Thursday, 07 August 2014 12:05 PM

අසිත, කොරියන් මිනිස්සු බල්ලන්, ගැරඬි, කබරයින් එහෙමත් කනවා. අමුවෙන් කෑම හානිකර වෙන්න පුළුවන්. පිසීම නිසා පෝෂණයේ සුළු අඩුවක් වුණාට බොහෝ අහිතකර රසායනික වියෝජනය වෙලා යනවා. (නි)

:       0       0

ඇසළ Thursday, 07 August 2014 05:38 AM

මුදු මාළු කන්න පුළුවන් ඇත්තන්ට හොදයි, අපිට කන්න වෙන්නේ අපේ මාළුම තමයි දැන් මාළුවල ගානේ හැටියට (අ)

:       0       0

අනෝමා Thursday, 07 August 2014 06:04 AM

සත්තු මරාගෙන කෑවහම මොලේ වැඩෙනවද (දී)

:       0       0

ආශු Friday, 08 August 2014 02:50 AM

අපේ රටේ හැමදාම තුන්වේලට මාළු කන අය මන් දැකල තියනව එත් ඔය කියන විදියට මොලේ වර්දනය වීමක් වෙනවා ද කියන එක ප්‍රශ්නයක්.... ?? (දී)

:       0       0

ශිලා Thursday, 07 August 2014 06:42 AM

බෞධයින්ට මොන මාළුද බොලවූ... (දී)

:       0       0

සිල්වා . Thursday, 07 August 2014 06:43 AM

ප්‍රෝටීන් වැඩියෙන් ගන්න ඕනේ (දී)

:       0       0

සේන Thursday, 07 August 2014 06:42 AM

සත්තු මරන්න එපයි කියල නේද බුදු දහමේ කියන්නේ. කවුරුත් මරාපු සතෙක් කන්න එපා කියල නැහැනේ. (දී)

:       0       0

රුවන් Thursday, 07 August 2014 01:32 PM

අනේ මාළුවා පවු නැද්ද? (නි)

:       0       0

මැක්සි Saturday, 09 August 2014 04:10 PM

ගාණ ඇහුවාම මොලේ විකල් වෙනවා ! (අ)

:       0       0

විමල් Friday, 08 August 2014 03:48 AM

අනේ හේවාවිතාරණ මහත්මය පව්කාරයෙක් වුනාට අපි ඒව කරන්නෙ නෑ. මොළේ තරම හිතාගත්තැකි . තමුන්ගෙ මොළේ තියේද බලන්න අහිංසක සතකුගෙ ජීවිතේ අනුභව කරන්නේ ඇයි. (අ)

:       0       0

බුද්ධික Friday, 08 August 2014 03:52 AM

එතකොට, මාළු අල්ලන හා කන මිනිස්සුන්ගේ මොලේ කොහොමට තියෙන්න ඕනද? (අ)

:       0       0

අසේල Thursday, 07 August 2014 01:41 PM

අනෝමා ඔයාට ඇග තිබ්බට මොලේ නැහැ (නදී)

:       0       0

සම්පත් Thursday, 07 August 2014 07:08 AM

දවස් දෙකකට සැරයක්වත් ලංකාවේ කට්ටිය මාළු කනවනේ. (දී)

:       0       0

හේවාවිතාරණ Thursday, 07 August 2014 02:13 PM

මේක මහා පුදුම වැඩක්නේ අපේ සීයල අපිට මේවා කියා දුන්නේ (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 07 August 2014 02:14 PM

අනෝමා හරියට මාලු කන්නේ නැතුව වගේ කතා කරන්නේ (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 07 August 2014 02:16 PM

කාගේද ? විමල්ගේ මොලේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 294 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 237 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 653 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 90 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 93 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 522 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2161 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site