IMG-LOGO

2024 ඔක්තෝබර් මස 31 වන බ්‍රහස්පතින්දා


මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඔහුගේ ගම් පළාත වන ඩෙලවෙයාර් ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් මිනිත්තු 40 ක් පෝලිමේ සිට, සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් 5 වැනිදාය. ඊට පෙර, වේලාසනින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනපද මට්ටමින්, ඇමෙරිකන් වැසියන්ට අවස්ථාව උදා වෙයි.

බයිඩන්, නිව් කාසල් නගරයේ ඡන්ද මධ්‍යස්ථානයට ගියේ ඒ අනුවය.

ජනාධිපති ආරක්ෂක නිලධාරීන් බයිඩන්ට ආරක්ෂාව ලබා දුන් අතර, 81 හැවිරිදි බයිඩන් පෝලිමේ ඔහුට ඉදිරියෙන් රෝද පුටුවකින් පැමිණ සිටි වැඩිහිටි කාන්තාවකට සහාය දැක්වීමට ද අමතක නොකළේය.

මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප අගමැතිනී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්ය. 
ජනමත සමීක්ෂණ අනුව, දෙදෙනා අතරේ තියුණු සටනක් පැවැත් වෙනු ඇතැයි ද පැවැසෙයි.

කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේ ද බයිඩන්ය. ඒ, පසුගිය ජූලි මාසයේ බයිඩන්, ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වීමෙන් පසුවය. බයිඩන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වූයේ ඔහුගේ වයස ඔහුට බාධාවක් වූ බැවිනි.



අදහස් (1)

මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා

Kaluwithana Wednesday, 30 October 2024 09:04 AM

මූ තමයි ලෝකෙම කාලකන්නි කරපු ලොන්තයා. යුක්‍රේන යුද්ධෙ පටන් ගත්තෙ මූ තමයි. ඒක නිසා තමයි අර ඊස්‍රායලෙයි පලස්තීනෙත් අහිංසක මිනිස්සු මලේ. ආපහු ට්‍රම්ප් ආවොත් කාලයක් යුද්ධ නැතුව තියෙයි. නැත්තන් ඉතින් සොරිම තමයි.

:       12       52

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මිනිත්තු 40 ක් පෝලිමේ ඉදලා බයිඩන් ඡන්දය දාලා
2024 ඔක්තෝබර් මස 30 1734 1

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.


ඔස්ට්‍රියාවේ නගරාධිපතිවරයෙක් ඝාතනය කෙරේ
2024 ඔක්තෝබර් මස 29 201 0

ඔස්ට්‍රියාවේ කින්ච්බර්ග් දෙර් දෝනේ නමැති උතුරු දෙසින් පිහිටි කුඩා නගරයේ නගරාධිපති වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කළ බව එරට ප


කාන්තාවෝ තිදෙනෙක් උඩ යවන්න චීනය සූාදනම්
2024 ඔක්තෝබර් මස 29 114 0

චීනය පෘථිවි කක්ෂයේ එකලැස් කරමින් සිටින ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නව ඉදිකිරීම් කටයුතු සඳහා මීළඟට යැවෙන්නේ කාන්තා ගගනගාමී ඉන්ජිනේරුවන් තිද


පලස්තීනයට ටොන් 30 ක ඖෂධ
2024 ඔක්තෝබර් මස 29 84 0

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වුණු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ටොන් 30 කට වැඩි අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් යැවීමට ඉන්දීය රජය පියවර ගත්තේය.


මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා
2024 ඔක්තෝබර් මස 29 1747 1

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය


හිස්බුල්ලා නව නායකයා ෂෙයික් නායිම් කසීම්
2024 ඔක්තෝබර් මස 29 1479 2

ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 627 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site