ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දින 15 ඇතුළත සිදුවෙයි. වතිකානය යනු ලොව කුඩාම රාජ්‍යය වන අතර මෙය රා්මයේ පිහිටා ඇත. වතිකානයේ ප්‍රධානියා වන්නේ පාප්තුමන්ය.
88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථ වීමෙන් පසු මේ වනවිට වතිකානයේ පවතින්නේ අන්තර්වාර පාලනයකි. නව පාප්තුමකු තෝරා පත් කර ගන්නා තෙක් වැඩ බලන ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කාදිනල් කෙවින් ෆැරල් පියතුමාය.
නව පාප්තුමා තෝරා ගැනීම ඡන්ද විමසුමකින් සිදුවනු ඇති අතර එම ඡන්ද විමසුමට දායක වන්නේ, ලොව පුරා සිටින කාදිනල්වරුන් 253 දෙනාය. මෙම කාදිනල්වරුන්, නැතිනම් අපේක්ෂකයන් අතරේ පැවැත්වෙන ඡන්ද විමසුම ‘කොන්ක්ලේව්’ ලෙස හැඳින්වෙයි. ඡන්ද විමසුම, සිස්ටයින් දේවස්ථානයේ සිදු කෙරෙනු ඇත. වයස අවුරුදු 80 වැඩි කාදිනල්වරුන්ට පාප් ධුරයට ඉදිරිපත් විය නොහැකි නමුත්, නව පාප්වරයකු තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළ හැකිය. පාප් ධුරයට තෝරා ගැනෙන්නේ අවුරුදු 80 අඩු කාදිනල්වරුන්ගෙන් කෙනෙකි.
එම කාදිනල්වරුන් අතරින්, මීළඟ පාප්තුමන් කවුරුන්දැයි යන්න කිසිසේත් කල්තියා පැවැසිය නොහැකි නමුත්, අනුමාන කිරීම් කළ හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.
මීළඟ පාප් ධුරයට සුදුසු යැයි අනුමාන කරමින් කාදිනල්වරුන් කීප දෙනකු ගැන විස්තර මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ පළ වෙයි. ඒ අතරින් ඉදිරියෙන් සිටින්නේ 70 හැවිරිදි ඉතාලි ජාතික කාදිනල් පියෙට්‍රෝ පැරොලින්ය. පැරොලින්, වතිකානයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස මේ වනවිට කටයුතු කරයි. පැරොලින්, පසුගිය වසර 11 පුරා එම තනතුරේ සේවය කර ඇති අතර, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගත් අයකු බව ද පැවැසෙයි.
මැඩගස්කරයේ 65 හැවිරිදි ෆිඩොලින් ඇම්බොන්ගෝ බෙසුන්ගු, අප්‍රිකාවේ සහ මැඩගස්කරයේ එපිස්කෝපල් සම්මේලන සම්මන්ත්‍රණය නියෝජනය කරයි. මොහු කතෝලික පල්ලියේ වඩාත් ගතානුගතික හඬ බව පැවැසෙයි.
පිලිපීන ජාතික 67 හැවිරිදි ලුයිස් ඇන්ටෝනියෝ ටැගල් ද පාප් ධුරයට සුදුසු අයකු බව පැවැසෙයි. මොහු වතිකානයේ විවිධ භූමිකාවන් ඉටු කරන කැපී පෙනෙන චරිතයකි. ඇමෙරිකන් කාදිනල් 76 හැවිරිදි රේමන්ඩ් බර්ක් ද පාප් ධුරයට සුදුසු තැනැත්තකු බව පැවැසෙයි. මොහු ගතානුගතික අදහස් ඇති අයෙකි.
(ද ගාඩියන් ඇසුරිනි)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මීළග පාප්තුමා ගැන ඉගියක්