IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මෝදි ඇමෙරිකාවේ

තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.

බයිඩන්ගේ ධුර කාලය මෙම වසරේ අවසන් වන බැවින්, බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස මෝදි හමුවන අවසන් අවස්ථාව මෙයයි. ද්වීපාර්ශ්වීක සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.

ඊට අමතරව රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මැදිහත් වී සිටී. ඒ සම්බන්ධයෙන් ද මෝදි සහ බයිඩන් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.

ඇමෙරිකාවේ ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ටන් නගරයේ පැවැත්වුණු 'සිවු දෙනාගේ හවුල' හෙවත් 'ක්වඩ්ස්' රාජ්‍ය නායක සමුළුවට ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී විය.

විල්මින්ටන් නගරය යනු බයිඩන් උපන් නගරයයි. 'ක්වඩ්ස්' යනු ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය යන රටවල එකමුතුවය. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට අමතරව, ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද සමුළුවට සහභාගී වූහ.

ඇමෙරිකාව මැදිහත් වී, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එක් කර ගනිමින් 'ක්වඩ්ස්' හවුල පිහිටුවා ඇත්තේ ආසියානු කලාපයේ චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණදීමටය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

මෝදි ඇමෙරිකාවේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මෝදි ඇමෙරිකාවේ
2024 සැප්තැම්බර් මස 22 74 0

තෙදින නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත් හරසරින් පිළිගැනීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.


මාලි පොලිස් පුහුණු කඳවුරකට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 22 61 0

අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ බමාකෝ අගනුවර පොලිස් පුහුණු කඳවුරකට සහ ගුවන්තොටුපළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයෝ 70 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ



ගුවන් යානයේ මීයෙක්
2024 සැප්තැම්බර් මස 21 206 0

මීයකු නිසා, ස්කැන්ඩිනේවියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, හදිසි ගොඩබෑමකට ලක් කිරීමට සිදුවුණු බව විදෙස් මාධ්‍ය පවසයි.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 2217 2

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 1723 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14911 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 245 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site