IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


මී මැස්සන්ගෙන් ගිනස් පොතට

චීනයේ මී මැසි පාලනය කරන්නකුවන ෂි පින්ග් (34) සිය සිරුර මී මැස්සන් ලක්ෂ පහකින් පමණ ආවරණය කරගන්නේ පැණි වැඩිපුර විකුණා ගැනීමේ උපක්‍රමයක් වශයෙනි. ඔහු පවසන්නේ මෙතෙක් තමන්ට දෂ්ඨ කැර ඇත්තේ මී මැස්සන් 20ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් බවයි.

‍චීනයේ නිරිත දිග චොං ක්විං  හි වාසය කරණ පින්ග් මෙම දුෂ්කර ක්‍රියාවට මුහුණ පෑම සඳහා තම බිරිඳගේ සහ මී මැසි පාලනයේ යෙදී සිටින අනෙක් මිතුරන්ගේ සහාය ලබාගනී. ඔහුගේ මී මැසි ඇඳුම කිලෝ ග්රූම් 45 ක් එනම් රාත්තල් 100 ක බරකින් යුක්තය.

ඔහු මුල්වරට වයස අවුරුදු 22 දී මෙම ක්‍රියාවට පෙළඹී ඇත්තේ කුතුහලයකින් තොරව  විනෝදාංශයක් ලෙස බවයි. පසුව මී මැසි ඇඳුම හේතුවෙන් වැඩි වැඩියෙන් මී පැණි වෙළඳාම දියුණු වූ බව හෙතෙම පවසයි.

මී මැස්සන් සිය සිරුරේ දවටාගෙන ඔහු විනාඩි 45ක් පමණ ගතකරයි. මේ කාලයේදී ඔහුගේ ශරීරයේ උණුසුම් තත්වයක් ඇතිවී හුස්ම හිරකරණ සහ තැතිගත් ස්වභාවයක් පෙන්නුම් කරණ බවත්, මෙම මි මැසි ඇඳුම ඇඟට පැළඳි විට මී වද 28ක පමණ මැස්සන් ප්‍රමාණයක් තම ශරිරයේ එක්වන බවත් පින්ග් කියයි.

මී මැස්සන් ශරීරයේ තැන්පත් කර ගැනීම ලෝකය පුරා පැතිර ඇති අත්භුත ජනක විනෝදාංශයකි. එය තරඟ ඉසව්වක් ලෙස ද පැවැත්වේ. එහිදී ඇඟේ වසාගන්නා මී මැස්සන් ප්‍රමාණය අනුව ජයග්‍රාහකයා තීරණය වෙයි.

සාමාන්‍යයෙන් මී මැස්සන් තම ශරීරයේ රඳවා ගැනීමට එම තැනැත්තාට හැකි වන්නේ රජ මැස්සිය ශරීරය කිසියම් ස්ථානයක්  තුළ සඟවා තබා ගත් විට පමණක් යැයි මී මැස්සන් ගැන පර්යේෂක හා විද්‍යාඥ ආචාර්ය නොර්මන් ගාරි කියයි. පින්ග්ගේ විශේෂත්වය වන්නේ තම සිරුරේ මී මැස්සන් රඳවා ගැනීමේ හැකියාව ඇති ලොව පුද්ගලයන් අතර සිය මුඛය වටා වැඩිම මී මැස්සන් ප්‍රමාණයක් රඳවා ගැනීම සම්බන්ධයෙන් ඔහු ගිනස් වාර්තා පවා ඇතුලත්ව සිටීමයි.

තම ශරිරයේ වැඩිම මි මැස්සන්  ප්‍රමාණයක් එනම් කිලෝ ග්රූම් 62.1 ක් රාත්තල් 136 ක් රඳවා තබා ගැනීම වෙනුවෙන් ලෝක වාර්තාව උසුලන්නේ චීනයේ රුඅන් ලියංග් මිංග් නමැති අයෙකි.




අදහස් (0)

මී මැස්සන්ගෙන් ගිනස් පොතට

කුමාරසිංහ Monday, 02 June 2014 02:50 PM

මාත් මී මැස්සෝ ඇති කරන්ට ගොඩක් ආසයි. එ්ත් ඒ ගැන වැඩි දැනුමක් නැහැ. දන්නා කෙනෙක් ඉන්නවා නම් දුරකතන අංකය දමන්න.(නදී)

:       0       0

ප්‍රීති Wednesday, 30 April 2014 07:59 PM

අම්මෝ! මී මැස්සෝ වහලා ඉන්න කෙනාව දැක්කහම මම බය වුණා (නි)

:       0       0

පිටිගල Wednesday, 30 April 2014 10:38 PM

මම පාසල් යන කාලයේ සිංහරාජයේ ගල් ගේක ඉඳලා රජ මැස්සි අල්ලලා මගේ අතට දුන්නා අපේ මාමා කෙනෙක්. පස්සේ ඔක්කොම මැස්සෝ මගේ අත වහ ගත්තා. මට බයත් හිතුනා. එහෙත් සැතපුමක් විතර දුර ගෙදර ගෙනල්ලා මී මැසි පෙට්ටියකට දා ගත්තා. උන් දෂ්ට කළේ නැහැ,මම නම් මී මැස්සන්ට බය නැහැ. ගමේ ඉන්නතුරු මම මී මැස්සෝ පෙට්ටි වල හැදුවා. හොඳ ඔර්ජිනල් මීපැණි ගත්තා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 249 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 202 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 582 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site