වසර 71 කට වරක් දිස්වන වල්ගා තරුවක් මේ දිනවල පෘථිවියට පැහැදිලිව දකින්න ලැබේ. මෙම වල්ගා තරුව, ශ්‍රී ලංකාවාසීන්ට පියවි ඇසින් දැකගැනීමට අවස්ථාව හිමිවී තිබීම විශේෂත්වයකි.
12 පී පොන්ස් බ්රූක්ස් ලෙස තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම වල්ගාතරුවේ දූවිලි අංශු පිටතට විහිදෙන ආකාරය අනුව, එය අසාමාන්‍ය අං දෙකක් ලෙස පෙනෙයි.
ඒ අනුව කිලෝමීටර 30ක පමණ විෂ්කම්භයකින් යුත් මෙම දැවැන්ත වල්ගා තරුව, 'යකාගේ වල්ගා තරුව' ලෙස ද හැදින්වෙයි.
අප්‍රේල් 21 වනදාට පෘථිවිවාසීන්ට එහි උපරිම දීප්තිය දැකබලාගත හැකි අතර, එදිනට මෙම වල්ගා තරුව ගමන් කරනු ඇත්තේ කිලෝමීටර මිලියන 240ක් දුරිනි.
යකාගේ වල්ගා තරුව