ඉන්දියාවේ නවදිල්ලි නුවර වෛද්‍ය සිසුවිය සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම දීමට නවදිල්ලි දිසා විනිසුරු යෝගේෂ්
මරණ දඬුවමට නියමවුණු චූදිතයෝ |
ඛන්නා ඊයේ (13) තීන්දු කිරීමත් සමඟ නවදිල්ලියට රැස්ව සිටි දහස් ගණනක් උද්ඝෝෂකයෝ පී‍්‍රතිඝෝෂා කරන්න වූහ.
එම පිරිස කෑ කෝ ගසන්න වූයේ, යුක්තිය ඉටු වුණා යැයි කියමිනි. ඔවුන් නවදිල්ලි අගනුවරට රැස්වූයේ, එම චූදිතයන් සිව්දෙනාට ජීවිතාන්ත සිරදඬුවමක් නොව මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලමිනි.
එම සිව්දෙනා ඉකුත් 10 වැනිදා නවදිල්ලි දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුහු වරදකරුවෝ වූහ. ඔවුන්ට දඬුවම් නියම කිරීම ඊයේ සවස සිදු කෙරුණි.
නවදිල්ලි නුවරට රැස්ව සිටි උද්ඝෝෂකයෝ පිරිස |
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුක්තිය ඉටු වුණා: නවදිල්ලි උද්ඝෝෂකයෝ පී‍්‍රතිඝෝෂා කරති
ඩිසීඩ් Saturday, 14 September 2013 08:17 PM
එහෙම ඉක්මනට තීන්දු දුන්නම ලංකාවෙ පෙරකදෝරුවො ජීවත්වෙන්නෙ කොහොමද?(නදී)
නෙත්මල් Monday, 16 September 2013 07:54 PM
ඇයි එහෙනම් මෙහාට බැරි? (නි)
පිටිගල Saturday, 14 September 2013 09:22 PM
ලංකාවේ දූෂණය කරලා ලොකු පොඩි ගැහැණු ළමයි. කිරි සප්පයෝ කීදෙනෙක් මරා දැම්මද මේ ටික කාලෙට. කෝ මොනවද උන්ට විරුද්ධව කලේ? ඉන්දියාවේ නීතියක් තියෙනවා. අපේ රටේ නැහැ. (නදී)
නාලක Monday, 16 September 2013 02:49 PM
මෙහේ නම් ස්ත්‍රී දුෂණයක් කරොත් පාර්ලිමේන්තු යන්න ලේසියෙන්ම පුළුවන්. (ස)
අවන්ති Monday, 16 September 2013 02:56 PM
ලෝකෙන්ම දුෂණය නැති වේවා
විමල් Monday, 16 September 2013 09:00 PM
අපේ රට අවතක්සේරු කරන්න එපා (නි)
ශිරෝමි පිළියන්දල Saturday, 14 September 2013 10:09 PM
මේ නිව්ස් එක දැකල පුදුම සතුටක් ඇති උනා.(නදී)
කුමාර Saturday, 14 September 2013 02:05 PM
මේ අදහස් දාන අය ලෝකය ගැන ගැන දන්නේ නැහැ වගේ. අපරාධයක් කළ පමණින් මිනිස්සු එල්ලා මරන්න බැහැ. ශ්‍රීලංකාව විවිද ජාත්‍යන්තර ප්රඥප්ති වලට අත්සන් කරපු රටක්. ඔය ඔක්කෝටම මුල මත්ද්‍රව්‍ය, නුගත්කම, කාමුක ෆිල්ම්. ලෝකේ පුරාම ඕවා තියෙනවා. නැති රටක් නැහැ. .මොකද ලෝකය යන්නේ වැරදි දිශාවකට නිසා.(නදී)
ගමගේ Sunday, 15 September 2013 10:38 PM
ලංකාවේ හම්බන්තොට ස්ත්‍රී දූෂකයන්ට හිරේ නොගිහින්ම ජනාදිපති සමාව ලැබුනාද?(නදී)
උපාලි Saturday, 14 September 2013 11:13 PM
අහිංසකයෝ හතරදෙනෙක්, අපරාදේ ඉන්දියාවේ උපන්නේ. අපේ රටේ උසාවියේ ඇපීල් කරා නම් නිදහස් වෙන්නත් පුලුවන්නේ.(නදී)
රූපා Saturday, 14 September 2013 11:16 PM
මහත්මා ගාන්ධිගේ ඉන්දියාවට ස්තුති වෙවා. අපේ රටටත් මෙවන් උසාවි බිහි වෙවා!(නදී)
අමිල - බලන්ගොඩ Saturday, 14 September 2013 08:48 AM
ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ...// මෙහෙ දූෂණය කලාම හම්බ වෙන්නේ ජනාදිපති සමාවනේ. (දී)
අර්ෂා Saturday, 14 September 2013 03:05 PM
නියමයි ලංකාවට කවදද මේ තීන්දුව වලංගු වෙන්නේ.(නදී)
සෙන්තිල් Monday, 16 September 2013 12:32 AM
ගයාන්,මම රිෂාර්ඩ් පමණක් නෙවෙයි මමත් කියන්නේ ෂරියා නීතිය වගේම මේකෙත් තීන්දුව දීල තියෙන්නේ. (නදී)
රිෂාර්ඩ් Saturday, 14 September 2013 09:03 AM
ඉන්දියානු ෂරිය නීතිය.පේනවනේ අන්තීම දීපු තීන්දුවට තියෙන ප්‍රතිචාරය.හැබයි මේ ගොල්ලන් තව පැත්තක් අමතක කරලා (දී)
දර්ශන Saturday, 14 September 2013 03:37 PM
මේ හැමෝම ඉන්දියාව ගැන අහෝද කියන්නේ , මෙයාල කවලම්ද කොහිද (අ)
තාරක Monday, 16 September 2013 11:48 AM
ඒ මිනිස්සු ඉල්ලපු ඒ දේ සමස්ත සමාජයටම බලපානවා (දී)
අචිනි Saturday, 14 September 2013 09:29 AM
අපේ රටේ මෙහෙම තීන්දු දෙන්න බැරි රටේ ලොකුම තැනින් අපරාද කාරයන්ව ආරක්ෂා කරන නිසයි (දී)
සරත් Saturday, 14 September 2013 03:50 PM
ඒවගේ මෙහෙත් කරනවානම් නිකම්ම අපරද අඩුවෙනවා නිතිය කියාත්මක කරන්න (අ)
චමින්ද Sunday, 15 September 2013 04:37 AM
අපේ රටේ මේ වගේ උසාවි තිබුණට වැඩක් තියෙනවද? (නි)
ද සිල්වා Monday, 16 September 2013 03:05 AM
ගමගේ, හම්බන්තොට ස්ත්‍රී දුෂකයන් ගැන නම් මම දන්නේ නැහැ , නමුත් නත්තල් දවසේ තන්ගලේ ස්ත්‍රී දුෂණය සහ මිනීමැරුම් එකවිට කළ (20-30 බලාසිටිනවිට) පුද්ගලයකු කාගේ දෝ අනුග්‍රහය ලබමින් යහතින් වැජඹෙනවා. මේක තමයි ඉන්දියාවේ සහ අපේ රටේ වෙනස (නි)
ශ්‍රීලාල් Monday, 16 September 2013 03:47 AM
දැන්මම උඩ පනින්න එපා. නිදහස ලැබෙන්නත් පුළුවන්. දඬුවමට තව දෙයක් එකතු කළ යුතුයි. එනම් අපරාධයට භාවිතා කළ ආයුධ විනාශ කළ යුතුයි. (නි)
රනා Saturday, 14 September 2013 10:44 AM
ලංකාවෙනම් ලක්ෂ කීයක් එල්ලන්නද. (දී)
සනත් ඇෆ්ඝනිස්ථානය. Saturday, 14 September 2013 10:45 AM
බල්ලන්න ඉන්දියාව ඉතා කෙටි කලකින් මේ නඩුව තීන්දුව දුන්න .ලංකාව නම් අව්රුදු ගානක් අදිනවා .හේතුව දේශපාලන ඇගිලි ගැසීම් .(දී)
සම්පත් Sunday, 15 September 2013 09:14 AM
ඉක්මන් නඩු තීන්දුවක් ප්‍රකාශ කරමින් ඉන්දියා අධිකරණය දුන් මෙම තීන්දුව ආසියාතික අනෙක් රටවලටද මහගු ආදර්ශයකි (නි)
ද සිල්වා Monday, 16 September 2013 12:46 PM
ලංකාවේ එක්තරා ප්‍රාදේශීය සභාවක සාමාජිකයෙක් , ස්ත්‍රී දුෂණ 100 කරලා සැමරීමට උත්සවයකුත් පවතුව , එම උත්සවයට දෙසපලකයන් ඇතුළු රජයේ වගකිවයුතු නිලධාරීන් කිහිපදෙනෙක් සහබාගි උන , (දී)
රොක් Saturday, 14 September 2013 11:02 AM
අපේ නම් මේ හතරදෙනාට සමාව දෙයි (නි)
ඉෂාන් Saturday, 14 September 2013 05:32 PM
ලංකාවේ ඔය ස්ත්‍රී දූෂණය සිද්ධ වුනා නම් අද මේ හතර දෙනාම දේශපාලකයෝ කියන තනතුරුවලින් පිදුම් ලැබූ අය.(නදී)
රධ. Saturday, 14 September 2013 11:02 AM
ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.ලංකාවේ වුණා නම් බලන්න තිබුනා වැරදිකරුවෝ දේශපාලන බලපෑම් වලින් නිදහස් කර මල් මාලා දමා ජය ඝෝෂා මැද පිළිගන්න අපුරුව. (නි)
කෙවින් Saturday, 14 September 2013 11:10 AM
අර සමාව තමා අපට තිබෙන එකම හෙණය. (නි)
සමි Sunday, 15 September 2013 09:28 AM
ඔය පන්ඩිත වදන් දාන අය නිති උගන්නන මහත්තුරු නෝනලා තමන්ගෙ කෙනෙක් ඹය අපරාධ කලා නම් ඔහොම කෑ ගහනවද? පන්සල් පල්ලි ගානෙ ගිහිල්ලා පෙත්සමි අත්සන් කරලා ජනාධිපති සමාව ඉල්ලන්නෙ නැද්ද?ඇහැට දැක්කත් නොදැක්කා වාගෙ ඉන්නෙ නැද්ද. සාක්ෂියක්වත් දෙන්න උසාවියකට යනවද? ඉස්සෙල්ලා තමුන් හැදෙන්න. නිතියට සහයෝගය දෙන්න.(නදී)
ටිකිරි Saturday, 14 September 2013 11:21 AM
අචිනි, අපේ රටේ මෙහෙම තීන්දු දෙන්න බැරි රටේ ලොකු තැනින් අපරාද කාරයන්ව ආරක්ෂා කරන නිසයි.(නදී)
අචී Monday, 16 September 2013 06:21 AM
මරණයක් සිදු කළ අයකුට මරණ දඩුවම හොද වැඩියි. අවුරුද්දට දෙවතාවක් ගල් ගහන්න ජනතාව අතට ගල් දෙන්න ඕනෑ. ඔලුවට හෙල්මට් එක දාලා දෙන්න ඕනෑ. නැත්නම් මැරෙනවා.හැබැයි නීතිය ක්‍රියාත්මක කීරීම ජනතාවට දෙන්න ඕනෑ (නි)
නිහාල් චන්ද්‍රසිරි Sunday, 15 September 2013 10:04 AM
හැගීම්වලට වහල් නොවී යුක්තිය ඉටුකරන්න හැකි අදිකරණයක් ලංකාවේ තියෙනවා ඒගැන විස්වාස කරන්න.
අමිළ කටුනායක Saturday, 14 September 2013 06:17 PM
මෙහෙත් දඩුවම නියම වෙනවා. ක්‍රියාත්මක කිරීමට බාලගිරි අත්සන් කරන්නේ නැහැ.(නදී)
අසෝක සිරිදේව Tuesday, 17 September 2013 02:52 AM
අපේ රටේ නම් මේ යට ප්‍රාදේශීය සබාවක මන්ත්‍රීධූරයක් දෙයි. මහා මැතිවරණයට නොමිනේෂන් දෙන්නත් පුළුවන් (නි)
අශෝක් Saturday, 14 September 2013 11:51 AM
ඉන්දියා නීතියට සහ අදිකරණයට හිස නමාආචාර කරමි...... (දී)
ගයාන් Sunday, 15 September 2013 11:24 AM
රිෂාර්ඩ් බොරු කියන්න එපා. මේක කොහොමද ශරියා නීතිය වෙන්නෙ. ශරියා නීතිය තිබුන නම් මේක කවදාවත් ඔප්පු වෙන්නෙ නෑ. ඇයි ඇසින් දුටු පිරිමි සාක්කිකාරයො 4 දෙනෙක් එපැයි. (දී)
ද සිල්වා Tuesday, 17 September 2013 05:47 AM
අපේ රටේ නම් මෙයට ඇප දේවි. ඇප පිට ඉන්න ගමන් ප්‍රාදේශීය සභාවට නොමිනේෂන් ලැබේවි. ප්‍රාදේශීය සබාවෙන් පාර්ලිමේන්තුවට ගියහම වැරදිලාවත් නඩුව පැරදුනොත් අධිකරණයට වඩා පාර්ලිමේන්තුව උසස් කියලා විනිසුරුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒවි (නි)
බණ්ඩාර කුවේට් Saturday, 14 September 2013 12:04 PM
අපේ නායකයන්ටත් මෙය ආදර්ශයට අරගෙන මරණ දඬුවම ගෙනෙන්න ශක්තිය ලැබේව (අ)
නිසාර් Monday, 16 September 2013 08:03 AM
රිෂාර්ඩ්,කුරානයේ තියෙන්නේ විද්‍යාඥයන් ප්‍රතික්ෂේප කරන මහා මැවුම් වාදය මිසක් මහා පිපුරුම් වාදය නොවේ.ඔබ කුරානයවත් හරි හැටි අධ්‍යයනය කළ කෙනෙක් නොවේ.ඔබ දන්නා මහා පිපුරුම් වාදේ?පොඩි ළමයෙක්ගෙන්වත් අහලා මහා පිපුරුම්වාදේ ඉගෙනගන්න.අල්ලාහ්ගේ ශුද්ධ වූ වදන් ඇතුලත් කුරානයේ තියෙන දේවල් විකෘති කරන්න එපා.එය ඔබට නිරයේ දුක් විඳීමට හේතුවේ.දෙවියන් ඉදිරියේ ඔබ නොවටිනා දුහුවිල්ලක් පමණයි.දේවවදන් වෙනස් නොකරනු. (නි)
ලක්මාල් Saturday, 14 September 2013 12:34 PM
ඉන්දියාව කල ඒ වැඩේ නියමයි අපි මොනවා කියුවත් එසේ කිරීමෙන් වරදට දඩුවම දීමෙන් වරදට පෙලබෙන අය කෙනෙක් හරි අඩු වෙනවා (දී)
වරුණ Monday, 16 September 2013 08:52 AM
ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැනේ? ලංකාවේ මෙහෙම උනාම ප්‍රාදේශීය සභාපති කමට සුදුසුකම් ලබනවා?(නදී)
පිටිගල Saturday, 14 September 2013 07:57 PM
ඉන්දීය නීතිය ගරු ගාම්භීරයි.(නදී)
වීරසිංහ Sunday, 15 September 2013 12:33 PM
ඒ දඩුවම අපිත් අනුමත කරනවා