රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම් වෙයි. බයිඩන් පරිපාලනය මෙම ඩොලර් බිලියන 4.7 ක ණය මුදල යුක්රේනයට ලබා දී ඇත්තේ පසුගිය මාස කීපයේ අදියර කීපයකිනි.
පසුගිය නොවැම්බර් 5 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගැනීමත් සමඟ වත්මන් ජෝ බයිඩන්, ජනාධිපති ධුරයට සමුදෙයි. ට්‍රම්ප් මෙන් නොව, බයිඩන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේත්, යුක්රේනයේත් මිතුරෙකි.
තමන් ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට පෙර, යුක්රේනය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කිරීමට බයිඩන් ප්‍රතිඥා දී ඇත. ණය ආපසු ලබා නොගැනීමට ද බයිඩන් තීරණය කළේ මේ නිසාය.
කෙසේ නමුත් ඇමෙරිකන් කොංග්‍රසයේ අනුමැතිය යටතේ බයිඩන් පරිපාලනය ලබා දුන් එම ණය මුදල, ආපසු ලබා නොගැනීමට ද කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුය. කෙසේ නමුත් මේ වනවිට කොංග්‍රස් මණ්ඩලයේ බහුතරය ඇත්තේ, රිපබ්ලිකන්වරුන් සතුව බැවින් බයිඩන්ට ණය අවලංගු කිරීම කළ හැකිවේවි ද නැද්ද යන්න සැක සහිතය.
මේ අතර, ඇමෙරිකාව යුක්රේනයට ලබා දී ඇති දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවේ අභ්‍යන්තර ඉලක්ක වෙත පහර දීමටත්, යුක්රේනයට බිම් බෝම්බ ලබා දීමටත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කර ඇත.
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් ද කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ තවත් සති කීපයක් පමණකි. ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙ
ජනවාරි 20 වැනිදා, තමා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙර, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කළ යුතු යැයි ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී ප
අප්‍රිකා රාජ්‍යයක් වන ගිනියාවේ, පාපන්දු ක්‍රීඩාංගනයක, ක්‍රීඩාලෝලීන් දෙපාර්ශ්වයක් අතරේ හටගත් ගැටුමකින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැ
උතුරු තායිවානයට ඉහළින් අහසේ චීනයේ ඔත්තු නිරීක්ෂණ බැලූනයක් දකින්න ලැබුණු බව තායිවාන ආරක්ෂක අංශ පවසයි. ඔත්තු බැලීමට යොදා ගන්නා චීන යානයක් විදෙස් ගුවන්
අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ, නයිගර් නදියේ, මගීන් රැගෙන යාත්‍රා කරන්න වූ බෝට්ටුවක් පෙරළී යෑමෙන් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
යුක්රේනයට දුන් ණය එපා කියන්න බයිඩන් සූදානම්