යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පැමිණියේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගෙන් සෙලෙන්ස්කීට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
රුසියාව යුක්රේනයට එරෙහි හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පසු, ජනාධිපති සෙලෙන්ස්කී, බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් හමුවී, යුක්රේන ජනාධිපතිවරයා රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. එහිදී යුක්රේන හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන්නැයි සෙලෙන්ස්කී, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.
යුක්රේන ජනාධිපතිවරයා කළ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රුසියාව විමසිල්ලෙන් පසුවුණු අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තර්ජනය කර ඇත්තේ යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා ලබා දුන්නොත් බ්‍රිතාන්‍යයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවය.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ පටන් රිෂී සුනාක්, යුක්රේනයට සහාය දැක්වීමට පියවර ගත්තේය. ඔහු යුක්රේනයේ කීව් අගනුවරට ද ගොස් සෙලෙන්ස්කී හමුවී, දිගටම සහාය ලබා දීමට ප්‍රතිඥා දුන්නේය.
ලන්ඩන් නුවර, ඩවුනිං වීදියේ අංක 10 ලිපිනයේ පිහිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රිෂී සුනාක් හමුවීමෙන් පසු, සෙලෙන්ස්කී සහ සුනාක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බලා ගියහ. සෙලන්ස්කී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතුවේ ඉන්පසුවය.
සාමාජිකත්වය ලැබුණත් නැතත්, යුක්රේනය දිගටම ‘නේටෝ’ සංවිධානයට සහාය දක්වන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින්, සෙලෙන්ස්කී පැහැදිලි කළේය.
රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදීමට, යුක්රේන හමුදාවට මහා බ්‍රිතාන්‍යය ‘චැලෙන්ජර්’ වර්ගයේ ඔවුන් සතු යුද ටැංකි ලබා දෙයි. එම යුද ටැංකි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණුව යුක්රේන සෙබළුන්ට බ්‍රිතාන්‍යයේ දී ලබා දීම සිදුවෙයි.
අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී කැටුව, බ්‍රිතාන්‍යයේ ලුල්වර්ත් පළාතේ, ඩොර්සෙට් හමුදා කඳවුරට ගිය බවත්, එහිදී යුක්රේන සෙබළුන්ට පුහුණුව ලබා දෙන ආකාරය අධීක්ෂණය කළ බවත් මාධ්‍ය වාර්තා කළේය.
පාර්ලිමේන්තුව ඇමැතීමෙන් පසු සෙලෙන්ස්කී, ප්‍රංශයේ පැරිස් නුවර බලා ගියේය. ඒ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවීමටය.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යුක්රේන ජනපති සෙලෙන්ස්කී ලන්ඩනයේ