
යුක්රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය. නැගනෙහිර යුක්රේනයේ නිප්‍රෝ නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට ද මිසයිල ප්‍රහාරයක් එල්ල වුණු අතර, එයින් සිවිල් වැසියෝ නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 27 ක් යැයි පැවැසෙයි.
රුසියන් හමුදාව, ප්‍රහාර එල්ල කරන්නේ යුක්රේන වැසියන්ගේ යටිතල පහසුකම් අඩපණ කිරීමේ අරමුණින්ය. විදුලි බලගාර, ජල සැපැයුම් පද්ධති ආදිය රුසියන් හමුදාවේ ඉලක්ක වී තිබේ.
රුසියන් හමුදා පහර දීමට, ඉරානයෙන් ලබා ගත් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ද යොදා ගන්නා බව යුක්රේන රජය දිගින් දිගටම චෝදනා නගයි.
කීව් අගනුවරට, කාර්කීව් සහ ඔඩෙසා නගරවලට ද මිසයිල ප්‍රහාර එල්ල විය. මේ වනවිට ඇමෙරිකාවෙන්, ප්‍රංශයෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබේ.
ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය මිසයිල නාශක අවි පද්ධති කීපයක් ම යුක්රේන හමුදාවට ලබා දී ඇත.
ඒ, රුසියාවෙන් එල්ල වන මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමටය. බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක්ගේ මැදිහත් වීමෙන් චැලෙන්ජර් 2 වර්ගයේ යුද ටැංකි යුක්රේන හමුදාවට ලැබී ඇති බව ද වාර්තා වේ.
චැලෙන්ජර් යනු බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රෂානතම යුද ටැංකි වර්ගයයි. රුසියන් හමුදා අඩපණ කිරීමට මෙම යුද ටැංකිවලට හැකිවනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති සුනාක් පවසා තිබේ.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුක්රේන නගර රැසකට රුසියාවෙන් මිසයිල ප්‍රහාර