රුසියන් බස රාජ්‍ය භාෂාව කිරීමට යුක්රේන ජනපති වික්ටර් යැන්කෝවිච්ගේ රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින්, පාලක පක්ෂ සහ විපක්ෂ අතර පෙරේදා (24) එරට පාර්ලිමේන්තුවේදී ගුටි බැට හුවමාරුවක් සිදුවිය. 2010 වසරේ පැවැති ජනපතිවරණයෙන් බලයට පත් යුක්රේන ජනපති වැන්කොවිච් රුසියාවට හිතවාදී අයෙකි. ඔහුගේ රජය ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතට අනුව රුසියන් බස රාජ්‍ය භාෂාව කිරීමට යෝජනා කළේ යුක්රේන බසට ද සමානවය. යුක්රේනයේ වෙසෙන බහුතරය යුක්රේන ජාතිකයන් වන අතර එය සියයට 77.8 ක ප‍්‍රතිශතයකි. සුළුතරය වන්නෝ රුසියානුවෝය. ඔවුන්ගේ ප‍්‍රතිශතය සියයට 17.3 කි. යුක්රේනය පිහිටා ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේය. එය මායිම් වන්නේ බෙලරූස් රාජ්‍යයට සහ රුසියාවටය. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීම විපක්ෂ මැති ඇමැතිවරුන්ගෙන් ඊට විරෝධයක් එල්ල විය. වාග් ප‍්‍රහාරවලින් ඇරැුඹි එම විරෝධය ගුටි බැට හුවමාරුවක් තෙක් දුරදිග ගිය අතර කතා නායකවරයාට හෝ වෙනත් කිසිවකුට හෝ ගැටුම පාලනය කර ගැනීමට නොහැකි විය. හිස තුවාල වූ සහ අතක් බිඳී ගිය මන්තී‍්‍රවරුන් දෙදෙනකු රෝහල් ගත කරන ලද බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් වාර්තා වේ.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුක්රේන පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්
අලිබබා Saturday, 26 May 2012 05:50 PM
අඩෙ අප්පා මෙක රෙස්ලින් ෆිල්මි එකක් වගේ. අන්ඩටේකරුත් ඉන්නවද කොහෙද? අඩා.. අඩා.. අඩි.. අඩි.. දැන් පිටරට පාර්ලිමේන්තුවල ඒවා තමයි මෙවගේ එවා තියෙන්නේ. හුග දවසකින් ලංකාවේ පාර්ලිමේන්තුවේ මේ වගේ දෙයක් උනේනෑ. ඉස්සර සෙන්කෝලෙ උස්සන් දුවනවා. දැන් විපක්ෂෙත් අබලන්නේ. ඉතින් මේවගේ දේවල් අඩුයි.
සුරාජ් Saturday, 26 May 2012 07:15 PM
අපේ රට හොදයි.. මොකද අපේ අය හූ කිව්වට මෙහෙම ගහගන්නේ නෑනෙ...
සකල බුජන් Sunday, 27 May 2012 10:20 PM
පොඩ්ඩක් ඉන්නකෝ.මමත් පෙන්නන්නම් හොද සෙල්ලමක් අද හෙටම
ඌරැබොක්කෙ දුමින්ද Saturday, 26 May 2012 08:07 PM
අපේ රටේ වගේමයි....
ෂෙරීෆ් Saturday, 26 May 2012 11:26 PM
අපේ රටේ කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන්
රුවන් Sunday, 27 May 2012 01:22 AM
අපේ පාර්ලිමේන්තුවට සමානයිනේ