මියගිය තම ආගමික නායකයා ගැඹුරු සමාධියක පසුවන්නේයැයි සිතා ඔහුගේ මළසිරුර ශීත කර තබාගෙන සිටිනා අනුගාමිකයෝ පිරිසක් ඉන්දියාවේ සිටිති.
අෂුටොෂ් මහාරාජ් නම් වන මෙම නායකයා ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘දිව්‍ය ජෝති ජගාර්ති සන්ස්තන්‘ (ආත්මීය ආලෝකය සොයා යෑමේ මෙහෙයුම) නම් සංවිධානයේ නායකයා වේ. ලක්ෂ 300 කට අධික අනුගාමිකයින් සංඛ්‍යාවක් ඔහු වටා එක්රැස්වී සිටින බව සදහන්ය.
පසුගියදා අයහපත් අසනීප තත්ත්වය හමුවේ රෝහල් ගත කළ ඔහු පසුව මියගිය බව වෛද්‍යවරුන් නිවේදනය කළද එය පිළිගැනීමට කැමති වූයේ ඔහුගේ අනුගාමිකයින් නම් නොවේ.ඔවුන් විශ්වාස කළේ තම නායකයා ගැඹුරු සමාධියකට වැදී සිටින්නේ බවයි.
යෝගීන් සමාධිගත වීම සදහා හිමාලයේ අධික ශිීතලෙන් යුතු වන වනපෙත් කරා යන බැවින් තම නායකයාටද එවන් පරිසරයක් සාදාදීමේ අරමුණින් මෙසේ ඔහුගේ සිරුර ශීත කළ බව අනුගාමිකයින් කියයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යෝගියා මළත් මළේ නැතිලු
කුමාරි Thursday, 20 March 2014 02:39 PM
දුසිරිතෙහි හැසිරෙන්නා ජිවත් වුවද මළවුන් වැනිය. සුසිරිතෙහි හැසිරෙන්නා මලද ජිවත් වෙන්නා හා සමානය. (අ)
ෂෙරිෆ් Thursday, 20 March 2014 02:42 PM
ලෝකේ වැඩිපුරම පිස්සෝ ඉන්නේ ඉන්දියාවේ,(අ)
නුවන් Friday, 21 March 2014 07:54 AM
ටික දවසක් බලන් ඉඳල, එන්නෙම නැති ගානයි, කියලා වැඩේ අත ඇරලා දාවි.(නධී)
ටෙන්ඩුල්කාර් Monday, 24 March 2014 04:36 AM
මේ වගේ මිනිස්සු කොහෙවත් නෑ (දී)
ආලෙමි Monday, 24 March 2014 05:01 AM
අනුවන මිනිස්සු ???? (දී)
ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 23 March 2014 01:59 PM
හරි මැරිලා නැත්නම් දැන් වැඩේ හරියනවා. දැන් මැරෙන්නේ ගල් වෙලා.(නදී)
දයා අලහාකෝන් Thursday, 20 March 2014 05:20 PM
මේවා අහලා පිස්සු ඩබල් වෙනවා.(නදී)
කසුන් කවුශල්‍ය Thursday, 20 March 2014 08:22 PM
බෞද්ධයකුව ඉපදෙන්නට ලැබීම මහත්ම භාග්‍යකි..(ත)
ආනන්ද Thursday, 20 March 2014 08:24 PM
මෝඩ කමට බෙහෙත් නෑ. (ත)
වාර්නිස් Friday, 21 March 2014 06:59 PM
මෝඩ මිනිස්සු.(නදී)
ඔෂාන් Saturday, 22 March 2014 03:22 PM
අනේ මෙහෙමත් මෝඩකමක්" (අ)
ගුණවර්ධන Friday, 21 March 2014 01:01 AM
කුමාරි නියමයි ඔයා. ඒක තමයි හරිම ඇත්ත. යථාර්තයෙන් ජිවත් වන අයට මේ පිලිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. අනික් අය ගැන කවර කතා ද ? (නදී)