ඊශ්‍රායෙලය හා ගාසා තීරය අතර නිරන්තරයෙන් සිදුවන රොකට් හුවමාරුව උඩුගුවනට දිස්වන ආකාරය ඡායාරූප ගත කර අන්තර්ජාලයට එක් කිරීමට අන්තර්ජාතික අභ්‍යාවකාශයේ සිටින අභ්‍යාවකාශ ගාමියෙකු වන ඇලෙක්සැන්ඩර් ග්‍රෙට් කටයුතු කර තිබේ.
පොළොවේ සිට සැතපුම් 200 කට ඉහළින් ස්ථාන ගත කර ඇති අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ගෙන ඇති මෙම ඡායාරූප දෙපාර්ශවය අතර රොකට් හුවමාරු වන ආකාරය හොඳින් දැක ගත හැකිය. තද පාටින් දිස්වන ප්‍රදේශයන් ජනගහණය වැඩිම හා වැඩියයෙන්ම රොකට් ප්‍රහාර එල්ල වන ප්‍රදේශයන් යැයි ඔහු තම ඡායාරූපයන් විස්තර කර ඇත.
‘මා ගත් දුක්බරම ඡායාරූප‘ යැයි ඔහු ඒවා හඳුන්වාදී ඇත.
කෙසේනමුත් නාසා ආයතනය පවසන්නේ මෙම ඡායාරූප වල වලංගු භාවය තවමත් සහතික කර නොමැති බවයි.
මින් පෙර අවස්ථාවකදී ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය උඩු ගුවනේ සිට ඡායාරූප ගත කිරීමට එවක අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි අභ්යාවකාශගාමියෝ සමත්වූහ.
එම ඡායාරූපයන්ගේ ලෝක වෙළද මධ්‍යස්ථානයේ කුළුනු වලින් දුම්වලා නගින අයුරු හොඳින් සටහන්ව තිබුණි.
ඊශ්රායෙල - පලස්තීන ගැටුම තවත් මානයකට ගෙනයමින් වෙනත් රටවල පලස්තීන හිතවාදී කණ්ඩායම් එම රටවල සිටින යුදෙව් ජාතිකයින්ට හිරිහැර වන අයුරින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් සිටින්නේයැයි වාර්තා වේ.
ප්‍රචණ්ඩක්‍රියා වැඩිම ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත්තේ ප්රංශයෙන්ය.ජර්මනියේද ඊශ්‍රායෙලය හා ගාසා තීරය අතර ගැටුම මුල් කරගනිමින් යුදෙව්වන්ට එරෙහිව ඇතැම් කණ්ඩායම් හා පුද්ගලයින් කි‍්‍රයාකාරීව සිටින්නේයැයි සදහන්ය.
ජාතිය මුල්කරගෙන සිදුවන කවර ආකාරයක හෝ ප්‍රචණඩ කි‍්‍රයා වලට හවුල් වන්නන්ට දැඩි ද~ුවම් පමුණුවන බව ජර්මන් බළධාරීහු නිවේදනය කර ඇත.
ප්‍රංශ ජනපති ෆ්‍රාන්කොයිස් හොලන්ඩේද එරට මුස්ලිම් හා යුදෙව් නායකයින් හමුවී යුදෙව්වන්ට එරෙහිව සිදුවන ප්රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් ප්‍රංශය දැඩි අවධානයෙන් සිටිනබව පවසා තිබේ.
යුදෙව් ජාතිකයින්ට අයත් ව්‍යාපාර ස්ථාන වලට ගිනි තබමින්,අලාබ භානි සිදුකරමින්,මාර්ගයේ ගමන් කළ යුදෙව් ජාතිකයින්ට හිරිහැර කරමින් කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෝ කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට ප්‍රංශ පොලිසිය කටයුතු කර තිබේ.
ප්‍රංශයේ යුදෙව් ජාතිකයෝ ලක්ෂ 5 ක් පමණ සිටින අතර ජර්මනියේ ලක්ෂ 2 ක් පමණ සිටිති.
මේ අතර ඕස්ටි්රයාවේ පාපන්දු තරගයකට සහභාගීව සිටි ඊශ්රායෙල පාපන්දු කණ්ඩායමේ කි්රීඩකයින්ට ප්‍රේක්ෂකාගාරයේ සිට පිටියට කඩා වැදුණු පුද්ගලයෝ පිරිසක් පහර දුන්හ.
ප්‍රතිප්‍රහාර එල්ල කර ඔවුන්ගෙන් ගැලවීමට ඊශ්රායෙල කී‍්‍රඩකයෝ සමත් වූහ.ප්‍රහාරකයෝ අත්අඩංගුවට ගන්නා ලදහ.
පසුව පණිවිඩයක් නිකුත් කර තිබුණු ඊශ්රායෙල පාපන්දු කණ්ඩායම සදහන් කර තිබුණේ මේ ප්‍රහාරය සිදුවූයේ පාපන්දු නිසා නොව තමන් ඊශ්රායෙල ජාතිකයින් නිසා බවයි.
සියලූදෙනාට එක්ව ජීවත්වීමට ඇති අයිතිය තමන් පිළිගන්නේයැයිද,ප්‍රචණ්ඩත්වයට තමන් කිසිලෙසක අනුබල නොදෙන්නේයැයිද එහි වැඩිදුරටත් සඳහන් විය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුද්ධයේ හැටි අජටාකාශයටත් පෙනේ
රිචි බාලසුරිය Saturday, 26 July 2014 10:42 AM
යුද්දයේ හැටි අවකාශයේ සිට බැලුවත් රූපවාහිනි තිරයේ දුටුවත් එම යුද්දය සිදුවන අවස්ථාවේ එතන සිටිනා එයින් දුක් විඳිනා කොටස මෙන් කවුරුත් දකින්නේ නැහැ (නදී)