ලතින් ඇමෙරිකා වෙළෙඳ හවුලට අයත් රටවල් පහක්, යුරෝපා රටවල සිටින තම තානාපතිවරුන් ආපසු ගෙන්වා ගැනීමට පෙරේදා (13) තීරණය කළේය.
එම තීරණය ගත්තේ බ‍්‍රසීලය, ආජන්ටීනාව, වෙනිසියුලාව, බොලිවියාව සහ උරුගුවේ යන ලතින් ඇමෙරිකා රටවල්ය.
ඊට හේතු වූයේ ඉකුත් දෙවැනි දා, බොලිවියා ජනපති ඊවෝ මොරාලේස් රැගත් ඔහුගේ පෞද්ගලික ජෙට් ගුවන් යානය, ගමන් මඟ වෙනස් කර වහාම ඔස්ටි‍්‍රයාවට ගොඩ බාන්නැයි එහි නියමුවන්ට අණ ලැබීමට විරෝධය පාමිනි.
ඇමෙරිකාවේ බලපෑම් මත ඔස්ටි‍්‍රයා රජයත්, යුරෝපා ගුවන් ගමන් පාලන අධිකාරියත් එක් වී, ජනපති මොරාලේස්ගේ යානය ඔස්ටි‍්‍රයාවට ගොඩ බැස්සවීමට කටයුතු කළේ, ඇමෙරිකා රජයේ ඔත්තු බැලීමේ රහස් ලොවට හෙළි කළ 30 හැවිරිදි ඇමෙරිකන් ජාතික එඞ්වඞ් ස්නෝව්ඩන් යානයේ සිටින බවට සැක කිරීම නිසාය.
යානය ඔස්ටි‍්‍රයාවට ගොඩබාන්නැයි අණ කළේ ඔස්ටි‍්‍රයා රජය සහ යුරෝපා ගුවන් පාලන අධිකාරියයි.
එම අණට කීකරු නොවුණහොත් යානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පැවැතිණි.
ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර ගුවන්තොටුපොළට යානය ගොඩබෑමට නියමුවන්ට සිදුවුණේ ඒ අනුවය.
ඒ ගැන මාධ්‍ය හමුවක් පවත්වා බොලිවියා විදේශ ඇමැති ඬේවිඞ් චොකුහුවන්කා කියා සිටියේ යානයේ ගමන් මඟ හදිසියේ වෙනස් කිරීමෙන් ජනපති මොරාලේස්ගේ ජීවිතයට තර්ජනයක් වූ බවය.
යානයේ ගමන් මඟ වෙනස් කර එය ඔස්ටි‍්‍රයාවට ගොඩබෑමට ඔස්ටි‍්‍රයා බලධාරීන් ‘උසි ගැන්නුවේ’ ඇමෙරිකාව යැයි ද එම අවස්ථාවේදී බොලිවියානු ජනපතිවරයා චෝදනා කළේය.
මොරාලේස්ගේ ජෙට් යානය යුරෝපයට ඉහළින් පියාසර කරද්දී එය තම රටේ ගුවන් සීමාවලට ඇතුළු වීමට ප‍්‍රංශයත්, පෘතුගාලයත් අවසර නොදුන් බව ද වාර්තා විය.
ප‍්‍රංශයත් පෘතුගාලයත් එසේ කළේ ඇයිදැයි පැහැදිලි කළ යුතු යැයි ද බොලිවියා රජය එම අවස්ථාවේදී විමසීමක් කළ ද ඊට නිසි පිළිතුරක් නොලැබුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්නෝව්ඩන් යානයේ සිටින බවට සැක පළ වූ නිසා යානය තම ගුවන් සීමාවට ඉහළින් පියාසර කිරීමට ප‍්‍රංශයත් පෘතුගාලයත් කටයුතු කළ බවය.
යානයේ ස්නෝව්ඩන් නොමැති බව සැකහැර දැනගැනීමෙන් පසු එය යළි ලතින් ඇමෙරිකාව බලා පියාසර කෙරුණු බව ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන බොලිවියාවේ ජනාධිපති මොරාලේස් රුසියාවේ සංචාරයක යෙදුණේ රුසියන් රජය සමඟ තෙල් වෙළෙඳ ගනුදෙනුවක් ගැන සාකච්ඡා කිරීමටය.
එම සිද්ධිය මුල්කොට ගනිමින්, ලතින් ඇමෙරිකා රටවල් ඇමෙරිකාවටත් ඇමෙරිකාවේ ඉල්ලීමට කන්දීම සම්බන්ධයෙන් යුරෝපා රටවලටත් දොස් නගන්න විය. ලතින් ඇමෙරිකා නායකයන් ආපසු ගෙන්වා ගත්තේ ප‍්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ පෘතුගාලය යන රටවල සිටින තම තානාපතිවරුන්ය.
රාජ්‍ය රහස් හෙළි කළේ යැයි ස්නෝව්ඩන්ට එරහිව ඇමෙරිකන් රජය චෝදනා එල්ල කළ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ද උත්සහ ගනිමින් සිටී. ස්නෝව්ඩන් තවමත් රුසියාවේ මොස්කව් නුවර ෂෙරෙමෙටෙයේවෝ ගුවන්තොටුපොළේ රැඳී සිටින අතර ඔහු ආරක්ෂාව පතා ලතින් ඇමෙරිකා රටකට යෑමට සූදානම් වෙයි.
ඇමෙරිකාව ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍රය අහෝසි කර ඇති නිසා නිසි ලියකියවිලි නැතිව රුසියාවෙන් පිටවීමට ස්නෝව්ඩන්ට හැකියාවක් නැත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුරෝපා රටවල ලතින් ඇමෙරිකා තානාපතිවරුන් ආපසු ගෙන්වා ගනී
විමල් Monday, 15 July 2013 03:32 PM
බොලිවියා ජනපතිතුමනි, ඕකට ඔච්චර කේන්ති ගන්න එපා (නි)
උදය Thursday, 18 July 2013 01:56 AM
ඔය විදිහට තව කණ්ඩායම් දෙකක් යුරෝපයයි ඇමෙරිකාවයි තනි කලොත් යුරෝපයයි අමෙරිකවයි නිකරගුවා ගානට යනවා (නි)