මීට වසර දෙකකට පෙර ජනතා නැගිටීමෙන් ඊජිප්තුවේ නව දේශපාලන පෙරළියකට මඟ පෑදෙනු ඇතැයි වූ බලාපොරොත්තුව සුන් කරමින් තවත් අරගලකාරී යුගයකට පිවිසෙන බව පැහැදිලිවම දැකිය හැකිය. ඒ පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා සිට කයිරෝ නගරයේ තහ්රිර් චතුරශ‍්‍රයේ කඳවුරු බැඳගත් දහස් ගණන් ජනතාව නැවත වරක් දේශපාලන ප‍්‍රතිශෝධන ඉල්ලා අරගල කිරීමෙනි. ඒකාධිපති පාලක හොස්නි මුබාරක් ඉවත් කිරීමෙන් පසු ප‍්‍රථම වරට නිදහස් ඡන්ද විමසීමකින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් සම්මත කර ගත් නමුත් ඒ කිසිත් ජනතා අපේක්ෂා සපුරාලීමට ප‍්‍රමාණවත් නොවන බව
කැරලි මර්දන පොලිසිය |
තහවුරු වන්නේ කයිරෝ නගරය ඇතුළුව ඊජිප්තුවේ ප‍්‍රධාන නගර සියල්ලකම පාහේ ජනාධිපති මූර්සිට හා ඔහුගේ දේශපාලන හස්තය වූ මුස්ලිම් සහෝදරත්වයට එරෙහිව දහස් ගණන් ජනතාව වීදි බැස විරෝධය දැක්වීමෙනි. විරෝධතාකරුවන් හා සන්නද්ධ හමුදා සමග ඇතිවූ ගැටුම්වලින් මේ සතියේ අඟහරුවාදා වන විට 60 කට අධික පිරිසක් මිය ගිය අතර තවත් සිය ගණනක් තුවාල ලැබූහ. තත්ත්වය පාලනය කිරීමට සූවස් ඇළ කලාපයේ නගර තුනක හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කොට රාත‍්‍රී ඇඳිරි නීතියක් පැන වුවද ඒ නොසලකා දහස් ගණන් ජනතාව වීදි බැස විරෝධතා දැක්වූ බවද වාර්තාවේ.
හොස්නි මුබාරක්ගේ ඒකාධිපති පාලනය පෙරළා දැමීම සැමරීම තවත් ප‍්‍රජාතන්ත‍්‍රීය අරගලයක ආරම්භයක් වන බව දක්නට ලැබුණේ ජනාධිපති මුර්සි සෙසු දේශපාලන පක්ෂ හා සමාජ කණ්ඩායම්වල අදහස් ඉවත දමා කඩිමුඩියේ සකස් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමත් සමගය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මුබාරක් සමයේ පත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසුරුවා හැරීමට අමතරව එහි නියෝජනය වූ සෙසු දේශපාලන පක්ෂ නියෝජිතයෝ කල් තබාම ඉන් ඉවත් වූහ. ඔවුන්ගේ ප‍්‍රධාන චෝදනාව වූයේ මේ සාධාරණ ඉල්ලීම නොසලකා හැර මුස්ලිම් සහෝදරත්වයේ න්‍යායපත‍්‍රයට අනුකූලව තීරණ ගැනීමය. අධිකරණයේ තර්ජනය මඟහැරීමට ආගම්වාදී නොවන සෙසු දේශපාලන පක්ෂවලට සවන් දීමට තමන් සූදානම් යැයි ජනාධිපති මුර්සි පැවසුව ද සැබැවින්ම එවැන්නක් සිදුවූයේ නැත. එම නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට පැවැත්වූ ජනමත විචාරණයට විපක්ෂය සහභාගි වූයේ නැත.
මුස්රිසිට එරෙහි පිරිස් දැවැන්ත උද්ඝෝෂණයක |
එහෙත් ප‍්‍රකාශිත ඡුන්දවලින් සියයට 63.8 ක් ව්‍යවස්ථාවට අනුමැතිය දී ඇතැයි මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළ නිසා ජනාධිපති මුර්සි පසුගිය දෙසැම්බර් 21 වැනිදා ව්‍යවස්ථාවට සිය අනුමැතිය ලබා දුන්නේය.
මෙවර ජනතා නැගිටීම සනිටුහන් කරන දිනයේදී මුර්සිට හා මුස්ලිම් සහෝදරත්වයට විරුද්ධව උද්ඝෝෂකයන් නැගී සිටියේ මෙම ක‍්‍රියාදාමය ප‍්‍රතික්ෂේප කරමිනි. බොහෝ තැන්වල මුස්ලිම් සහෝදරත්වයේ කාර්යාල උද්ඝෝෂකයින්ගේ ඉලක්ක විය. එම කාර්යාල ආරක්ෂා කිරීමට පැමිණි පොලිසිය සමග උද්ඝෝෂකයෝ ගැටුණහ. ගැටුම්වලදී කඳුළු ගෑස් මෙන්ම ජීවඋණ්ඩ යොදා ප‍්‍රහාර එල්ල කිරීමෙන් මුල් දින කීපය ඇතුළත 40 කට අධික පිරිසක් මිය ගියහ. තත්ත්වය වඩාත් උග‍්‍රවූයේ මේ දිනවලදීම පෝර්ට්සයිඞ් නගරයේ පාපන්දු ක‍්‍රීඩාවකින් පසු හටගත් ගැටුම්වලින් පුද්ගලයන් 78 ක් මිය යෑම ගැන පවරා තිබූ නඩුවක තීන්දුව ප‍්‍රකාශ කිරීමත් සමගය. එම නඩු තීන්දුව අනුව 21 දෙනෙකු මරණයට නියම වූ අතර ඒ සියලූදෙනාම පෝර්ඞ්සයිඞ් නගර වැසියන්ය. ඉන් කුපිත වූ ජනතාව නගරයේ පොලිස් ස්ථානවලට පහර දුන් අතර ඉන් මියගිය සංඛ්‍යාව 33 කි. මෙම නඩු විභාගයේ තවත් චූදිතයින් 73 ක් පිළිබඳව තීන්දු ප‍්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ මාර්තු 9 වැනිදාය.
බොහෝ නිරීක්ෂකයන් සඳහන් කරන ආකාරයට පසුගිය වසරේ හටගත් ගැටුම සාමාන්‍යයෙන් ක‍්‍රීඩාලෝලී දෙපිරිසක් අතර ඇති වන ගැටුමකට වඩා ගැඹුරුය. මෙම ගැටුමට පාර්ශ්වයක් වූ කයිරෝ පාපන්දු කණ්ඩායම යනු 2011 තහ්රිර් ජනතා නැගිටීමට නායකත්වය
කඳුළු ගෑස් ප‍්‍රහාරවලට ගොදුරුවූවකු රැගෙන යමින් |
දුන් පුද්ගලයින්ගේ ක‍්‍රීඩා සමාජයකි. එම නිසා ඔවුන්ට පහර දීම ආරක්ෂක හමුදාවල අනුදැනුම වූ බවට සැකයක් ද පවතී. මරණ දඬුවම නියම වූ බොහෝ දෙනා ගැටුමට සම්බන්ධයක් නැති පුද්ගලයන් බවද සමහරු පවසති. කෙසේ වුවත් එම විරෝධය ප‍්‍රකාශයට පත්වූයේ මුර්සිගේ පාලනයට එරෙහි ව්‍යාපාරයක් ලෙසිනි. සමහර වාර්තාවල සඳහන් වන ආකාරයට පෝර්ට්සයිඞ් නගරයේ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇත.
මෙම විරෝධතාවලට සුජාත භාවයක් ලැබෙන්නේ ජනමත විචාරයෙන් සැබෑවටම ජනතාවගේ කැමැත්ත ප‍්‍රකාශ වී නැත යන්නෙනි. ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 63.8 ක් ව්‍යවස්ථාව අනුමත කළද ප‍්‍රකාශිත මුළු ඡන්ද ප‍්‍රමාණය සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් සියයට 32.9 ක් පමණි. ඒ අනුව ව්‍යවස්ථාව අනුමත කර ඇත්තේ සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් සියයට 20.9 ක් පමණි. සංඛ්‍යාත්මකව ගත් විට දශ ලක්ෂ 282 ක් වන මුළු ජන සංඛ්‍යාවෙන් ඡුන්දදායකයන් වීමට සුදුසුකම් ඇත්තේ දශ ලක්ෂ 52 කි. මුබාරක් පාලනය යටතේ සකස් කරන ලද ඡුන්දයක ලැයිස්තුවලින් සමහර ජන කණ්ඩායම් හිතාමතාම ඉවත් කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබිණ. කෙසේ වුවත් මෙම ඡන්දදායකයන්ගෙන් පවා ව්‍යවස්ථාවට අනුමැතිය ලැබී ඇත්තේ දශ ලක්ෂ 10.9 කගෙන් පමණි. එනම් මුළු ජන සංඛ්‍යාවෙන් අටෙන් එකකට ආසන්න ප‍්‍රමාණයකි. ඡන්දය ප‍්‍රකාශ කළ ප‍්‍රතිශතය මෙතරම් පහළ මට්ටමක පැවතීමට විවිධ හේතු තිබුණත් වැදගත්ම සාධකයක් වන්නේ විපක්ෂය ජනමත විචාරණය ප‍්‍රතික්ෂේප කිරීමය. ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ ඇතුළු ප‍්‍රධාන නගර බොහොමයක ජනමත විචාරණය ජය ගත්තේ ඉතා සුළු වැඩි ඡන්ද ප‍්‍රමාණයකිනි. ඉන් පැහැදිලි වන්නේ පවතින නීති රීති අනුව ව්‍යවස්ථාව සම්මත වුවද ඊට රටේ ජනතාවගෙන් බහුතරයක අනුමැතිය නොලැබීමය. ඊට අමතරව සම්පූර්ණ ක‍්‍රියාදාමයම ප‍්‍රජාතන්ත‍්‍රවාදී හෝ විරුද්ධ මත ඉවසීම බැහැර කරන්නක් වීම නිසා
ජනාධිපති මුර්සි |
දේශපාලන සුජාත භාවයක් පවත්වා ගැනීම අසීරුය.
එම නිසා ඊජිප්තුවේ මතු වෙමින් පවතින ජනතා විරෝධය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට එරෙහිව කුමන්ත‍්‍රණයක් හා කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් ලෙස සරල ලෙස හැඳින්වුව ද සමාජයේ බෙදීම් ඊට වඩා ගැඹුරුය. ඒ බව තහවුරුවන්නේ හදිසි තත්ත්වය හෝ ඇඳිරි නීතිය නොසලකා පෝර්ට්සයිඞ්, ඉස්මයිලියා හා සූවස් යන නගරවල ජනතාව වීදි බැස අරගල කිරීමෙනි. ජනතාව මර්දනය කිරීමට මුබාරක් පාලන සමයේදී මෙන් හමුදාව යෙදවුවද ඉන් සාර්ථක ප‍්‍රතිඵල ලැබී නැත. වාර්තාවල සඳහන් වන ආකාරයට හමුදාව පසෙකට වී බලා සිටීමට අමතරව කිසිම පියවරක් ගෙන නොමැත. පසුගිය අඟහරුවාදා මුර්සිගේ පාලනයේ ආරක්ෂක ඇමති අබ්දෙල් ෂාටා එල් සිසි ප‍්‍රකාශයක් කරමින් දේශපාලන පාර්ශ්ව අතර හටගෙන ඇති ගැටුම නිසා රාජ්‍ය බිඳ වැටීමට ආසන්නයැයි පෙන්වා දුන්නේය. මෙම ගැටුම් දේශපාලන ස්වරූපයක් ගන්නා නිසා ඊට විසඳුම් සෙවිය යුත්තේ ද ඒ ආකාරයෙන් යැයි හමුදා නිලධාරියෙකු වන ආරක්ෂක ඇමැතිවරයා අදහස් කරයි.
දේශපාලන වශයෙන් ද ජනාධිපති මුර්සිගේ පදනම ශක්තිමත් බවක් නොපෙනේ. ගැටුම සමතයකට පත්කොට දේශපාලන එකඟතාවක් ඇති කර ගැනීම සඳහා ඔහු පසුගිය සඳුදා දේශපාලන පක්ෂ 11 ක නියෝජිතයන්ට හා සමාජයේ කැපී පෙනෙන පුද්ගලයින් සිව් දෙනෙකුට ආරාධනය කළේය. විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන එකතුව වන ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ප‍්‍රතික්ෂේප කරන නමුත් ජනාධිපති මුර්සි කැඳවූ රැස්වීමට සහභාගි වීමද ප‍්‍රතික්ෂේප කළේය. පසුගියදා පැවැති ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වන ජනතා ප‍්‍රවාහය ව්‍යාපාරයේ (National Current Movement) නායක හම්දුන් සභාගි නොවූයේ ගැටුම් හටගෙන ඇත්තේ ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න නිසා බැවින් ඊට විසඳුම් නැති සාකච්ඡාවක් නිරර්ථක වන හෙයිනි. නොබෙල් ත්‍යාගලාභී එල් බරාදි එය හැඳින්වූයේ කාලය නාස්ති කිරීමක් ලෙසිනි.
තහ්රිර් චතුරශ‍්‍රයට රැස්වූ ජනතාව |
සාකච්ඡාව හා සංවාදය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමයක ගැටුම විසඳා ගැනීමේ මාර්ගයක් වුවද ජනාධිපති මුර්සි ගේ දේශපාලන පදනම වන මුස්ලිම් සහෝදරත්වය එවැනි ප‍්‍රතිපත්තියකට සූදානම් නැති බව පසුගිය වසර දෙක තුළ මැනැවින් ප‍්‍රදර්ශනය කර ඇත. සෙසු ආගම් නොඉවසන බව පැහැදිලි කළේ ඊජිප්තුවේ ප‍්‍රධාන සුළුතර කණ්ඩායමක් වන ක‍්‍රිස්තියානි කොප්ටික් ආගමිකයන් සමග ගැටුම ඇති කර ගැනීමෙනි. එමෙන්ම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ ද ඔවුන් සෙසු කණ්ඩායම්වල ඉල්ලීම්වලට සවන් දුන්නේ නැත. වඩාත් වැදගත් වන්නේ ඒකාධිපති හමුදා පාලකයන් නිර්මාණය කළ මර්දනකාරී පාලන ව්‍යුහය හා නීතිරීති සංශෝධනය කිරීමට හෝ ඒවා වෙනස් කිරීමට උනන්දු නොවීමය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද ආරක්ෂක හමුදාවලට මුබාරක් පාලන සමයේ හිමිවූ වරප‍්‍රසාද ඒ ආකාරයෙන්ම ලබාදී ඇත. අනික් අතට ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමට ද පසුගිය වසර දෙක තුළ සැලකිය යුතු කිසිවක් කිරීමට මුර්සිට හැකියාවක් නොතිබිණි. එම නිසා පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමට නැවත වරක් තහ්රිර් චතුරශ‍්‍රයට යෑමට ඔහුට සිදුවනු ඇත.
කඳුළු ගෑස් ප‍්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු |
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යළි ඇවිළෙන කයිරෝ ගිනි
කුරුවිට Friday, 01 February 2013 04:45 PM
ලෝකේ තියෙන අන්තිම නරක රටක් (ස)
සිල්වා Friday, 01 February 2013 07:37 PM
බටහිර ලණු ගිලින රටවලට වෙන දේ තමා මේ. උදා: ඉරාකය, ලිබියාව, ඇපfගනිස්ථානය... වැඩිකල් නොගොස් සිරියාවත් මෙයට එකතු වෙයි. (නි)
ගාමිණී Friday, 01 February 2013 01:28 PM
සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත්තොත් අගෙයි. (නි)
අනුර ද සිල්වා Saturday, 02 February 2013 09:31 PM
කවුද මේ ගාමිණී එයා ලියන්නේම වැරදි දේවල්..!(නු)
මුතුකුඩ Saturday, 02 February 2013 01:20 AM
ගාමිණි, මොන සාකච්ඡාද? පෙනෙන්නේ නැද්ද ලෝකයේ හැම තැනම යුද්ධ. මේවා සාකච්ඡා මාර්ගයෙන් විසදා ගතයුතු ප්‍රශ්න තමයි. නමුත් සාකච්ඡා කරන්න නොහැකි තරමට දැන් මිනිසුන්ගේ මනස විකෘති වෙලා. (නි)