යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණියේය.
ධවල මන්දිරයට පැමිණි යුක්රේන ජනාධිතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.
පසුව, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සහ සෙලෙන්ස්කී අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර, ඇමෙරිකන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද ඊට එක් විය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී, සෙලෙන්ස්කි, ට්‍රම්ප් සහ ජේ.ඩී. වැන්ස් උණුසුම් වාදයකට පැටලුණාහ.
බයිඩන් පරිපාලනය දිගින් දිගටම අවි ආයුධ සහ මුදල් දෙමින්, යුක්රේනයට ආධාර කිරීමෙන් රුසියන් යුක්රේන යුද්ධය ඔඩුදුවා ඇති බවත්, තෙවැනි ලෝක යුද්ධයක් ඇති වීම වළක්වමින්, තමන් හඳුන්වා දී ඇති සටන් විරාම සාම වැඩපිළිවෙළට එක් වන ලෙසත් ට්‍රම්ප් සහ වැන්ස් දෙදෙනා සෙලෙන්ස්කිට බල කරන්න වූහ.
සෙලෙන්ස්කී කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත්තත්, මට උපදෙස් දෙන්න ඔබට අයිතියක් නැතැයි කියමින්, ජනපති ට්‍රම්ප්, සෙලෙන්ස්කී කී කිසිවකට ඇහුම්කන් දීමට ඉදිරිපත් වූයේ නැත.
අවසානයේ ට්‍රම්ප් සෙලෙන්ස්කී සහ ඔහු සමඟ පැමිණ සිටි යුක්රේන නියෝජිත කණ්ඩායම ධවල මන්දිරයෙන් නෙරපා දැමීමටත්, ඇමෙරිකාවෙන් වහා පිටවන ලෙසත් දැනුම් දුන් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
තමන් සමඟ එකට එක කීමට උත්සාහ ගැනීමෙන් සෙලෙන්ස්කී තමන්ටත්, ඇමෙරිකන් පුරවැසියන්ටත් අගෞැව කළේ යැයි ට්‍රම්ප්, සෙලෙන්ස්කීට දොස් නගා ඇත.
මේ අතර, ධවල මන්දිරයේ ඔවල් කාර්යාලයේ දී ට්‍රම්ප් සමග එකට එක කියමින්, ට්‍රම්ප්ට අපහාස කළ සෙලෙන්ස්කී 'මෝඩයකු' බව රුසියාව පවසා ඇත.
(අල් ජසීරා)
යුක්රේනයේ ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන්, ඇමෙරිකාව සමඟ ගිනිසුමකට අත්සන් තැබීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ධවල මන්දිරයට පැමිණියේය.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වීමට සමඟමීව, රුසියාවත් ඇමෙරිකාවත් අතරේ පළුදු වූ රා
පෙනහළු ආසාදනයක් හේතුවෙන් දින 14 ක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙමෙන් කෙමෙන් යහපත් අතට හැරෙමින් පවතින බව වති
ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් අතර නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය ස්ටාර්මර් සහ ජනාධිපති ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්විණි
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතය.
කොංගෝ ජනරජයේ, පැතිර යන අබිරහස් වයිරස රෝගයට මේ වනවිට 53 ක් බිලි වී ඇති බවත්, තමන් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
යුක්රේන ජනපතිට එන්න කියලා: දෙහි කපයි