පාකිස්තාන රජය පෙරැළීමට උත්සාහ ගන්නා කුමන්ත්‍රණ ව්‍යර්ථ කිරීමටත් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටත් සැවොම එකමුතු විය යුතු යැයි අගමැති යූසොෆ් රාසා ගිලානි පවසයි. පාකිස්තාන අගමැතිවරයා මේ බව කියා සිටියේ ඝාතනයට ලක් වූ හිටපු අගමැතිනියක වන බෙනාසීර් බූතෝගේ ගුණ සැමැරුමට සහභාගී වී ඇයගේ සොහොන් ගැබට පුෂ්පෝපාර දැක්වූ අවස්ථාවේදීය. ”පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අද අප මෙහි පැමිණියේ ඝාතනයට ලක්වූ බෙනාසීර් බූතෝ මහත්මියට ගෞරව දැක්වීමටයි. අප සැවොම එකමුතු වී පාකිස්තාන රජය පෙරළන්න දරන කුමන්ත්‍රණ ව්‍යර්ථ කර ප්රජාතන්ත්රවාදය දිගටම ස්ථාපිත කර ගැනීමට හැකි නම් තමයි අප සැබැවින්ම බෙනාසීර් බූතෝ මහත්මියට ගෞරව කළා වෙන්නේ” යැයි අගමැති ගිලානී ප්‍රකාශ කළේය. බෙනාසීර් බූතෝ මහත්මිය මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බිලි වූයේ 2007 වසරේ නොවැම්බර් 27 වැනිදාය. එම අවස්ථාවේදී ඇය රාවුල්පිණ්ඩි නුවර දේශපාලන රැලියකට සහභාගී වෙමින් සිටියාය. එම ගුණ සැමරුමට බෙනාසීර් බූතෝගේ සැමියා මෙන්ම වත්මන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ද පැමිණ සිටිය්ය. ඇමෙරිකා හමුදා පාකිස්තානයේ ස්වෛරීභාවය දිගින් දිගටම උල්ලංඝනය කරන්නේ ජනාධිපති සර්දාරිගේ දුර්වල නායකත්වය නිසැයි පාකිස්තාන ජනතාව සහ හමුදාව චෝදනා කරයි. පාකිස්තාන ජනාධිපති අල් සර්දාරි ධුරයෙන් ඉවත් විය යුතු යැයි පාකිස්තාන හමුදාව, ජනතාව, විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද පවසයි. ජනාධිපති අල් සර්දාරිට එරෙහිව ඔහුගේ පාකිස්තාන ජනතා පක්ෂයෙන් ද විරෝධයක් ගොඩනැගෙමින් පවතී.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රජය පෙරළන කුමන්ත්‍රණ පරදන්න අප සැම දෙනාම එක්විය යුතුයි