IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


රට පුරා රැඳවුම් මධ්‍යස්ථාන 200 ක්

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තියට සහාය ප පළ කරමින් චීන රජය, රට පුරා විශේෂිත රැඳවුම් මධ්‍යස්ථාන 200 කට වැඩි ගණනක් ඉදි කර ඇති බවත්, දූෂණ චෝදනාවලට ලක්වන ඕනෑම අයකු නීතීඥ සහාය පවා නොමැතිව පවා මාස 6 ක් රඳවා තැබීමට මෙම රැඳවුම් මධ්‍යස්ථාන යොදා ගන්නා බව පැවැසෙයි. 

මම රැඳවුම් මධ්‍යස්ථාන හැඳින්වෙන්නේ, ‘ලියුසි’ යන නමිනි. නීතීඥවරුන්ට පමණක් නොව, චෝදනා එල්ල වී රැඳවුම් භාරයට පත්වන පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන්ට පවා ඔවුන් හමුවීමට නොහැකි බව ද පැවැසෙයි.

ෂී ජින්පින් චීන ජනාධිපති ධුරයට පත් වූයේ  2012 වසරේදීය. පාලක කොමියුනිස්ට් පක්ෂය සහ හමුදාව සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු අල්ලස් දූෂණවලට එරෙහිව ජනාධිපතිවරයා දැඩි තීන්දු තීරණ අනුගමනය කළේය. ෂී ජින්පින් ශක්තිමත් නායකයකු ලෙස කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික තීරණය වී ඇත්තේ ද ඔහුගේ මෙම තීන්දු තීරණ ගැනීමට ඇති හැකියාවය. ෂී ජින්පින් ජනාධිපති ධුර කාල දෙකක් සම්පූර්ණ කර ඇත. 

දූෂණ විරෝධීන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් රඳවා තැබීමට ‘ලියුසි’ රුඳවුම් මධ්‍යස්ථාන චීනය පුරා ස්ථාපිත කිරීම ආරම්භ වූයේ 2018 වසරේ සිටය. ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් මන්දගාමී වුවත්, මෙම 2024 වනවිට චීනය පුරා ඉදි කරනු ලැබ ඇති ‘ලියුසි’ රැඳවුම් මධ්‍යස්ථාන ගණන 218 කි. කෙසේ නමුත් චෝදනාවලට ලක්වන පුද්ගලයන් ‘ලියුසි’ රුඳවුම් මධ්‍යස්ථානවලදී දැඩි ලෙස මර්දනයට ලක් කෙරෙන බවත්, ඔවුන් වධ බන්ධනයන්ට ලක් කෙරෙන බවත් බටහිර මාධ්‍ය වාර්තා කර ඇත.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

රට පුරා රැඳවුම් මධ්‍යස්ථාන 200 ක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු
2025 ජනවාරි මස 04 2018 0

දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.


වයස්ගතම රන් පදක්කම් ශූරිය සමුගනී
2025 ජනවාරි මස 04 43 0

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය ලෙකස වාර්තා අතරට ගොස් සිටි, 103 හැවිරිදි ඇග්නස් ක්ලෙටි අභාවප්‍රාප්ත වූවාය.


ට්‍රම්ප්ගේ නඩුවේ තීන්දුව 10 වැනිදා
2025 ජනවාරි මස 04 31 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නඩු තීන්දුව ලබන 10 වැනිදා නියම කරනු ඇති බවත්, ට්‍රම්ප්ට දඩුවම් නියම කිරී


වයිරස ව්‍යප්තිය ගැන බියක් එපා - චීනය
2025 ජනවාරි මස 04 2596 1

චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සා


චීනයේ තවත් කොරෝනා වයිරසයක්
2025 ජනවාරි මස 03 5763 5

‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති


නිව්යෝක් රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 02 1200 0

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 414 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site