උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි ශිම්ලා නගරයේ රිලවකු නිවසකින් ඉන්දියන් රුපියල් 100,000 ක් සොරාගෙන මිනිසුන්ට බෙදා දුන් අපූරු සිද්ධියක් වාර්තාවෙයි.
ශිම්ලා යනු සතුන්ගේ ක්ෂේම භූමියක් වැනි ප්රදේශයකි. එහි රිලවුන් බහුලය. පරිසරවේදීන් පවසන්නේ ලක්ෂ තුනක් පමණ සිටින බවයි. ඉන්දියානුවෝ මේ රිලවුන් දේවත්වයෙන් සළකති. ඔවුන්ට ආහාර පාන ද දෙති. කෑම සොයමින් නිවසකට ඇතුළු වූ මැකාකි රිලවකු ආහාරයට කිසිවක් නොලැබූ විට නිවසේ තිබූ මුදල් නෝට්ටු මිටියක් රැගෙන ආවේය. වහළකට නැගුණු රිලවා කෑමට නොහැකි මේ නෝට්ටු එක දෙක බිම දමන්නට විය. මේ දුටු ගැමියෝ පුදුමයට පත්ව ගස අසළ රොක් වෙද්දී රිලවා ගස මතට වී මුදල් නෝට්ටු විසුරුවන්නට විය. මිනිසුන් පොරකමින් මුදල් නෝට්ටු අහුලන ආකාරය බලා සිටි රිලවා නැවත නැවතත් එයම කරන්නට විය. මිනිසුන් වෙතින් තමන්ට ලැබෙමින් තිබෙන අවධානය ගැන පුදුමයට පත්ව සිටි රිලවා උස්ව වැඩුණු පයින් ගසකට නැගුණේය. එහි සිට ද ඔහු කළේ මුදල් නෝට්ටු විසුරුවා හැරිමයි. පැයක පමණ කාලයක් තිස්සේ ගැමියන් ඒ මේ අත දිව යමින් මුදල් නෝට්ටු එකතු කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියානු බලධාරින් පවසන්නේ පසුගිය වසර කිහිපයේ දී වඳුරු ගහණය ඉතා සීඝ්‍රෙයන් වැඩි වී ඇති වයි. දැන් වඳුරු මිනිස් ගැටුමක් හටගෙන ඇතැයි ද වඳුරන් මිනිසුන්ට පහර දීම, භෝග විනාශ කිරීම, ළමයින් හපාකෑම ආදී විවිධ අනතුරු සිදුකරයි.
2014 වර්ෂයේ දී මෙවැනි සිදුවීමක් වූ දෙවැනි අවස්ථාව මෙයයි. දැනට මාස කිහිපයකට පෙර කඩයකින් මුදල් නෝට්ටු මිටියක් පැහැරගත් රිලවකු නගරයේ ජනාකීර්ණ ස්ථානයක ගසකට නැග මුදල් නෝට්ටු විසුරුවා හැරියේය.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිලවා සල්ලි බෙදයි
රවීන්ද්‍ර Thursday, 04 September 2014 09:09 AM
අපිටත් දෙන්න රිලවෝ (නදී)
නිරාන් Thursday, 04 September 2014 09:12 AM
එළකිරිනෙ...මු නම් එළකිරි රිලවෙක්. (නදී)
අසංක ප්‍රභාත් Thursday, 04 September 2014 09:12 AM
කතා කරලා එක්කගෙන එන්න බැරි වෙයිද ? (නදී)
ප්‍රභාත් Thursday, 04 September 2014 09:17 AM
වරෙන් රිලවෝ ලංකාවට (නදී)
විමල් Thursday, 04 September 2014 09:25 AM
අපේ ගෙවල් පැත්තෙත් එන්ඩ බැරිද රිළවෝ (නදී)
චන්ද්‍රානි කඩුපිටියගේ Thursday, 04 September 2014 03:43 PM
දුප්පතුන්ගේ දුක දන්නා රිලවෙක් (නදී)
චන්දි Thursday, 04 September 2014 03:55 PM
දුප්පතාගේ දුක දන්නා රිලවෙක් (නි)
මාලි Thursday, 04 September 2014 09:37 AM
කතරගම ඉන්නේ රිලව් නෙමෙයි වදුරෝ (නදී)
ඉන්දු මෙල්බෙර්න් Thursday, 04 September 2014 03:31 AM
අනේ අපේ ගමටත් එන්නකෝ රිලවෝ. (නදී)
රූපවතී Thursday, 04 September 2014 09:40 AM
අහිංසක සත්තු ..? බුද්ධිය අතින් ගොඩාක් ඉහල සතෙක් ..අපේ රටේ නිවසකට ආවොත් මේ සතුන්ට වහ දීල මරණ කාලකන්නි මිනිසුන් ජීවත් වෙනවා ..? (ස)
වරුණ හෙට්ටිගේ Thursday, 04 September 2014 09:51 AM
ලංකාවෙ මේ වගේ සල්ලි බෙදන වැඩ කරන්නෙ එෆ්.එම් චැනල් වල අය. ඒ වුනාට එයාල රිලව් වගේ කියල මම කිව්වෙ නෑ.(නදී)
රජීව් Thursday, 04 September 2014 09:56 AM
මරු රිලවා නේද අනේ (නදී)
චන්ද්‍රා වීරසිංහ Tuesday, 09 September 2014 10:49 PM
අනේ මේ වාගේ රිලවෙක් අපේ මුදල් ඇමති කමට එනවනම් රටේ දුප්පත් කම නැති වෙලාම යාවි (ස)
කවිෂ්ක Thursday, 04 September 2014 05:28 PM
උඹ ලංකාවට නම් එන්න එපා රිලවෝ (නි)
ජගත් Thursday, 04 September 2014 04:19 AM
රොබින් හුඩ් ද කොහෙද රිලවෙක් වෙලා ඉපදිලා තියෙන්නේ (නදී)
වසන්ත Thursday, 04 September 2014 06:02 PM
අපේ රූපවතීගේ ගෙදරට ගිහින් දාන්න රිලවු ටිකක් හොයාගන්න නැද්ද? (නි)
සත්‍යයා Thursday, 04 September 2014 04:59 AM
අපේ රිලවු ඔය වගේ වැඩ කරන්නේ ඡන්ද අපේක්ෂකත්වය ලැබිලා ජනතාවගේ ගෙපැල් වලට පස්ස දොරින් රිංගන කාලයට. (නදී)
ලහිරු Sunday, 07 September 2014 02:21 PM
මරේ මාරු රිලවා. මෙහෙට නම් එන්න එපා. මිනිස්සු මරාගනී එකෙක් වැඩිපුර අැහුලුවොත් (නදී)
ඉසුරන්දි Thursday, 04 September 2014 05:11 AM
අම්මෝ රිලවු ගැන කියල වැඩක් නැහැ. කතරගමට ගිහින් බලන්නකෝ. පුජා වට්ටියට ඇහැ ගහගෙන හිටියේ නැත්තම් ඉවරයි. සුද්දෙ දානවා. (නදී)
හේවාවිතාරණ Thursday, 04 September 2014 08:26 PM
මටත් රිලවෙකු ඇති කිරීමේ ආශාවක් ආවා (නි)
සඳකැළුම් Friday, 05 September 2014 11:51 AM
අන්න නියම රිලව්! (නි)
තිලක් Thursday, 04 September 2014 12:20 PM
මේ දවස්වල ඌවෙත් ඔහොම බෙදනවා (නදී)
ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 07:12 PM
අපේ රටේ හැටියට අපිට නම් 30,000 ක් රිලවුන් අවශ්‍ය නැහැ. (නි)
බිනර Friday, 05 September 2014 04:31 AM
ලංකාවේ නම් ඔය වගේ රිලව් ඉන්නේ සමහර පෞද්ගලික ටීවී සහ එෆ්.එම්. චැනල් වලනේ. (නි)
රෙක්ස් Thursday, 04 September 2014 02:15 PM
වරුණ කිව්වා හරි, ෂුවර් එකටම මෙයා 'රිලා එෆ්.එම්‘ එකෙන් වෙන්න ඇති. (නදී)
ලක්විදු Thursday, 04 September 2014 02:16 PM
අපේ රටේ සල්ලි බෙදන අයට වල්ගේ විතරයි අඩු. (නදී)
රෙජි-සිඩ්නි Thursday, 04 September 2014 01:20 AM
එහෙනම් රිලව් හොඳදේත් කරනවා? (නි)
ලක්විදු Thursday, 04 September 2014 02:45 PM
මේක තොප්පි වෙළෙන්දාගේ කතාවේ නව නිෂ්පාදනයක් වගෙයිනේ (නි)