රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර වසරක් ගත වී ඇත.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ බටහිර සහාය ලබන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හෝ සාමයට උනන්දු නොවන බැවින්, රුසියන් යුක්රේන යුද්ධය අද හෙට අවසන් නොවනු ඇති බවත් තවත් වසර ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
පසුගිය දා, පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගිය ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවේ ප්‍රතිඥා දුන්නේ, රුසියන් යුක්රේන යුද්ධය කොතරම් කලක් දිග්ගැස්සුණත්, ඇමෙරිකාවේ සහාය දිගටම යුක්රේන රජයට හිමිවනු ඇති බවය.
මේ වනවිට රුසියාව, කැනඩාව, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් දිගින් දිගට යුක්රේනයට අවි ආයුධ සහ යුදෝපකරණ ලබා දෙයි. යුද ටැංකි සහ මිසයිල පද්ධති ලබා දෙයි.
යුක්රේන හමුදාව, රුසියන් ප්‍රහාරවලින් ආරක්ෂා වන්නේ මෙසේ ඔවුන්ට බටහිරින් ලැබුණු අවි ආයුධවලිනි. තමන්ට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන්නැයි ද යුක්රේන ජනාධිපති සෙලේන්ස්කී බටහිර රටවලින් ඉල්ලීමක් කර තිබේ.
2021 වසරේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කළේය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට තදින් විරුද්ධ විය. යුක්රේනය දිගින් දිගටම ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටින්නේ නම්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පුටින් තර්ජනය කළේය.
යුක්රේන ජනාධිපති එම තර්ජන ගණනකට ගත්තේ නැත. ඒ අනුව, ඒ අනුව, පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේය. රුසියන් ආක්‍රමණය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු යුක්රේන වැසියන් ගණන මිලියන 7 කට වැඩිය.
‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල් රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම රුසියාවට විශාල තර්ජනයකි.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රුසියන් යුක්රේන යුද්ධයට වසරයි
anura Friday, 24 February 2023 08:48 AM
මේ දෙන්නාව කසාද බැන්දෙව්වොත් නරකද? අළුත් ලෝකයේ නීති අනුව එහෙමත් පුළුවන්නේ...