IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


රුසියන් යානයක් ඉන්දුනීසියාවේදී කඩාවැටී 50 දෙනෙක් මරුට

රුසියාවේ නිෂ්පාදිත නවතම මගී ගුවන් යානයක් මිලදී ගැනීමට ඉන්දුනීසියා ගුවන් සේවය සූදානමින් සිටිද්දී, 50 දෙනකු රැගෙන ගුවන් ගමනක යෙදුණු එම යානය පෙරේදා (9) රාති‍්‍රයේ හිටිහැටියේ අතුරුදන් වූ අතර එහි සුන්බුන් ඊයේ (10) උදෑසන සොයා ගැනීමට සහන සේවා නිලධාරීන්ට හැකිවිණි. යානයේ ගමන් කළ සියල්ලන්ම ජීවිතක්ෂයට පත්ව ඇති බව සහන සේවා නිලධාරීහු පවසති. රුසියාවේ සුකෝයි සමාගමේ නිෂ්පාදනය කළ, ඇන්ජින් දෙකකින් යුත් එම සුඛෝපභෝගී මගී ජෙට් යානය අනතුරට පත් වූයේ අත්හදා බැලීමේ ගුවන් ගමනකට යොදා ගැනීමේදීය. ඉන්දුනීසියා ගුවන් සේවය සුකෝයි ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමට සූදානමින් සිටින අතර ගුවන් යානයේ කි‍්‍රයාකාරිත්වය සහ එහි ගමන කෙසේදැයි සොයා බැලීමට සුකෝයි ගුවන් යානා සමාගම එම අත්හදා බැලීමේ ගුවන් ගමන සිදු කළේය. යානය අනතුරට පත්වෙද්දී රුසියා ජාතිකයෝ අට දෙනෙක් එහි සිටියහ. යානය පැදවූයේ රුසියන් ජාතිකයෙකි. එහි කාර්ය මණ්ඩලයට අයත් වූවෝ ද රුසියා ජාතිකයෝය. ඊට අමතරව සුකෝයි සමාගමේ නිලධාරීන් කීප දෙනකු ද ඇමෙරිකන් ජාතිකයකු සහ ප‍්‍රංශ ජාතිකයකුද එහි සිටි අතර සෙසු සියල්ලෝම ඉන්දුනීසියා ජාතිකයෝ වෙති. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ගුවන්තොටුපොළින් ගුවන් ගත වී මිනිත්තු 50 කට පසු, යානය හිටිහැටියේ රේඩාර් තිරවලින් අතුරුදන් වූ බව බලධාරීහු පවසති. අතුරුදන් වෙද්දී ගුවන් යානය මීටර් 2,000 ක් ඉහළින් පියාසර කළේය. යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කළ සැණින් පෙරේදා රාති‍්‍රය පුරා සෝදිසි මෙහෙයුම් සිදු කෙරුණු නමුත් යානයේ සුන්බුන් කිසිවක් සොයා ගැනීමට හැකි නොවිය. ගුවන් යානය අතුරුදන් වූ සැණින් ඉන්දුනීසියා ජනාධිපති සුසිලෝ බන්බන් යුදයෝනෝ මාධ්‍ය හමුවේ කියා සිටියේ එය සෙවීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. ඊයේ උදෑසන, සලාක් නමැති ගිනි කන්ද අසල චිජෙරූක් පළාතේ ගන වනාන්තරයක තිබී යානයේ සුන්බුන් හමුවුණේ ඉන්දුනීසියා ගුවන් හමුදාවටය. ඔවුන් වහා එම ස්ථානයට ගොස් සුන්බුන් පරීක්ෂා කළ බව වාර්තා විය. යානය අනතුරට පත්වූයේ කෙසේදැයි සෙවීමට මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ වන විට අනතුරට හේතුව අබිරහසක් බව මාධ්‍ය වාර්තා කරයි. අනතුරට හේතුව සේවීමේ පරීක්ෂණ සඳහා සුකෝයි ගුවන් යානා නිෂ්පාදන සමාගමේ පරීක්ෂකවරුන් පිරිසක් ද ඉන්දුනීසියාවට පැමිණීමට නියමිතය. යානයේ පියසැරි දත්ත පටිගත වන කළු පෙට්ටිය සොයා මේ වන විටත් පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (0)

රුසියන් යානයක් ඉන්දුනීසියාවේදී කඩාවැටී 50 දෙනෙක් මරුට

නසාර් Sunday, 13 May 2012 09:41 AM

අපෝ,දැන් පයින් ගමන් යන්නත් බෑ.

:       0       0

ජගත් Saturday, 12 May 2012 11:24 AM

අපෝ,දැන් ගුවන් ගමන් යන්නත් බයේ බෑ

:       0       0

Rupasinghe Saturday, 12 May 2012 02:47 PM

මෙය ඇතැම් විට කාර්මික දෝෂයක් වෙන්න බැරි නැහැ. ඒ උනත් තරිදු මම හිතනවා ඔබ හරි කියා. මට පේන හැටියට අයිමත් සිතල යුද්ඩය ආරම්භ උනා වගේ. කලින් කළා වගේ, ඔවුන් පළමුව ගන්නේ ආර්ථිකය කඩා වැටෙන්න. දන්නවනේ එහෙ නායකයා බලයට එනවිට "හලරිලා"(අපේ රටටත් මෙයා) කී දේවල්. අද බලවත් රටවල් කරන්න තමාගේ ජනතාව ජීවත් කරන්න තවත් ජනතාවක් මරණ එකනේ, ඕක තමයි අද ලෝක දේශපාලනයේ තියෙන්නේ.

:       0       0

තරිදු Friday, 11 May 2012 05:31 PM

වෙනත් බටහිර ගුවන් යානා නිෂ්පාදන සමාගම් වල උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 935 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 525 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 128 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8407 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 159 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 237 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site