IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රුසියාව ත්‍රස්තයන්ට ’හොඳටම සලකලා’

රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටියදී අල්ලා ගත් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් ද පසුව යැයි බටහිර මාධ්‍ය පවසයි.

රුසියන් ආරක්ෂක අංශ මෙසේ කටයුතු කිරීම, මානව හිමිකම් ගැන කතා කරන බටහිර රටවල දැඩි අප්‍රසාදයට, හේතුවක් වී ඇති නමුත්, එම බටහිර රටවල බොහෝ වැසියන් පවා පෙන්වා දී ඇත්තේ අමු අමුවේ අහිංසක ජීවිත බිලි ගන්නා මෙවැනි ත්‍රස්තවාදීන්ට මේ අයුරින් 'සැලකීම' වඩාත් උචිත බවය.

අල්ලා ගත් මෙම ත්‍රස්තයන් සිවුදෙනාම ටජිකිස්තාන ජාතිකයන්ය. ටජිකිස්තානය යනු රුසියාව අසල පිහිටි රාජ්‍යයකි.

ඔවුන් සිවුදෙනා මුහම්මද් සොබීර් ෆයිසෝයි, ෂම්සිදීන් ෆරිඩුන්ල්, සෙයිඩ්කොරාම් රචාබයිසෝඩා සහ ඩලෙර්ජෝන් මිර්සෝව්ය.

මුහම්මද් සොබීර් ෆයිසෝයි කරණවෑමියෙකි. මාධ්‍ය වාර්තා අනුව, රුසියන් ආරක්ෂක අංශ මොහුගේ වම් ඇස උගුල්වා තිබේ. රහස් ප්‍රදේශවලට විදුලි සැර වද්දමින්, කශේරුකාවට හානි වන ලෙස පහර දී ඇත.

ෂම්සිදීන් ෆරිඩුන්ල් කම්හල් සේවකයෙකි. මොහුගේ මුහුණට පහර දී වම් පස දත් කිහිපයක් ගලවා දමා ඇත.

සෙයිඩ්කොරාම් රචාබයිසෝඩා ද කම්හල් සේවකයකු වන අතර, රුසියන් ආරක්ෂක අංශ මොහුගේ දකුණු කන් පෙත්ත කපා, මොහුට එය කෑමට බල කර තිබේ. ඇසකට හානිවන ලෙස පහර දී ඇත.

ඩලෙර්ජෝන් මිර්සෝව් සංක්‍රමණික සේවකයකු බවත් සිවුදරු පියකු බවත් පැවැසෙයි. මොහුගේ මුහුණට ද බරපතල ලෙස පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.



අදහස් (26)

රුසියාව ත්‍රස්තයන්ට ’හොඳටම සලකලා’

ජුනයිඩ් නානා Tuesday, 26 March 2024 06:54 AM

ගාසා තීරයේ පලස්තීනුවන් දසදහස් ගණනක් අමු අමුවේ ඊශ්‍රායල් හමුදාව විසින් මරා දමනවා ඔය කියන බටහිර මාධ්‍යකාරයන්ට පේන්නෙ නැද්ද? බටහිර රටවල පාලකයින්ගේ කුණු හෝදන මාධ්‍ය වලින් ලෝකෙට ඇති පලේ මොකක්ද ?

:       29       76

Vithana Tuesday, 26 March 2024 07:33 AM

අම්මෝ මොකුත් කියන්නෙ නෑ අපි අර අයට විරුද්ධව නම්. අර සහජීවනේට හානි වෙලා ඡන්ද කැඩෙනවනේ අහවල්ලුන්ගෙ. ‌”පව්... එයාලට ඌව වෙන්නම රුසියන් හමුදාව කරලා...” කියලා කිව්වට කමක් නැද්ද?

:       6       42

මැක්ස් Tuesday, 26 March 2024 07:57 AM

බටහිර කවදත් උන් අකැමැති රටවලට ගහන්⁣නෙ මානව හිමිකම් කෙවිටෙන්. ඊට ඈඳා ගන්නෙ අදාළ රටේ ඉන්න දේශ ද්‍රෝහීන්. ලංකාවෙ තරමටම රැසියාවෙ ඒ ජාතියෙ කාලකණ්ණි අඩු වීම එරටේ වාසනාවක්. ඒකටත් එක්ක මේ රටේ! යුද්දෙ දිනන්න ඔන්න මෙන්න කියල තිබුණු වෙලෙත් අයවැය පරද්දල ප්‍රභාට ඕන දේ කරන්න ලෑස්ති උනු ඊනියා විප්ලවවාදීන් ඉන්න රටක්නෙ මේක. ජිනීවා සමයට එයාලා එළියට බැහැලා එන්ජීඕ නඩත් එක්ක එකතු වෙලා නටන නාඩගම කාටත් පෙනෙන දෙයක්නෙ.

:       13       62

නලින්ද ශ්‍රීනාත් වීරසිංහ Tuesday, 26 March 2024 08:16 AM

මෙවැනි අමානුෂික ත්‍රස්තවාදීන්ට මෙම සැළකීම ප්‍රමාණවත් මදි.

:       1       115

රට වැසියාTuesday, 26 March 2024 10:11 AM

අනිවාර්යෙන්ම, උසාවියට ඉදිරිපත් කරන්නත් අවශ්‍ය නැ! - බටහිර මාධ්‍ය "ත්‍රස්තවාදින්" කියන වචනයටත් කැමති නැ!

:       2       75

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 March 2024 08:39 AM

කිසි වරදක් නොකොට අමු අමුවේ මාරා දැමුණු අහිංසක මිනිස් ජීවිත ගැන අමතක කොට,මිනීමරු ත්‍රස්තයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම ගැන කතා කිරීමට තරම් ඇතැම් මිනිසුන් අන්ධ වී ඇත. මේ මිනීමරු ත්‍රස්තවාදීන්ට කුමන දඬුවමක් දුන්නත් යහපත් මිනිසුන් විරුද්ධ වන්නේ නැත. මොවුන් සිදුකළ සාහසික මනුෂ්‍ය ඝාතන වලට මේ දුන් දඬුවම් ඉතා සුළු එකකි.

:       3       114

charith Tuesday, 26 March 2024 09:05 AM

මෙහෙම කරන්නෙ නෑතුව හුරතල් කරන්නද? අපේ රටේ එවුන් නිදොස්කොට නිදහස් කලාට ජරාවට යට වෙලා.......නියමයි උගුල්ලන්න තිබ්බෙ උන්ගෙ මහ එකාගෙ අහවල් එක,,,,,

:       1       64

රංබොඩ Tuesday, 26 March 2024 10:31 AM

මානව හිමිකම් එත්කොට අහිංසක නිරායුධ ජනතාව අමු අමුවේ මරා දැමීම අනුමත කරනවද ? ඔය මානව හිමිකම් නමින් පෙනී සිටින කල්ලි ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ.

:       1       67

chandana Tuesday, 26 March 2024 01:41 PM

මුන්ගේ අමානුෂික ක්‍රියා වලින් අහිංසක මිනිස්සු මැරුණාට කමක් නැහැ, හැබැයි මුන්ට වද දෙන්න එපා. මුන් පව්. ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන කතා කරන ඕනෑම එකෙක් අනවාර්යයෙන්ම මේ වගේ අමානුෂික ක්‍රියා පස්සෙන් ඉන්නවාත් ඇති. ත්‍රස්තවාදය නිවැරදිවම හදුනාගත් රටක් මෙහෙම තමයි ත්‍රස්තවාදයට පිළිතුරු දිය යුත්තේ. මොනවා වුණත් ශ්‍රී ලාංකිකයන් වගේ නෙවෙයි රුසියානුවන් තමන්ගේ රටට ආදරෙයි.

:       2       66

චන්දන Tuesday, 26 March 2024 03:18 PM

ඇමරිකාවෙ කරන්නෙ කෙලින්ම වෙඩි තියල දාන එක. පහුගිය කාලෙ කලු ජාතිකයන්මැරුව. ඒකට ප්‍රශ්නයක් නැත්ද? ගාසාවල ළමයි මරණව. ඒව පේනේනෙ නැහැ. 150 නිරපරාදෙ මරපු එවුන් පට්ට ගහල ටික ටික මරන්න ඕන.

:       1       1

Saman Tuesday, 26 March 2024 03:51 PM

බැරි වෙලාවත් මෙයින් එක්කෙනක් හරි පැත්තක හිටිය අහිංසකයෙක් නම්? ඉස්සෙල්ලාම පිලිවෙලකට නඩු අහලා ඉවරවෙලා දඩුවම් දීම තමා පිලිවෙල...ලංකාව වගෙ සක්කිලි රටවල් වලනම් එහෙම වෙනවා අඩුයි...

:       0       1

Indika Tuesday, 26 March 2024 04:27 PM

ලංකාවේ සහරාන් සෙට් එකට මෙහෙම සලකන්න බැරි උනානේ .පව්

:       0       1

Third eye Tuesday, 26 March 2024 04:34 PM

තුවක්කුවක් අතට ගත්තාම මම තමයි පොර කියලා හිතන් හිත් පිත් නැතිව අහිංසක මිනිස්සු මරණ මේ වගේ මානසික රෝගීන්ට මේ දඬුවම ලාමක වැඩියි...

:       0       1

බද්රානි Tuesday, 26 March 2024 05:12 PM

ලංකාවේ තක්කඩි දේශපාලකයින්ගේ දෙකයි පනහේ රංගන වලටත් රැවටිලා චූන් වෙලා පුහු දේශප්‍රේමේ ඉහට ගහගෙන කුල්මත් වෙන අම්බරුවන්, පුටින්ලාගේ ත්‍රාසජනක විශිෂ්ඨ රංගන ඉදිරියේ කුලප්පු වෙන එක ඉතින් අහන්නත් දෙයක්ද..? රුසියාවේ විපක්ෂ නායකයාව හිරේදීම ඝාතනය කොට, මැතිවරණ ජයග්‍රහණය කළ පුටින් ගැන ඒ රටේ බුද්ධිමත් ජනතාව පමණක් නොව, යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් අප්‍රසාදයෙන් යුතුව කතා කරන වකවානුවක, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවීම ජුගුස්සා ජනකයි. මෙච්චර හරියක් කරන තෙක් ඔර්ජිනල් පුටින්ගේ බුද්ධි හා ආරක්ෂක අංශ පොල් ගෑවාද...? ලෝකල් පුටින්ගේ රටේ පාස්කු ප්‍රහාරය වගේ සියල්ල සිදුවීමට ඉඩ හැරියද මන්දා..? අනික ඉතින් අර ආයුධ සන්නද්ද ත්‍රස්තයින් අතින් රුසියන් හමුදාවේ හෝ පොලිසියේ කිසිවෙක් ඝාතනය නොවීමත් පුදුමයක්...? මොනවා වුනත් අර අල්ලා ගත්තු, ත්‍රස්තවාදීන්ගේ මුහුණවල් දැක්කාම අපේ මෝඩ චූන් දේශ හිතෛශී අයියලා, මල්ලිලාට විතරක් නෙවෙයි, මගේ හිතටත් මාර ජොලියක් දැනෙනවා අප්පා... ඒ වුණාට මට තියන බය, අපේ රට ආරක්ෂා කරන්න ආයෙත් ලෝකල් පුටින් කෙනෙක් කඩා පාත්වෙයි කියලයි...

:       2       3

විජිත් Tuesday, 26 March 2024 05:41 PM

හරි හමන්, කොන්ද පණ තියෙන අය අපරාධ පරීක්ෂණ අංශයේ හිටියා නම් ... අද පතෝල සිරාගේ මුහුණත් මේ වගේ වෙන්න තිබුණා...

:       0       2

Prabha Tuesday, 26 March 2024 06:03 PM

ලෝකයේම ඉන්න ත්‍රස්තවාදීන්ට දේශපාලන රැකවරණ දෙන ප්‍රශ්නේ නෝවේ අයගෙන්ම ඉල්ලන් කාලා වැඩි කලක් නෑ...

:       1       1

nimal Tuesday, 26 March 2024 06:21 PM

මානව හිමිකම් මේ කණ්ඩායම්වලට අදාළ නැහැ. හමාස් ඇතුළුව. සියලු දෙනා පණපිටින් මරා දැමිය යුතුයි. රුසියානු රහස් ඔත්තු සේවය කළ දේ ප්‍රමාණවත් නොවේ...!

:       0       1

Bamunuarachchi Tuesday, 26 March 2024 06:44 PM

ඉස්ලාම්යන් ත්‍රස්තයින් කිව්වාම ඉස්සෙල්ලාම තද වෙන්නේ සිංහල බෞද්ධයින්ට බෞද්ධ සිද්දස්ථාන වලට මේ හම්බයින් කෙලපු දාට තමයි අපිට ඉස්සෙල්ලාම ඒ සිංහලයින්ට ගහලා වැඩපටන් ගන්න වෙන්නේ....!

:       1       1

Bamunuarachchi Tuesday, 26 March 2024 07:07 PM

සෑම මුස්ලිම් කාරයෙක්ම ආගමික ත්‍රස්තයෙක්. ඔවුන් ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක්ම කරන්නේ අල්ලාහු අක්බර් කියමින්. ඉස්ලාම් ත්‍රස්තවාදය ඔවුන්ගෙන් ආගමින්ම එන එකක්. හාවුන් මෙන් දරුවන් වැදීමත් ත්‍රස්තවාදයේ එක කොටසක්...!

:       1       1

සෙනෙවිරත්න Tuesday, 26 March 2024 08:56 PM

මැක්ස් මහත්තයෝ, අපටත් දෙපයින් හිටගන්න පුළුවන් රටක් හදලා තිබුණා නම් ඔය වගේ සලකන්න තිබුණා. කොහේද මැක්ස් මහත්මයා පත්කරලා යවපු පාලකයෝ...? එහෙම රටක් හැදුවේ නැහැනේ. චීනෙටත් බයයි ඉන්දියාවටත් බයයි. ඇමරිකායටත් බයයි. එහෙම එකේ මානව හිමිකම්වලට බය නොවී බැහැනේ...!

:       0       1

සෙනෙවිරත්න Tuesday, 26 March 2024 08:59 PM

මැක්ස් මහත්තයෝ ඔයාලා පත්කරලා යවපු අපේ පුටිනුත් පාස්කු ප්‍රහාරකයින්ට සැලකුවේ ඔය වගේම තමයි. කොහේද එතුමා පැන්නුවානේ..!

:       0       0

සෙනෙවිරත්න Tuesday, 26 March 2024 09:02 PM

මෙතන මානව හිමිකම්වලට අපහාස කරන අය පත්කරපු පාලකයෝ කොන්ද පණ ඇති රටක් හැදුවා නම් අපටත් අපරාධකාරයින්ට ඔහොම සලකන්න තිබුණා...

:       0       0

පිටරටවැසියා Tuesday, 26 March 2024 09:07 PM

උඩින් තියෙන කමෙන්ට්ස් වලට ඩිස්ලයික් දාපු ඔක්කොම ත්‍රස්තවාදීන්...

:       0       0

Rohana Wednesday, 27 March 2024 07:41 AM

නිරායුධ මිනිසුන් කිසිදු හේතුවක් නැතිව අමු අමුවේ මරා දැමීමේ අපරාධයට මෙලොවින්ම දඩුවම් ලැබී ඇත. වරදට දඩුවම් දෙන අපායද පිහිටා ඇත්තේ මේ මහ පොලවේමය.

:       0       5

බද්රානි Wednesday, 27 March 2024 03:17 PM

පුටින්ගේ අසූචි කාලා, කැලෑ පත්තරේ පහරලා වගෙයි මට නම් පේන්නේ... උදේ ඉඳන් රෑ වෙනකම් ටෙලි ඩ්‍රාමා බලන ඔබලාට චූන් වෙන්න හොඳයි. මොවුන්ව අල්ලාගෙන තියෙන්නේත් මේ සිද්ධිය වුණු ස්ථානයෙන් කිලෝමීටර් එකසිය හතළිහක් එපිටින්... පුටින්ලා හුරතලේට ඇතිකරන ඔබලාගේ ජාතියේම කුක්කෝ තමයි ඔය පින්තුරවලත් ඉන්නේ...

:       2       5

Roshan Thursday, 28 March 2024 05:05 PM

ගැහුවා මදි...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 72 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 67 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 84 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2808 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5634 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 190 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 719 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2015 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site