අඟහරු ග්‍රහයාගේ ‘පෝබෝස්’ චන්ද්‍රයා ගවේෂණයට ගොස් මඟ වැරදුණු රුසියා ගවේෂණ යානය පෙරේදා (15) යළි පෘථිවියට පැමිණි අතර පෘථිවි වායුගෝලයේදී විනාශ වී ගිය යානයේ සුන්බුන් දකුණු ඇමෙරිකාවේ චිලී රාජ්‍යයට නුදුරින් පැසිෆික් සාගරයට කඩා වැටුණි. රුසියා විද්‍යාඥයන් මුලින් අනුමාන කළේ යානයේ සුන්බුන් ඉන්දියන් සාගරයට පතිත වනු ඇතැයි කියාය. ෆෝබොස් - ග්රන්ට් මාර්ස් යනුවෙන් නම් කළ එම ගවේෂණ යානය පසුගිය නොවැම්බර් මස 8 වැනිදා අඟහරු බලා පිටත් කර හැරුණි. එහෙත් ඊට අඟහරු බලා යන නිසි ගමන් මඟට පිවිසීමට නොහැකි වී පෘථිවි කක්ෂයේ සිර විය. එය යළි පෘථිවියට කඩා වැටුණේ ඉන් පසුවය. ටොන් 14 ක් බර යානය පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ පසු අධික තාපය හේතුවෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර මුහුදට කඩා වැටුණේ කැබැලි කිහිපයක් පමණි. මීට පෙරද මේ අයුරින් උඩුගුවනට යැවුණු අභ්‍යවකාශ යානා මෙන්ම අභ්‍යවකාශ නැවැතුම්පොළ දෙකක් ද පාලනය කර ගත නොහැකිව පොළොවට කඩා වැටී තිබේ. 2003 දී ටොන් 100ක් බර කොලම්බියා අභ්‍යවකාශ ෂටලය ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ කාන්තාරබද ප්‍රදේශයකට කඩා වැටුණි. 1979 වසරේ දී ටොන් 85 ක් බර ස්කයිලැබ් අභ්‍යවකාශ නැවැතුම්පොළ ඔස්ටේ්රලියාවේ කාන්තාර ප්‍රදේශයකට කඩා වැටුණි. 1991 දී ටොන් 44 ක් බර සැල්යුට් 7- කොස්මොස් 1686 අභ්‍යවකාශ නැවැතුම්පොළ කඩා වැටුණේ ආජන්ටිනාවටය. 1979 දී පෙගසස් 2 අභ්‍යවකාශ යානය අත්ලාන්තික් සාගරයට කඩා වැටුණු අතර පසුගිය වසරේ එනම් 2011 දී බස් රියක් තරමට ලොකු ටොන් 6 ක් බර යූඒආර්එස් චන්ද්‍රිකාව පැසිපික් සාගරයට කඩා වැටුණි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුසියා ගවේෂණ යානයේ සුන්බුන් පැසිෆික් සාගරයට