IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


රාහුල් බජාජ් මියයයි

ලොව විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන 'බජාජ් ඔටෝ' නාමය ඉන්දියානුවන්ට පමණක් නොව මුළු ලොවටම හදුන්වා දුන් බජාජ් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම එහි හිටපු සභාපතිවරයා ද වූ රාහුල් බජාජ් පූනේ නුවර දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 83 ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ද සැලකෙන මොහු බජාජ් සමූහය මෝටර් රථ කර්මාන්තයේ පමණක් නොව රක්ෂණ, ආයෝජන, පාරිභෝගික මූල්‍ය, ගෘහ උපකරණ, විදුලි පහන්, සුළං බලශක්ති, වානේ සහ සංචාරක ක්‍ෂේත්‍ර වෙත පුළුල් කිරීමට සමත් විය.

බජාජ් ස්කූටරය මධ්‍යම පාන්තික ඉන්දීය පවුල්වල අපේක්ෂා සහගත සංකේතයක් වූ අතර, බජාජ් ත්‍රිරෝද රථය ලොව විශාලතම නිෂ්පාදකයා බවට පත්වූයේ වාර්ෂිකව හත්ලක්ෂ අසූ දහසකට වඩා වැඩි ත්‍රිරෝද රථ ගණනක් අලෙවි කරමින් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සිහිපත් කරයි.

2005 වසරේදී රාහුල් බජාජ්  සිය සමාගම් සමූහයේ කළමනාකාරීත්වය සිය පුත්‍රයා වන රජීව් බජාජ් වෙත පැවරූ අතර, රජිව් දැන් එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී. රාහුල් බජාජ්ගේ අභාවය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රාම්නාත් කෝවින්ද් ද ට්විටර් පණිවුඩ හරහා ශෝකය පළ කර තිබේ.

(එන්.ඩී.ටීවී)

 



අදහස් (0)

රාහුල් බජාජ් මියයයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 147 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 139 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 75 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 77 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 319 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 249 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site