IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


රහස් ආරක්ෂක හමුවකට මාධ්‍යවේදියෙක් ගෙන්වලා

යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන, ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ධවල මන්දිරයේ රහස් කතාබහක් පැවැතිණි.

එම කතාබහට, ධවල මන්දිරයේ නොසිටි ආරක්ෂක අංශ ප්‍රධානීන් සම්බන්ධ කර ගැණුනේ, විශේෂ ආරක්ෂිත යෙදුමක් එසේත් නැතිනම් ඇප් එකක් හරහාය. 

අනාරාධිතව කිසිවකුට මෙම යෙදුමට, (ඇප් එකට) සම්බන්ධ විය නොහැකි අතර, කතාබහට එක්වුණු පිරිස අතරේ ‘ඇට්ලැන්ටික් මැගසීන්’ පුවත් සඟරාවේ ප්‍රවෘත්ති වාර්තාකරු ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් ද සිට ඇත.

ගෝල්ඩ්බර්ග් පසුව ප්‍රසිද්ධියේ පවසා ඇත්තේ, යේමනයේ හවුති සටන්කාමීන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් හමුදා සැලැසුම්, ඒ සඳහා යොදා ගන්නා මිසයිල ආදී අවි ආයුධ සහ ගුවන් ප්‍රහාර එල්ල කරන වේලාවන් ආදිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විස්තර ඔහුට ද ලැබුණු බවය.

සාකච්ඡාව පැවැත්වෙද්දී, ධවල මන්දිරයේ සිටි පිරිස අතර, උප ජනාධිපති ජේඩී වැන්ස් සහ ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් (ආරක්ෂක ඇමැති) පීට් හෙග් සෙත් ද සිටියහ.

ධවල මන්දිරයේ රහස් සාකච්ඡාවක් සඳහා ප්‍රවෘත්ති වාර්තාකරුවකු සම්බන්ධ කර ගැනීම ධවල මන්දිර කාර්ය මණ්ඩල අතින් සිදුවුණු අතපසුවීමක් බව මේ වනවිට අනාවරණය වී ඇති අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ බව දැනගත් බව පැවැසෙන්නේ, මාධ්‍ය හරහා එම සිද්ධිය ප්‍රසිද්ධියට පත් වෙද්දීය.

කෙස් නමුත්, අතපසුවීමකින්, ප්‍රවෘත්ති වාර්තාකරුවකු සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්, රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (24) වාර්තා කළේය.

ධවල මන්දිරයේ උප ජානාධිපති, ආරක්ෂක ලේකම් සහ සෙසු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ රහස් සාකච්ඡාවට ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව ඩිමොක්‍රටික්වරුන්ගේ පමණක් නොව, ඇතැම් රිපබ්ලිකන්වරුන්ගේ ද මතය යැයි පැවැසෙයි.

යේමනයේ හවුති සටන්කාමීන් යනු ෂියා මුස්ලිම් සටන්කාමීන් සංවිධානයකි. මොවුන්ට අනුග්‍රහය මෙන්ම අවි ආයුධ ලබා දීම ද සිදු කරන්නේ ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයයි. 

ඊශ්‍රායල හමාස් සටනේදී, ගාසා තිරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වමින්, ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන්නේත්, රතු මුහුදේ ඊශ්‍රායලයට හිතවත් බටහිර රටවල නැව්වලට පහර දෙන්නේත් මෙම හවුති සටන්කාමීන්ය. මේ වනවිට හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්‍රස්තවාදීන්’ ලෙස නම් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇති අතර, ට්‍රම්ප්ගේ අණින් හවුති සටන්කාමීන්ට ප්‍රහාර එල්ල වෙයි.

 

ඒ.එෆ්.පී.)



අදහස් (0)

රහස් ආරක්ෂක හමුවකට මාධ්‍යවේදියෙක් ගෙන්වලා

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ෂිෂි විදෙස් සේවා මධ්‍යස්ථානය විවෘත කෙරේ
2025 මාර්තු මස 25 23 0

ෂිෂි විදේශිකයින්ගේ සේවා මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ උත්සවය ජනවාරි 23 වන දින ෂිෂි නගරයේ 2 වන ශාලාවේදී පැවැත්විණි. මෙම මධ්‍යස්ථානය ෆුජියන් පළාතේ විදේශිකයන


රහස් ආරක්ෂක හමුවකට මාධ්‍යවේදියෙක් ගෙන්වලා
2025 මාර්තු මස 25 153 0

යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන, ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ධවල මන්දිරයේ රහස් කතාබහක් පැවැ


ජේඩී වැන්ස් ඉන්දියා යනවා
2025 මාර්තු මස 25 81 0

ඇමෙරිකා උප ජනාධිපතිනී ජේඩී වැන්ස් මෙම මස අගදී ඉන්දියාවේ සංචාරයකට පැමිණීමට නියමිතය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී, ඇමෙරිකාව ඉන්දියාවට ප


නවසීලන්තයට භූමි කම්පාවක්
2025 මාර්තු මස 25 62 0

නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ රික්ටර් පරිමානයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹිණි.


ග්‍රීන්ලන්ත අගමැතිගෙන් ට්‍රම්ප් පරිපාලනයට චෝදනා
2025 මාර්තු මස 25 61 0

ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට දිගින් දිගටම උනන්දුවක් දක්වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ්, ග්‍රීන්ලන්තයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙනවා යැයි ග්‍රීන්ලන්ත


සැම්සුන් උප සභාපති සමුගනී
2025 මාර්තු මස 25 93 0

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ සම විධායක නිලධාරී හැන් ජොං හී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 63 හැවිරිදි හැන් ජොං හී අභාවප්‍රාප්ත වූයේ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 315 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 604 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1269 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site