
රහස් ලියවිලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල ඇත. එම චෝදනා සම්බන්ධයෙන් බයිඩන් පවසා ඇත්තේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය.
ලියවිලි හමුවී ඇත්තේ බයිඩන්ට අයත් ඔහුගේ පෞද්ගලික කාර්යාලයකින් බව බයිඩන්ගේ නීතීඥවරුන් අනාවරණය කළේ ය. යුක්රේනය, ඉරානය, එක්සත් රාජධානිය සම්බන්ධයෙන් ලියවිලි එම රහස් ලියවිලි අතර ඇති බව නීතීඥවරුන් පවසා තිබේ.
‘රහස් ලියවිල්ලක බරපතලකම මා හොඳින් දන්නවා. ඒ ගැන විමර්ශනයක් ආරම්භ වෙනවා. එම විමර්ශනයට මාගේ පූර්ණ සහාය හිමිවේවි. ඒ ගැන මා කිසිවක් දන්නේ නැහැ.’ යැයි ජනාධිපති බයිඩන් පැවැසුවේ මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටී නුවර පැවැති මාධ්‍ය හමුවකදීය.
එම මාධ්‍ය හමුවට මෙක්සිකෝ ජනාධිපති ඇන්ද්‍රේස් මැනවෙල් ලෝපේස් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ද එක් වී සිටියහ. ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මෙක්සිකෝ සිටී නුවර පැවැත්වෙන ‘මෙක්සිකෝ සමුළුවට’ සහභාගී වෙති.
බයිඩන් සහ ටෲඩෝ සමුළුවට සහභාගී වෙන්නේ මෙක්සිකෝ ජනාධිපති ලෝපේස්ගේ ආරාධනාවකට අනුවය. මෙක්සිකෝ සමුළුවේ ප්‍රධාන අරමුණ දේශසීමා ආරක්ෂාවය. මෙක්සිකෝව, ඇමෙරිකා එක්සත් ජකපදය සහ කැනඩාව එන ළඟ පිහිටි රටවල්ය.
80 හැවිරිදි ජෝ බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයා වන්නේ ද බයිඩන්ය. 2009 සිට 2017 තෙක් කාලයේ බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය.
2017 සිට 2019 තෙක් කාලයේ බයිඩන්, පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ගරු මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ අතර, විශ්ව විද්‍යාලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ ගෝලීය කටයුතු පිළිබඳ කාර්යාලයක් බයිඩන්ට තිබුණි. රහස් ලියවිලි හමුවූයේ මෙම කාර්යාලය වසා දැමෙද්දීය. මෙම රහස් ලියවිලි බයිඩන් අතට පත් වී ඇත්තේ ඔහු උප ජනාධිපති ධුරය හොබවද්දී යැයි පැවැසෙයි.
උප ජනාධිපති ධුරයෙන් ඉවත් වෙද්දී, බයිඩන් මෙම ලියවිලි ආපසු බාරදීම කළ යුතු නමුත්, ඔහු එසේ කර නැති බවට චෝදනා එල්ල වී ඇත. බයිඩන්ට අයත් කාර්යාලයේ තිබී ලියකියවිලි කීපයක් හමුවුණු බව බයිඩන්ගේ නීතීඥවරුන් ප්‍රකාශ කළේ ඊයේ (10) ය.
චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා රාජ්‍ය ලේඛනාගාරය සහ අධිකරණ දෙපාර්තමේන්තුව ද සහාය දක්වනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රහස් ලියවිලි ගැන කිසිවක් දන්නේ නෑ