රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.
ඇමෙරිකාව වෙනුවෙන් සාකච්ඡා සඳහා සහභාගී වූයේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ට්‍රම්ප් පරිපාලනයේ නියෝජිතයන්ය.
රුසියාව වෙනුවෙන් රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ රුසියන් රජයේ නියෝජිතයන් පිරිසක් සාකච්ඡා සඳහා සහභාගී වූහ.
සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කර නොතිබුණු අතර, එය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ කනස්සල්ලට හේතුවක් වූ බව ද පැවැසෙයි.
එසේ වුවත්, සෞදියේ පැවැත්වුණු සාකච්ඡා සඳහා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහභාගී කර ගැනීමට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති පුටින් පැවැසූ බව ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
මේ අතර යුක්රේනය නොමැතිව, යුක්රේනය සම්බන්ධයෙන් ඇමෙරිකාවට හෝ රුසියාවට හෝ තනි තීරණයක් ගැනීම කළ නොහැකි බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.
යුක්රේන ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, සාකච්ඡා සඳහා යුක්රේනය පමණක් නොව, යුරෝපා රටවල නියෝජිතයන් ද සහභාගී කරගත යුතු බවය.
(ඒ.එෆ්.පී.)
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඒකාධිපතියකු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, ම
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, තම නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන රුසියන් ජනාධ
ඉතාලි අග්‍රාමාත්‍ය ජොර්ජියා මෙලෝනී, රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රාන්සිස් පාප්තුමන්ගේ සුව දුක් විමසා බැලීමට ගියාය. පසුගිය 14 වැනිදා පාප්තුමන
ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම්, ගෝලීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින්, ඇමෙරිකන් ජනාධිප
ඉන්දියාවේ සංචාරය කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු, ඉන්දියාවේ ආයෝජන සඳහා ඇමෙරිකන් ඩොලර
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති