රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමතුමක් දී සාකච්ඡා කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදීන් සමඟය. ‘රුසියන් ජනාධිපතිතුමා මිනිස්සු මැරෙනවාට කැමැති නැහැ. ඔහුටත් ඕනෑ යුද්ධය ඉක්මනින් අවසන් කරන්නයි.’ යැයි ඇමෙරිකන් ජනාධිපති පුටින් පැහැදිලි කර ඇත.
ට්‍රම්ප් පසුගිය ජනවාරි 20 වැනිදා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ රුසියන් යුක්රේන යුද්ධය, දිනක් ඇතුළත අවසන් කරන බව පවසමිනි. කෙසේ නමුත් ඔහුට තවමත් එය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී නැත.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනාවලට කන් දීමට තමන් සුදානම් බව රුසියන් ජනාධිපති පුටින් ද අවස්ථා ගණනාවකදී පවසා තිබේ.
කෙසේ නමුත් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්, ට්‍රම්ප් සහ පුටින් අතරේ දුරකතන සංවාදයක් පැවැත්වූයේ ද නැද්ද සම්බන්ධයෙන් ධවල මන්දිරය හෝ ක්‍රෙම්ලීනය හෝ කිසිවක් තහවුරු කර නැත.
(ඒ.එෆ්.පී.)
ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන් පදිංචි කරවීම සඳහා සෞදි අරාබියේ ඉඩම් ලබා දිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. මෙය සෞදි රජ
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමතුමක් දී සාකච්ඡා කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට
චතිස්ඝාර් ප්‍රාන්තයේ ක්‍රියාත්මක මාඕ බෙදුම්වාදී කැරැලිකරුවන් 31 දෙනකු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත් විය. ඒ දරුණු අවි ගැටුම්වලින් පසුවය.
ජපන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි. ජපන් අග්‍රාමාත්‍ය ඉෂිබා සහ ට්‍රම්ප් මෙ
ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ, විශිෂ්ට ජනවරමකිනි. මුල් තැන දිය යුත්තේ ඇමෙරිකාවට බවත්, ඇමෙරිකානුවන්ට බවත් ට්‍රම්ප් තදින
ඇලෙස්කාවේදී අනතුරට ලක් වී කඩා වැටුණු කුඩා මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට, මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇලෙස්කාව යනු ඇම
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
රුසියන් යුක්රේන යුද්ධය: පුටින් එක්ක කතා කළා - ට්‍රම්ප්