දැවැන්ත කිඹුලකු අල්ලාගැනීමට ඇමෙරිකාවේ ඇල්බාමා ජනපදයේ පවුලක සාමාජිකයෝ සමත්ව සිටිති. තෝමස්ටන් ගම්මානයේ පදිංචි ජෝන් ස්ටොක්ස්, මැන්ඩ් ස්ටොක්ස් යන යුවළත් ඔවුන්ගේ ඥාති සොහොයුරකු වූ කෙවින් ජෙන්කින්ස් හා වයස අවුරුදු 16ක් වූ සවන්නා දියණිය ද 14 වැනි වියේ පසුවන පාකර් පුතු ද මේ සමක්කම සිදුකළහ. ඔවුන් පවසන්නේ කිඹුලා අල්ලා ගැනීමට තමන්ට පැය දහයකට වැඩි කාලයක් ගත වූ බවයි. අල්ලාගත් කිඹුලා අඩි 15 ට වඩා දිගින් යුතු අතර බර රාත්තල් 1011.5 කි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොකු කිඹුලෙක් අල්ලයි
කසුන් විජේවීර Monday, 18 August 2014 04:07 PM
මේ ඇත්තමද? (නි)
බන්දුල පෙරේරා Tuesday, 19 August 2014 08:48 AM
අයියෝ...! මේත් කිඹුලෙක්ද? (නි)
ධම්මික Monday, 18 August 2014 05:16 PM
සම්පත්, කොහෙද යන්නේ මල්ලේ පොල් (නි)
මේරි අයිරින් Monday, 18 August 2014 06:55 PM
ඇත්තටම පුදුමයි. හිතාගන්න බැරිදෙයක් (නි)
අමිල Monday, 18 August 2014 07:02 PM
ඔය පාඩුවේ ඉන්න ඕනෑ කෙනාගේ ගමට මූව ගෙනවිත් දාන්නද? (නි)
තරංගා Wednesday, 20 August 2014 04:38 AM
කිඹුලාගෙ පාඩුවේ ඉන්න දුන්න නම් ඉවරනේ. මම හිතන්නේ ගිහින් දායි සත්තුවත්තට (නදී)
ජෙරාඩ් හසින්ත Monday, 18 August 2014 10:52 PM
ඇත්තටම මෙහෙම කිඹුලන් මේ ලෝකයේ සිටීද? (නි)
චමින්ද Tuesday, 19 August 2014 11:30 AM
මේකේ දාලා තිබෙන අදහස් දැක්කම හිනහා යනවා.මෙහෙම ඒවත් ලියන එකේ, පොඩි ගතියකුත් තියෙනවා.බොරුද මම කියන්නේ.... (නි)
සම්පත් Monday, 18 August 2014 08:19 AM
ලංකාවෙත් ඉන්නේ එහෙනම් මීටත් වඩා දිග උන්.. (නි)
තුෂාන් Monday, 18 August 2014 08:38 AM
නියමයිනේ! පුදුමාකාර වැඩක් මේක (නි)
චන්දන Monday, 18 August 2014 08:42 AM
මේක නම් පුදුමාකාර දක්ෂකමක් (නි)
නන්දන Monday, 18 August 2014 08:43 AM
අපි මූට මොකක්හරි සුදුසු නමක් දාමුකෝ (නි)
රූපවතී Monday, 18 August 2014 08:47 AM
අනේ! මටත් එයා ළඟ ඉඳගෙන ෆොටෝ එකක් ගන්න ආසයි (නි)
ඔසී Monday, 18 August 2014 09:03 AM
ඇමරිකාවෙන් අල්ලාගත් නිසා හොදට ගියා. ඌ යහතින් කල් ගෙවයි. (නි)
සමන් Tuesday, 19 August 2014 12:16 PM
චමින්දගේ කතාව ඇත්ත (නි)
ගාමිණී සිරිවර්දන Monday, 18 August 2014 09:25 AM
පාඩුවේ හිටි අහිංසක කිඹුලාට පැය ගාණක් තිස්සේ මුළු පවුලම වද දීලා.උගේ කටේ ලේ පැල්ලම්!පෙනෙනවානේ තොණ්ඩු දමලා එල්ලාගෙන ගෙනියන හැටි.තොණ්ඩු ටික ලෙහුවා නම් කිඹුලා ඔය පවුලම ගිල දමයි ඌට කළ හිරිහැරයට! (නි)
ඩිලාන් Tuesday, 19 August 2014 02:23 AM
නියම වැඩක් (නි)
මහේෂ් Monday, 18 August 2014 09:34 AM
අනේ ඇඩ්මින් මහත්තයො මේ වීර පවුලෙ නොම්බරේ එවන්නකො. අපේ ගේ කිට්ටුව දියවන්නා කියන ඔයේ දූපතක මීට වඩා ලොකු දාර කිඹුල්ලු ඉන්නවා. (අ)
වඩිවෙල් Monday, 18 August 2014 09:49 AM
ලංකාවේ මීට වඩා ලොකු කිඹුල්ල දේශපාලනයේ ඉන්නවා (අ)
සන්ධ්‍යා Tuesday, 19 August 2014 03:00 AM
අපෝ! මේ මොකෙක්ද? (නි)
නිහාල් Monday, 18 August 2014 10:57 AM
අපෝ! අපේ රටේ ඇති මීට වඩා ලොකු කිඹුල්ලු (නි)
රෝයල් Monday, 18 August 2014 11:06 AM
අම්මෝ! මේ කිඹුලාගේ තරම! (නි)
සරසි Tuesday, 19 August 2014 03:30 PM
මේත් නීතියක් නැති රටක් වෙන්න ඇති.මෙහෙම සත්තු අල්ලන්නේ මේ අයට ලියලා දුන්න බූදලයක්ද.මේ සතාට ඊලගට කරලා තියෙන්නේ මොකද්ද දන්නේ නැ.?(අ)
කරුණාතිලක Monday, 18 August 2014 11:32 AM
පුළුවන්තරම් මෙයාට ආරක්ෂාව දෙන්න ඕනෑ (නි)
ඉසුරන්දි Tuesday, 19 August 2014 04:42 AM
අම්මෝ මේ සතා කි දෙනෙක්නම් ගිලින්න ඇත්ද. (දී)
නිෂාන්ත Tuesday, 19 August 2014 05:49 AM
සන්ද්‍යා, එ් තමයි හපුයියා. (නදී)
කසුන් Monday, 18 August 2014 12:39 PM
ඒ සතාට ඉන්න විදියට ඉන්න දුන්නා නම් ඌ මොනතරම් සතුටින් ඉන්නවද?සමහරවිට උගේ පැටවු ඌව දැන් හොයනවා ඇති. (නි)
උපාලි Tuesday, 19 August 2014 06:19 AM
ගාමිණි එක්ක මමත් එකඟයි. කිඹුලාට එයාගේ රාජධානියේ ඉන්න නොදී කොහෙද මේ ඇදගෙන යන්නේ වද දිදී? මේක හපන්කමක් වෙන්නේ කිඹුලාව අනතුරකින් බේරගත්තා නම් විතරයි. (නි)
නිලංග රසික Monday, 18 August 2014 12:48 PM
මමත් කියන්නේ ලංකාවේ මීට වඩා ලොකු කිඹුල්ලු ඉන්නවා (නි)
චන්ද්‍රා වීරසිංහ Tuesday, 19 August 2014 07:51 PM
මේ සතාට දෙන වදය කවදාහරි පලදෙනවා. (නි)
ෂර්බි Friday, 26 September 2014 12:16 PM
කිඹුලන්ට පෙන්වන ආදරයවත් සමහර මිනිසුන් ළඟ අද නැහැ (නි)
නිරෝෂන් Wednesday, 27 August 2014 05:24 PM
මීට වැඩිය ලොකු එවුන් ලංකාවේ කොහේහරි ඇති (නි)
අගම්පොඩි සමන් සිල්වා Tuesday, 26 August 2014 02:56 PM
දුර්ලබ පින්තුර ටිකක් .සතාට තුවාල සිදුවිම කනගාටු වෙනවා . (අ)
හියුමන් Tuesday, 19 August 2014 11:59 PM
මේකා ප්ලාස්ටික් කිඹුලෙක්ද දන්නෙ නැහැ (නි)
සන්ධ්‍යා Tuesday, 19 August 2014 08:25 AM
නිශාන්ත, හානේ.. . ඇත්තද? (නි)
ධම්මික Monday, 18 August 2014 03:41 PM
ලොකු හපන්කමක් වගෙයි (නි)
කිංස්ලි Monday, 18 August 2014 03:45 PM
ඒ කට්ටිය විතරක් නෙමෙයි ... බලු කුක්කෙක් තමයි වැඩියෙන්ම කිඹුලාව අල්ලන්න උදවු කරලා තියෙන්නේ ... ෆොටෝ එකේ මැද්දෙම ඉන්නේ ඒ බලු කුක්ක තමයි ... (ස)