ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසු, සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණින්, කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය පෙරේදා (31) නව අගමැතිවරයකු පත් කර ගත්තේය.ඡන්ද විමසීමකින් පසු අගමැති ධුරයට පත්කර ගැනුනේ ලිබියාවේ සිටින මුල්පෙළේ උගතකු, ඉංජිනේරුවකු මෙන්ම විද්‍යාඥයකු ලෙස ප‍්‍රසිද්ධියට පත් අබ්දුල් රහීම් අල් කීබ් ය. හෙතෙම ලිබියා ජනතාවගේ ආදරය සහ ගෞරවය දිනාගත් විද්වතෙකි.ලිබියාවේ ඉන්ජිනේරු ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන සේවයක් සිදු කළ අයකු ලෙස ද අබ්දුල් රහීම් ප‍්‍රකටය. ලිබියාවේ සියලූම පාර්ශ්වවල විශ්වාසය දිනූ අබ්දුල් රහීම් අගමැති ධුරයට සුදුස්සකු බව ලිබියා දේශපාලන විචාරකයන් ප‍්‍රකාශ කර ඇත්තේය.අගමැති ධුරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමට ලිබියා ජාතික පාලක මණ්ඩලය ඡන්ද විමසූ අවස්ථාවේ, 51 දෙනකු ඡන්දය ප‍්‍රකාශ කළ අතර, ඒ අතරින් 26 දෙනකුගේ ඡන්දය අබ්දුල් රහීම්ට හිමිවිය. ගඩාෆි පාලනය පෙරළා දමා ලිබියාවේ පාලනය අතට ගෙන සිටින අන්තර්වාර පාලක මණ්ඩලය, තව මාස අටක කාලයකින් මහ මැතිවරණයක් පැවැත්වීමට අපේක්ෂා කරන අතර ඔවුන් පවසන්නේ අගමැතිවරයකු තෝරා පත් කර ගැනීම ලිබියාවේ සිවිල් පාලනයක් ස්ථාපිත කිරීමේ පළමු පියවර බවය.නව අගමැති අබ්දුල් රහීම්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන අතර එයින් ප‍්‍රධාන වන්නේ කැරැලිකරුවන් නිරායුධ කිරීමයි. ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිට එරෙහි සටනේදී බටහිර රටවලින් ලිබියා කැරැලිකරුවන්ට ආයුධ රැසක් ලැබිණි. එමෙන්ම ගඩාෆි හමුදාව සතු ආයුධ විශාල ප‍්‍රමාණයක් ද මේ වනවිට කැරැලිකරුවන් අතට පත් වී තිබේ.එක්සත් ජාතීන්ගේ අනුමැතිය පරිදි ලිබියාවේ කි‍්‍රයාත්මක වූ නේටෝ හමුදා මෙහෙයුම් ද පෙරේදා (31) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් විය. නේටෝ හමුදාව මෙන්ම ඇමෙරිකාවද බිය පළ කරනුයේ ලිබියා කැරැලිකරුවන් සතුව පවතින ආයුධ අල් කයිඩා සටන්කාමීන් අතට පත්වීමේ අවධානමක් පවතින බවය.නේටෝ හමුදාවේ මෙහෙයුම් අවසන් බව ප‍්‍රකාශ කිරීමට නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් රස්මුසෙන් පෙරේදා ලිබියාවේ ටි‍්‍රපොලි නුවරට පැමිණියේය.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ලිබියාවේ නව අගමැති විද්‍යාඥයෙක්
Gamage Thursday, 03 November 2011 10:12 AM
"ලිබියා කැරැලිකරුවන් සතුව පවතින ආයුධ අල් කයිඩා සටන්කාමීන් අතට පත්වීමේ අවධානම"