ඝාතනයට ලක් වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ අවසන් බලකොටුව ලෙස සැළකෙන බානි වාලිඞ් නුවර ඊයේ (3) සිදුවූ අවි ගැටුම්වලින් එක් අයකු මියගොස් අට දෙනෙක් තුවාල ලැබූහ. ගැටුම හටගත්තේ බානි වාලිඞ් නුවර සටන්කාමීන් සහ අසල්වැසි මිස්රාටා නුවර සටන්කාමීන් පිරිසක් අතරේ යැයි ලිබියානු රජය පවසයි. බානි වාලිඞ් නුවර සටන්කාමී කණ්ඩායමේ නායක සලීම් අල් වේර් පැවැසුවේ ගැටුම පැය තුනක් තිස්සේ පැවැති බවය. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ බානි වාලිඞ් සටන්කාමියෙකි. තුවාල ලැබූ පිරිස අතර මිස්රාටා සටන්කාමීන් තිදෙනෙක් ද සිටිති. ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. එම අවි ගැටුම සිදුවූයේ කැරැලිකරුවන් අතින් ලිබියා නායක ගඩාෆි ඝාතනයට ලක් වී වසරක් සපිරීමට ආසන්නව තිබියදීය. කැරැුලිකරුවන් අතින් තිරිසන් සතකු ලෙස ගඩාෆි අමු අමුවේ ඝාතනය වූයේ ඉකුත් වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. ගඩාෆිගේ පාලනයට එරෙහිව අවි අතට ගත් කැරැුලිකාර කණ්ඩායම් නිරායුධ කිරීමට ලිබියානු නව රජය සමත් වී නැත. ගඩාෆිගේ පාලනය පෙරළා දැමීමට එකමුතු වී සටන් කළ ද ඇතැම් සන්නද්ධ කණ්ඩායම් ලිබියානු නව රජයට විරෝධය පළ කරයි. එම පිරිස් අතර නිරන්තරයෙන් අවි ගැටුම් ඇතිවන අතර ඔවුන් ලිබියාවේ නගර රැසක ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරයි. ලිබියාවේ ටි්රපොලි අගනුවර පවා බෝම්බ පිපිරීම් සිදුවෙයි. ඇමෙරිකාව, ප්‍රංශය, බි්රතාන්යය සහ නේටෝව මැදිහත් වී ගඩාෆි පාලනය පෙරළා දැමීමෙන් පසු ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ගඩාෆිගේ හමුදා සමඟ සටන් කිරීමට කැරැලිකරුවන්ට විශාල වශයෙන් අවි ආයුධ ලබා දීමට ද බටහිර රටවල් කටයුතු කර ඇති අතර සටන්කාමී කණ්ඩායම් අත ඇත්තේ එම අවි ආයුධය. මේ අතර උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩාව, ලිබියාවේ අණසක පතුරුවන බවත් බටහිර රටවලින් ලැබුණු අවි ආයුධ මේ වනවිට අල් කයිඩා සටන්කාමීන් අතට පත්ව ඇති බවත් වාර්තා වේ. පසුගිය සැප්තැම්බර් 11 වැනිදා ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලයට පහර දී ඇමෙරිකානු තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් ඇතුළු සිව් දෙනකු ඝාතනය කළේ අල් කයිඩා සංවිධානය යැයි ඇමෙරිකාවේ සී.අයි.ඒ බුද්ධි අංශය අනාවරණය කර ගෙන ඇත.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලිබියාවේ බානි වාලිඞ් නගරයේ දරුණු අවි ගැටුම්: අයෙක් මරුට: අට දෙනකුට තුවාල
නසාර් Thursday, 04 October 2012 10:58 AM
අන්තිමට වෙන්නේ අවි දීපු අයටම එයාලා ගහන එක විතරයි. (නි)