IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ලොස් ඇන්ජලීස් විනාශයක් අත ළඟලු

ලෝකයේ තරු නගරය වන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි නගරවැසියෝ මේ දිනවල ළඟ එතියි  මත පලවී ඇති ප්‍රබල භූමිකම්පාවකට සූදානම් වෙමින් සිටිති.

භූවිද්‍යාඥයින් මත පළ කරන ආකාරයට රික්ටර් මාපක ඒකක 8  ක් පමණ වනු ඇතැයි පැවසෙන මෙම භූමිකම්පාවෙන් ජීවිත හානි 18000 ක් පමණද ඩොලර් කෝටි 25000 දේපළ හානිද සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.

මේ පෙර සූදානමට ලොස් ඇන්ජලීස් නුවර වැසියන් යොමු කර ඇත්තේ පසුගිය මාස කිහිපය පුරා ලොස් ඇන්ජලීස් නුවර අවටින් වාර්තා වූ කුඩා ප්‍රමාණයේ භූමිකම්පා නිසාය. රික්ටර් මාපක 4 - 5 අතර අගයන්ගේ වූ මෙම භූමිකම්පා නිසා දැනට  100 ක් පමණ අවතැන්ව සිටිති. ඒ හැරෙන්නට බරපතල ගණයේ දේපළ හෝ ජීවිත හානියක් සිදුවී නොමැත.

ලොස් ඇන්ජලීස් නගරය භූකම්පා ඇතිවන ප්‍රදේශයක පිහිටා ඇතැයි භූ විද්‍යාඥයෝ කියති. මෙම ප්‍රදේශයේ ඇති විශේෂත්වය වන්නේ වසර ගණනාවක් කිසිදු භූකම්පනයක් වාර්තා නොවී තිබී එක්වනම එකක් පසුපස එකක් භූ කම්පන සිදුවී අවසානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවීම බව ඔවුහු පවසති. අතීතයේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශය අවට සිදුවී ඇති භූ කම්පන පිළිබඳ තොරතුරු මේ නිගමනය කරා එළැඹීමට ඔවුහු යොදාගෙන ඇත්තේහ.

එවන් ප්‍රබල භූකම්පනයකට මුහුණ දීමට හැකිවන අයුරින් ලොස් ඇන්ජලීස් නුවර ගොඩනැගිලි බහුතරයක් තනා නොතිබීමද දරුණු ගණයේ ප්‍රතිවිපාක ගෙන දෙනු ඇතැයි භූවිද්‍යාඥයින් අදහස් දක්වයි.

කෙසේවුවත් මෙම මතය තවමත් සියයට සියයක්ම සනාථ වී නොමැති බැවින් කිසිවෙකුත් කලබල විය යුතු නැති නමුත් අවදානමට පෙර සූදානමින් සිටීම සුදුසු යැයි ඔවුන් කියයි.



අදහස් (0)

ලොස් ඇන්ජලීස් විනාශයක් අත ළඟලු

අනුර Thursday, 03 April 2014 03:02 PM

කිසිවෙකුටත් විපතක් නොවේවා. (ස)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 03 April 2014 03:45 PM

ඇමරිකාවේ ඉන්න අහිංසක මිනිසුන්ට කරදරයක් නොවී අනිත් අයට මොනවා වුණත් කමක් නෑ. (ස)

:       0       0

රොස්චින් ද සොයිසා Thursday, 03 April 2014 02:44 AM

ලංකාමාතා නමදිමි හිසනමා ලක්මවුනි ඔබ පීඩනයට පත්කරන ඕනම කෙනෙකුට වැඩිකල් නොගොස් පඩිසන් දෙනවා.(නදී)

:       0       0

ශානක Wednesday, 02 April 2014 11:50 AM

මොන ලොක්කටවත් ස්වභාවික විපත් වලින් බේරීමට නොහැකියි..කොහොම උනත් එහෙම විනාශයක් නොවේවා කියල අපි ප්‍රාර්තනා කරමු.. (ස)

:       0       0

රොෂාන් Thursday, 03 April 2014 04:58 AM

මිනිහෙකුට කරදරයක් උනාම ඒක දේශපාලන ඇහින් බලන එක හොද දෙයක් නෙමෙයි. අපි බෞද්දයෝ හැටියට මිතුරාටත් හතුරාටත් මෛත්‍රී කරන්න ඕනේ. කොහොම උනත් ස්වභාවික විපත් නවත්වන්න සක්කරයටත් බැහැ. මේවා අඩුකර ගන්නනම් අපි කරන පරිසර හානි වලක්වා ගන්න ඕනි.(නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 02 April 2014 06:09 PM

මෙම අවදානම් කලාපය ලොස් ඇන්ජලීස් නුවර සිට ඔරිගන් ප්‍රාන්තය දක්වා හෝ ඊටත් එහා පැතිරුණ කලාපයක්.2005 වසරේ ඔරිගන් ප්‍රාන්තයේ සියලුම පාලං බෝක්කු ශක්තිමත් කරන්නට මුදල් ලැබුනා. මෙම වැඩබිම් වල මමත් රැකියාව කළා.එහිදී ඔවුන් පැවසුවේ වසර 500 කට පමණ වතාවක් මෙම කලාපයේ දරුණු භූ කම්පනයක් ඇතිවිය හැකි අවදානමක් නිසා මෙවැනි ශක්තිමත් කිරීමක් කරන්නට මුදල් ලැබුන බවයි.මෙය දැනගත් විගස මම දරු පවුලත් රැගෙන හදිසි අාපදා අවම ප්‍රාන්තයකට පැමිණියා.මම ඇමෙරිකාවේ දේශපාලනයට තදින්ම විරුද්ධවාදියෙක්.තම රටේ පැවැත්ම සදහා අනෙක් ඕනෑම ජාතියකට විනාශය ගෙනෙන්නට ඔවුන් කටයුතු කරන නිසා.එහෙත් එහි ජනතාව එවැනි කොටසක් නොවේ. ලංකාවේ සුනාමිය මොහොතේ මිනිසුන් පුදුම ලෙස වේදනාවෙන් කම්පාවට පත්ව අාධාර උපකාර කළ අයුරු පුදුමසහගතයි.මොන අමනාපකමක් තිබුනත් කිසිම ජාතියකට නොව සතෙකුට හෝ ගහකොළ වලටවත් කරදර හිරිහැර නොවේවා යන්න පැතුම විය යුතුයි. (නි)

:       0       0

ගාමිණි Thursday, 03 April 2014 05:30 PM

ලංකාවේ අය පව් කරන්නේ නැද්ද? මිනී මරන්නේ නැද්ද? රටක හැම කෙනාම එක වගේ නොවෙයි.සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා කියන්න ඕනෑ මිනිසුන් අපේ රටේ නැහැ (නි)

:       0       0

රුවන් Wednesday, 02 April 2014 12:44 PM

මෙහෙම වෙනවා නේද හැම ජිනීවා වාරයකදීම.. හරියට සොබාව ධර්මයේ දඩුවම ඇමරිකාවට ලැබෙනවා වගේ.. ඉස්සෙල්ලා පාරත් සුලිසුළං. දැන් සුනාමි එක්ක භූ කම්පන... අපේ දළදා හාමුදුරුවන්ගේ පිහිට ලංකාවට තියෙනවා. (ස)

:       0       0

තුවාන් Thursday, 03 April 2014 06:09 PM

හැමදේටම වැඩියෙන් වටින්නේ තමන්ගේ ආරක්ෂාවයි (නි)

:       0       0

තිබීතා Wednesday, 02 April 2014 07:35 PM

රුවන්, අපේ දළදා හාමුදුරුවන් විනාශ වනවා දැකීමට ඔබ කැමතිද ? (නි)

:       0       0

රෝයි Thursday, 03 April 2014 09:35 AM

රුවන්ගේ ප්‍රතිචාරය වෙනත් අදහස් දමා ඇති අයගෙත් සිත්වල තියෙනවා. තම සතුරාට කරදරයක් විපතක් දැකීම සතුටක්. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 April 2014 01:57 PM

රුවන් , ඔයා හරි මෝඩ අදහසක් දාලා තියෙන්නේ. මාත් බෞද්ධයෙක්. මේ වගේ ව්‍යසනයක් වුණොත් මැරෙන්නෙ අපි වගේම මිනිසුන් කොටසක් නේද කියලා හිතෙන්නේ නැද්ද ? අනික සොබා දහමෙන් සිද්ධ වෙන දේවල් වලට අපිත් හොඳට මුණ දුන්නා නේද සුනාමි වෙලාවේ? ඒ නිසා ගහට කොළට සතා සීපාවට වගේම මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න රුවන්. එතකොට දළදා හාමුදුරුවෝ වගේම ජය සිරිමා හාමුදුරුවොත් අපිට පිහිට වෙයි (නි)

:       0       0

හෙළයා Wednesday, 02 April 2014 08:59 PM

රුවන් වගේ අයගේ මොලේ පරාසය තමයි අපේ රටේ දේසපාලුවන් රටේ මහජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ. එයාල රුවන්ලව පාවිච්චි කරලා, රටේ උගතුන්ට, බුද්ධිමතුන්ට, සැබෑ දේශප්‍රේමීන්ට කොකා පෙන්නනවා. රට විනාශ කරනවා. ඕව රුවන්ලට තේරුම් කරලා වැඩක් නැහැ, මොකද මිනිහ ජීවිතේටවත් තේරුම් ගන්නේ නැති හින්ද, අඩු තරමේ මිනිහගේ, මතු පරපුරවත් තේරුම් ගනීවි කියන බලාපොරොත්තුව තමයි තියාගන්න වෙන්නේ. (දී)

:       0       0

චානක. Thursday, 03 April 2014 12:12 PM

රුවන් දන්නේ නැතුව ඇති ලොස් ඇන්ජලිස් වල ශ්‍රී ලාංකිකයන් ඉන්න වග... (නි)

:       0       0

සුගත් Wednesday, 02 April 2014 03:03 PM

ජයා, ඔයා හරියටම හරි. රුවන්, තවම හිතන්නේ බොළඳ විදියට. (ස)

:       0       0

චන්දි Wednesday, 02 April 2014 10:27 PM

රුවන් මල්ලිගේ කතාව තුල යම් ජාතිමාමක හැගීමක් තිබෙනවා .දැන් එතකොට අනිත් අය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට පන්දම් අල්ලන පන්දම් කාරයෝ වගේ කියවන්නේ ඇයි (දී)

:       0       0

පිටිගල Wednesday, 02 April 2014 10:43 PM

මිනිස්සු මැරෙන එක හොඳයි කියන එක නෙවෙයි . ඇමෙරිකාව අනුන්ගේ රටවල් වලට කරන අසාධාරණය නිසා තමයි ඕව වෙන්නේ. ඒ නිසා ඇමෙරිකාව ස්වයංව නිවැරදි විය යුතුයි. (දී)

:       0       0

රුවන් Thursday, 03 April 2014 02:16 PM

අයියෝ මම කිව්වේ අපේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිට තියෙනවා කියලා.ඒකෙ තියන වරද මොකක්ද? ඇමරිකාවේ මිනිස්සු මැරෙනවට සතුටුයි කියල මම කියල තියෙන තැන පෙන්වන්න? මම කිව්වෙ ඇමරිකාව කරන පව් වලට එයාලටම පල දේවි කියලයි. දඩුවම ස්වභාව ධර්මයෙන්ම ලැබෙයි කියලයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 246 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 201 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 572 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 75 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site