ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට තීරණය කිරීමත් සමඟ, ලතින් ඇමෙරිකාවට අයත් ආජන්ටිනාව ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව තීරණය කළේය.
ට්‍රම්ප්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමිනි.
2019 අවසානයේ ‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වී, එය ගෝලීය වසංගතයක් දක්වා දුර දිග ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිවැරදි තීන්දු නොගැනීම නිසා යැයි ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා නගා ඇත. 2019 වසරේ දී චීනයේ වූහාන් නුවරින් හිස එසවුණු ‘කොවිඩ් 19’ වසංගතය ඔඩුදුවද්දී, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ද ට්‍රම්ප්ය.
ආජන්ටිනා ජනාධිපති හවියේ මිලෙයි ද පවසා ඇත්තේ, ‘කොවිඩ් 19’ වයිරසය ගෝලීය වසංගතයක් තෙක් දුරදිග ගියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නොසැලකිල්ල නිසා බවය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගත් තීරණය නිවැරදි බවත්, ඒ අනුව යමින්, තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආජන්ටිනාව ඉවත් කර ගැනීමට පියවර ගන්නා බවත් ජනාධිපති හවියේ මිලෙයි පැහැදිලි කර ඇත. හවියේ මිලෙයි, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ මිතුරෙකි.
පසුගිය 2024 නොවැම්බරයේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කළ අවස්ථාවේදී, ඇමෙරිකාවේ ත්‍්ලොරීඩා ජනපදයේ ‘මාර් අ ලාගෝ’ ට්‍රම්ප්ගේ මන්දිරයට ගොස් ට්‍රම්ප් හමුවුණු පළමු රාජ්‍ය නායකයා වන්නේ ද හවියේ මිලෙයි ය.
(ඒ.එෆ්.පී.)
සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාන්තා ක්‍රීඩා ඉසවුවලට සහභාගී වීම තහනම් කරමින් ඊට අදාළ විධායක නියෝගයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අ
නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස ඇමෙරිකන් ආරක්ෂක අංශ භාරයේ සිටි ඉන්දීය ජාතිකයන් 104 දෙනකු හමුදා ගුවන් යානයකින් යළි ඉන්දියාවට එවීමට, ඇමෙරිකා රජය කටයුතු කළේ
පලස්තීනුවන්ට අයත්, පලස්තීනුවන් වෙසෙන ගාසා තීරය ඇමෙරිකාවේ පාලනයට ගෙන, එය සංවර්ධනය කර ආපසු පලස්තීනුවන්ට පවරා දීමට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීමට තීරණය කිරීමත් සමඟ, ලතින් ඇමෙරිකාවට අයත් ආජන්ටිනාව ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්
එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සිය (USAID) ගෝලීය වශයෙන් සෘජුවම බඳවා ගත් සියලුම සේවකයන්ට නිවාඩු ලබා දෙන බවත්, විදේශයන් හි සේවය කරන දහස් ගණනක් ස
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙනවා