හිටපු ඇමෙරිකන් ජනපති, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ තෝමස් මැතිව් කෲක්ස් නමැති තරුණයාගේ තවත් විස්තර අනාවරණය කර ගැනීමට එෆ්.බී.අයි. පරීක්ෂකයන් සමත් වී ඇත.
20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස්, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරියගේ බිරිද කේට් කුමරිය ගැන ද විස්තර රැසක් ළඟ තබාගෙන සිටි අයකු බව එෆ්.බී.අයි. පවසයි. පරීක්ෂකයන්ට මෙම විස්තර හමුවූයේ කෲක්ස්ගේ ජංගම දුරකතනය සහ පරිගණක යන්ත්‍ර පරීක්ෂා කිරීමේදීය.
ඊට අමතරව, කෲක්ස් ඇමෙරිකන් දේශපාලනයේ ප්‍රබලයන් ගැන අන්තර් ජාගයෙන් සොයා බලා ඇති බවත්, ඔවුන්ගේ විස්තර එක්රැස් කරගෙන ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
වෙඩික්කරු ළඟ කේට්ගේ විස්තර රැසක්