IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


විදුලියට බය නැති මිනිහෙක්

විදුලිය සමග ‘‘සෙල්ලම්‘‘ කළ හැකි මිනිසෙක් ඉන්දියාවේ සිටී.
 

රාජ් මොහාන් ඉන්දියානුවන් විසින් හදුන්වන්නේ ‘‘විදුලි මිනිසා‘‘ ලෙසය.ඒ ඇදැහිය නොහැකි වුවත් සත්‍ය ලෙසම ඔහු විදුලිය සමග දක්වන ශිල්ප නිසාය.සාමාන්‍ය මිනිසෙකු මරුමුවට පත්කිරීමට සෑහෙන විදුලි බල ධාරාවක් රාජ්ට සුළු තිගැස්මක් පවා ඇති නොකරයි.විටෙක සජීවී විදුලි රැහැන් සිය දෙඅතින් අල්වා ගන්න හෙතෙම තමාට විදුලිය වද්දවා ගනී
 

අවට සිටියවුන් කම්පාවෙන් බලා සිටියද රාජ් සිටින්නේ සිනාමුසුවය.ඔහුට කිසිම ආකාරයක හානියක් සිදු නොවේ.තවත් වරෙක ඔහු සිය සිරුරද ‘‘විදුලි රැුහැනක්‘‘ කර ගනී.සිරුර ඔස්සේ විදුලිය ගමන් කරවා ගන්නා ඔහු බල්බ,විදුලි උදුන් ආදී උපකරණ කි‍්‍රයාත්මක කර පෙන්වයි.කුමන සෙල්ලම දැමුවත් ඔහු පණ පිටිනි.

රාජ්ගේ මේ විස්මය ජනක හැකියාවට හේතු සොයා සිදුකළ පර්යේෂණයන් වලදී අනාවරණයව ඇත්තේ ඔහුගේ සම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දස ගුණයකින් පමණ විදුලියට ප‍්‍රතිරෝධී වන බවයි.මෙනිසා වෙනත් මිනිසෙකු ක්ෂණිකයෙන් මරණයට පත් කළ හැකි විදුලි ධාරාවක් රාජ්ට කිසිදු ආකාරයක හානියක් සිදු නොකරයි.ඉතා ඉහළ ප‍්‍රබලතාවයකින් යුත් විදුලි ධාරාවක් පවා රාජ්ට කිසිදු හානියක් සිදු නොකරයි.
 

රාජ් හට සිය හැකියාව අනාවරණයව ඇත්තේද අමුතුම ආකාරයකටය.කුඩා කලදීම ඔහුට සිය දෙමව්පියන් අහිමිව ඇති අතර දුකට පත්වූ කුඩා රාජ් උත්සාහ කර ඇත්තේ පාරේ වූ අධිබල විදුලි රැහැන් ගෙනයන කණුවක් මතට නැගී විදුලිය වද්දවාගෙන සියදිවි නසාගැනීමටයි.එහෙත් කොතෙක් විදුලි රැහැන් ස්පර්ෂ කළත් පළක් නොවූ තැන තමන්ට විදුලිය නොවදින බව ඔහු තේරුම්ගෙන තිබේ.
 

මෙය දෙවියන් දුන් දායාදයක් බව රාජ් පවසයි.තමන්ගේ ජීවිකාව සරිකර ගැනීමට දැන් උදව් වන්නේ තමන්ගේ මේ හැකියාව බව ඔහු කියයි.



අදහස් (0)

විදුලියට බය නැති මිනිහෙක්

දයා අලහාකෝන් Sunday, 09 June 2013 01:20 PM

පුදුමයි අදහාගන්නවත් බැහැ.(නදී)

:       0       0

රංජනී Sunday, 09 June 2013 09:08 PM

ලංකාවේ දේවාලවල කපුවොත් මේ වගේ වැඩ කරනවා. ඒත් විදුලි බලයෙන් මෙහෙම ?(නදී)

:       0       0

අනුර Sunday, 09 June 2013 10:52 PM

මේ ප්‍රවෘතිය දැකලා අපේ සමහරු මේක අත්හදා බලාවිද දන්නේ නැහැ. (නි)

:       0       0

ජයී තිසර Sunday, 09 June 2013 11:39 PM

කෝටි 700 ක් පමණ ලෝකයේ මනුෂ්‍යයින් ඇතත් මේ හැකියාව ඇත්තේ රාජ්ට පමණක්ය. ඇත්තෙන්ම මෙය දෙවියන් දුන් දායාදයකට සමාන කල හැකිය. මේ වෙබ් අඩවියද බලන්න. http://www.youtube.com/watch?v=9YVFUaU7zcI.(නදී)

:       0       0

ගාමිණී-සිරි Sunday, 09 June 2013 04:41 PM

බැරිවෙලාවත් ගොයියෝ ! අපේ රටට ඇවිත් ඔය සෙල්ලම් දැම්මොත් නම් එහෙම ,විදුලිය ගණන් කාලයේ ඇඟටත් මීටරයක් සවි කරයි ලං.වී.ම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 358 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 125 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 124 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 456 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 861 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site