IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


විදෙස් ණය රූබල්වලින් ගෙවන්න රුසියාව තීරණය කරයි

ගෙවීමට ඇති විදේශ ණය රුසියානු රූබල් වලින් ගෙවීමට රුසියාව තීරණය කර ඇතැයි, රුසියානු පාර්ලිමේන්තුවේ (ඩුමා සභාව) ප්‍රකාශක යචේස්ලව් වොලොදින් ප්‍රකාශ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජැනට් යෙලෙන් රුසියාවට තම විදේශ ණය ඇමෙරිකා එක්සත් ජනපද බැංකු හරහා ඩොලර් වලින් ගෙවීමට අවසර ලබා දී තිබූ බලපත්‍රය කල් ඉකුත් වීමට ඉඩ හැරීමත් සමග රුසියාව මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම බලපත්‍රය ඇමෙරිකානු ඩොලර් වලින් ගෙවිය යුතු යැයි කොන්දේසි දමමින් රුසියාවට ණය සහ බැඳුම්කර ලබාදුන් ඇමෙරිකානු සහ ජාත්‍යන්තර ආයෝජකයින්ට අදාල වේ.රුසියාව ගෙවීමට ඇති විදෙස් ණය රූබල් වලින් ගෙවා පසුව ණය හිමියන්ට එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට පර්වර්තනය කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන බව රුසියානු මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් එසේ පරිවර්තනය කරගැනීමට නිශ්චිත කාල සීමාවක් රුසියානු මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කර නැත.රූබල් මුදල් ඒකකයෙන් විදේශ ණය ගෙවීමේදී,ගිවිසුම් ගත වීමේදී එකඟ වූ  කොන්දේසි උල්ලංඝනය වන බැවින් රුසියාව තාක්ෂණිකව විදේශ ණය පැහැර හැරි රටක් බවට පත් වන බව විශ්ලේෂකයෝ පවසති.

රුසියානු අධිරාජ්‍ය බිඳ දමමින් සෝවියට් සංගමය පිහිටවූ 1917 බොල්ෂෙවික් විප්ලවයෙන් පසු රුසියාව විදේශ ණය ගෙවීමක් පැහැර හැර නොමැති බව පැවැසෙයි.90 දශකයේදී ඇති වූ ආසියානු ආර්ථික අර්බුදයේදී රුසියාව දේශීය ණය ගෙවීම පැහැර හැරියත් ජාත්‍යන්තර සහාය ලබාගනිමින් ඉන් ගොඩ ඒමට හැකියාව ලැබුණේය.

“අපට උද්ගත වෙලා තියෙන තත්ත්වය 1998 වසරේ සිදු වූ සිදුවීමට සමාන කිරීමට කිසිසේත් හැකියාවක් නැහැ.1998 අපිට අපේ ණය ගෙවාගැනීමට ක්‍රමයක් තිබුණේ නැහැ.අපිට දැන් සල්ලි තියෙනවා, අපි මුදල් ගෙවන්නත් කැමතියි.මෙම අවස්ථාව රුසියානු විරෝධී රටවල් වලින් කෘතිමව ඇතිකරන ලද්දක් මින් රුසියානුවන්ගේ ජීවිත වලට කිසිම වෙනසක් වෙන්නේ නැහැ” රුසියානු මුදල් අමාත්‍ය ඇන්ටන් සිලුවානොව් ප්‍රකාශකයක් නිකුත් කරමින් පැවසුවේය.

පෙබරවාරි 24 වෙනි දින රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග මේ දක්වා ගෙවීමට තිබූ සියලුම ගෙවීම් නියමිත වෙලාවට සිදු කල අතර 27 වැනිදා රුසියාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100 විදෙස් ණය ගෙවීම් තිබෙන අතර මේ වසර අවසාන වීමට පෙර  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන දෙකක් වටිනා බාහිර බැඳුම්කර ගෙවීම් සිදු කිරීමට නියමිතව ඇත.

රුසියානු හමුදා යුක්රේනය  ආක්‍රමණය කිරීමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් රුසියාවට සම්බාධක පැනවූ අතර රුසියාවේ විදේශ ණය ඇමෙරිකානු බැංකු මගින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මුදල් ඒකකය මගින් ගෙවීමට ලබා දී තිබූ  බලපත්‍රය නැවත අලුත් නොකර කල් ඉකුත් වීමට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉඩහැරීම පැනවූ සම්බාධක වල තිබු හිඩැසක් වැසීමක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.  

(රොයිටර්)



අදහස් (0)

විදෙස් ණය රූබල්වලින් ගෙවන්න රුසියාව තීරණය කරයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 305 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 243 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 670 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 93 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 527 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 570 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site