IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


විනිසුරුවරිය සමාව ගනි

තුන් මාසයක් වයසැති තම බිළිඳාට මව් කිරි දීම නිසා කාන්තාවකට උසාවි සංකීර්ණයෙන් පිටවන ලෙස විනිසුරුකාරිනියක් නියෝග කිරීමේ සිද්ධියක් එංගලන්තයෙන් වාර්තා වේ.

ඩැනියෙල් ග්රෑන්ඞ්සන් (25) උසාවියට පැමිණියේ සාක්කිකාරිනියක් ලෙසය. බොහෝ වේලාවක් එහි රැදී සිටි නිසා කුසගින්නේ සිටි බිළිඳාට උසාවිය ඇතුළට ගොස් ඇය මව්කිරි දීමට සැරැසුණාය. එහිදී විනිසුරුවරිය උස් හඬින් ඇයට කතා කොට උසාවියෙන් පිටවන ලෙස දන්වා තිබේ. එයින් භීතියට පත් ඇය බිළිඳත් රැගෙන පිටව ගොස් ඇත.

ප‍්‍රසිද්ධියේ මව්කිරි දීම තහනම් කර නොමැති තත්ත්වයකදී මෙවැනි ආකාරයෙන් හැසිරීම ගැන කාන්තාවක් හැටියට ඇය ලැජ්ජ විය යුතු බව ඩැනියෙල් විනිසුරුවරියට පැමිණිලි කරමින් පැවසීය. එමෙන්ම තමාට මෙවැනි දෙයක් සිදු වූයේ ප‍්‍රථම වතාවට බවත් ඇය සඳහන් කර ඇත.

පසුව ඇයගේ පැමිණිල්ල ඉදිරියේ තමා වැරදිකාරියක බවත් එයට සමාව අයදින බවත් විනිසුරුවරිය ප‍්‍රසිද්ධියේ පවසා ඇත.

 

 



අදහස් (0)

විනිසුරුවරිය සමාව ගනි

ප්‍රනාන්දු Friday, 13 December 2013 08:18 PM

කොහොමද ලංකාවේ වුනා නම් එහෙම. (නදී)

:       0       0

චාමික Wednesday, 11 December 2013 10:01 AM

ශීලා, මම කියන්නම් උතුම් රටේ බිළිඳාට මව් කිරි දීමට කාතාවන්ට වෙන අවහිරකම් එකින් එක. විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානොත්සවයට අත දරුවෙක් සිටින කාන්තාවන්ට දරුවා රැගෙන ඒමට පවා නොහැකියි. කාන්තාවට උපාධි ප්‍රධානෝත්සවය අවසන් වනතුරු පැය හතරක් හෝ පහක් පමණ දරුවා ශාලාවෙන් පිටත කුස ගින්නේ සිටිය යුතුයි. අනික, බැංකු වල කවුන්ටරයට අතදරුවන් සිටින කාන්තාවන්ට පැමිණෙන්න දෙන්නේ නැහැ.වෙනත් රටක් නොදක දැකපු එකම රට උතුම් කියා කියා ඉන්නේ නැතිව, තමුන්ගේ රටේ වෙන වැරදි වැඩට එරෙහිව හඩක් නගන්න. බැරි නම් අඩුම තරමේ නිහඬව ඉන්න. (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Tuesday, 10 December 2013 07:45 AM

මෙහේ වුණා නම්?? (නි)

:       0       0

සෙන්ජී Tuesday, 10 December 2013 03:05 PM

ලංකාවේ නම් හිරේ දමයි. මේ ලඟ දී ගේට්ටුව ඉස්සරහ කාර් එක නවත්තල පාර බ්ලොක් කරලා, ඒ මදිවට ගේ අයිතිකාරියව හිරෙත් දැම්මේ මතක නැද්ද??? (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Tuesday, 10 December 2013 08:07 AM

එරටේ මිනිසුන්ගේ තිබෙන හොද ගතිගුණ අපි අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

චින්තක 2 Thursday, 12 December 2013 11:24 PM

චාමික , මොන රට ගැනද ඔබ කියන්නේ? ලංකාවේ බැංකු වල නම් ඕනෑතරම් අත දරුවන් රැගෙන එනවා. (නි)

:       0       0

සනී Tuesday, 10 December 2013 08:33 AM

මම දන්නේ නැහැ. මට මතක නැහැ කිවුවා නම්? (නි)

:       0       0

ජයසිරි මනමේන්ද්‍ර Sunday, 15 December 2013 11:59 AM

අපේ රටේ මේ සිද්දිය උනා නම් සමාව ගන්නවා විතරක් නෙවේ එවෙලේම රස්සාවෙනුත් ඉල්ලා අස්වෙනවා. (නදී)

:       0       0

වසන්ත Friday, 13 December 2013 03:43 PM

ඇත්ටටම මෙම සිදුවීම ගැන ලංකාවේ ඇති නීතිය කුමක්ද? ලංකාවේ මෙවැනි සිදුවීමකට කලයුතු ක්‍රියාමාර්ගය සදහන් කිරීම අප සැමටම වැදගත් වෙනවා.(නදී)

:       0       0

මොහාන් Tuesday, 10 December 2013 10:06 PM

උසාවි වල නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. දරුවට කිරි දෙන්න වුවමනා නම් උසාවිය ඇතුලෙන් ඉවත් we වෙනත් පහසු තැනක දරුවට කිරි දෙන්න පුළුවන්. විනිසුරු මොනවට සමාව ගත්තාද? (නි)

:       0       0

බමුණු Tuesday, 10 December 2013 09:28 AM

" අපේ නිලධාරීන් මේවා ආදර්ශයට ගතයුතුයි." හොදට තියෙයි ඉර අනික් පැත්තෙන් පායන්න පටන් ගත්තම. රාජ්‍ය සේවයේ හොඳ කාලය පහුවෙලා බොහොම කල්. එම තත්වයට ලංකාව නැවත ගන්න බැහැ. ඒ කාලයේ රාජ්‍ය සේවයේ ඉන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. එය සුන්දර අතීතයක්. හවසට අපි ක්ලබ් එකේ එකට කා සමගත් විනෝද වෙනවා. නමුත් පසුවදා උදේ කාර්යාලයේදී රාජකාරියට මුල් තැන. (නි)

:       0       0

මදු Monday, 09 December 2013 07:11 PM

පහු වෙලා හරි වැරද්දක් උනේ කියල තේරුම් ගත්තා.(අ)

:       0       0

දම් Tuesday, 10 December 2013 10:58 PM

අවංක, කාර්යශුර ,නිහතමානී පුගලයන් වෙසෙන එංගලන්තය දිනේවා (ස)

:       0       0

[නියෝ] Sunday, 15 December 2013 02:38 PM

"අපේ රටේ මේ සිද්ධිය වුණා නම් සමාව ගන්නවා විතරක් නෙවේ එවෙලේම රස්සාවෙනුත් ඉල්ලා අස්වෙනවා."(දිල්) …

:       0       0

ශීලා Wednesday, 11 December 2013 12:04 AM

අපේ රට උතුම්යැයි කීම කුහක කමක් නොවේ. (ස)

:       0       0

රාණි Wednesday, 11 December 2013 12:06 AM

පන්ති බෙදේ ඇති ලංකාවට මේවා මැජික්.... අපි හැදුණ වැඩුණ රට නිසාම ඒ පන්තිබෙදේ, නිලදාරිවාදෙත් ඉතා හොදයි කීම කුහක කමකි....(ස)

:       0       0

දම් Tuesday, 10 December 2013 10:49 AM

අපේ රටේ නම් මේ දේවල් වෙන්නෙම නැති තරම්, තාම අපි දරුවෝ ලැබෙන්න ඉන්න සහ මේ වගේ අත දරුවෙක් අරන් ඉන්න අම්මලට හොඳින් සලකනවා...ඒක නොපෙනෙන අය ඉන්නවා නම් ඒක කරුමේ... (ස)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 10 December 2013 10:50 AM

එංග්ලන්ඩ් වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ...... (ස)

:       0       0

දිලීප් Tuesday, 10 December 2013 11:11 AM

මේක නම් ලංකාවට මඩ ගහන්න කරපු කුමන්ත්‍රණයක්. (ස)

:       0       0

ලාරා Monday, 09 December 2013 08:49 PM

මෙතැනින් පෙනෙන්නේ කුමක්ද? (නි)

:       0       0

උපාලි Tuesday, 10 December 2013 11:38 AM

මම නම් පෞද්ගලිකව දන්නවා දණ්ඩ නීති සංග්‍රහයේ නැති දඬුවම් උසාවියෙන් විත්තිකාරයින්ට නියම කරපු අවස්ථා. කෙහෙල් කැනක් හොරකම් කර වරදකරු වූ අයෙකුට ඒ කෙහෙල් කැනෙන් අමු ගෙඩි කීපයක් උසාවියේදීම කන්න නියම කලා එක මහේස්ත්‍රාත් කෙනෙක්. මේ විනිසුරුවරිය නම් පස්සේ හරි තමන්ගේ වරද අවබෝධ කරගත්තා. (ස)

:       0       0

අජිත් Tuesday, 10 December 2013 05:13 PM

එතකොට ඒ විනිසුරු වරිය පොඩිකාලේ බීල තියෙන්නේ මව් කිරි නෙමේද? (ස)

:       0       0

සෙනරත් Tuesday, 10 December 2013 11:59 AM

තමන් කරන රස්සාව වැඩිපුර ඔලුවට ගත් විනිසුරුවරියක්. ඉතින් මෙයා දෙයි ද නිවැරදි තීරණ. (ස)

:       0       0

හේවගේ චන්දන. Monday, 09 December 2013 09:44 PM

හොද ආදර්ශයක් අපට ලබාදුන්නේ. (නදී)

:       0       0

සුනිල් Tuesday, 10 December 2013 12:49 PM

මේගොල්ලෝ තමා අපේ රටට ඇවිත් අපිට මිනිස් අයිතිවාසිකම් ගැන කියා දෙන්න හදන්නේ. (ස)

:       0       0

බමුණු Tuesday, 10 December 2013 12:51 PM

"එංග්ලන්ඩ් වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ " එ් කියන්නේ ළමයට කිරි දෙන්නේ නැද්ද? (ස)

:       0       0

බමුණු Tuesday, 10 December 2013 12:54 PM

"මේක නම් ලංකාවට මඩ ගහන්න කරපු කුමන්ත්‍රණයක්." ලෝකේ රටක හොඳ වැඩක් කරන හැම අවස්ථාවේම ලංකාවට මඩ වදිනවා. (ස)

:       0       0

කුමාරි Monday, 09 December 2013 10:01 PM

මට හිතා ගන්න බැරි වුනා.(නදී)

:       0       0

සමන් කුමාර Wednesday, 11 December 2013 04:29 AM

පිහියෙන් ඇනලා සමාවෙන්න කිවුවට වැඩක් නැහැ,ඒ වෙනකාට පිහිපාර වැදිලා අවසන් නම් (නි)

:       0       0

කෙවුල්ගම පන්සල Sunday, 15 December 2013 05:27 PM

හොද ආදර්ශයක්(දිල්)

:       0       0

රෝයා Monday, 09 December 2013 10:43 PM

තමා කල වරද තේරුම් ගැනීමත් සමාව ගැනීමත් කොතරම් නිහතමානි ක්‍රියාවක්ද . අපේ නිලධාරීන් මේවා ආදර්ශයට ගතයුතුයි.(දිල්)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 10 December 2013 01:58 PM

මම දන්නා විනිසුරියක් ඉන්නවා ඇය නම් කුඩා ළමයි, අතදරුවන් රැගෙන ඇවිත් ඉන්න අම්මලා දැක්කොත් එයාලාගේ නඩුව තමයි ඉස්සෙල්ලාම විභාගයට ගන්නේ ඒ වගේම නිතිය අකුරටම ක්‍රියාත්මක කරනවා .... (ස)

:       0       0

ලංකා Saturday, 14 December 2013 10:06 PM

ලංකාවේ නම් දඩුවම් කිරි දීපු අම්මට. ඇයි මතක නැද්ද අර පාරක් හරස් කරලා විනිසුරුතුමියක් වා‍හනේ නවත්වලා ගියපු එකේ දඩුවම ආවේ කාටද කියලා(දිල්)

:       0       0

අචිර Tuesday, 10 December 2013 07:09 PM

ඉතා හොදයි (නි)

:       0       0

දොන් Tuesday, 10 December 2013 03:55 AM

මේක නම් කොහොමවත් වෙන්න බැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 10 December 2013 02:40 PM

අයියෝ බමුණු, ඔය ඕස්ට්‍රලියාවේ හිටිය කියල මේ තරම් අපේ රටට ගරහන්න එපා හලෝ. මේක අපි ඉපදුන හදුනා වැදුන රට. අඩු පාඩු නැතුව නෙවෙයි ඒත් ..... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 13 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 14 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 5 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 6 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 306 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 244 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site