IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


විරෝධතාකරුවෝ කෙන්යා පාර්ලිමේන්තුවට කඩා වදිති

කෙන්යා රජය හඳුන්වා දුන් නව මූල්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ විරෝධතා උත්සන්න විය. දස දහස් ගණනක් විරෝධතාකරුවෝ, නයිරෝබි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර ඔවුහු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසකට ගිනි තැබූහ. 

කෙන්යාවේ පාර්ලිමේන්තුව, ගොඩනැගිලි සමූහයක එකතුවකි. විරෝධතාකරුවන් කඩා වැදී ගිනි තැබුවේ එක් කොටසකට පමණය. ගින්න පාලනය කර ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූහ.

පොලිස් නිලධාරීන් සමඟ ගැටෙමින් විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිද්දී, පොලිසිය ජීව උණ්ඩ යොදා ගනිමින් කලහකාරී පිරිසට වෙඩි තැබූ බවත්, පොලිස් වෙඩි පහරින් විරෝධතාකරුන් පස් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදිද්දී, පොලිසිය සහ ආරක්ෂක අංශ මැදිහත් වී, කෙන්යා ජනාපධිති  විලියම් රූටෝ සහ මැති ඇමැතිවරුන් ආරක්ෂිතව පිටතට රැගෙන ගිය බව ද වාර්තා වේ.

බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් එම නව මූල්‍ය පනත් කෙටුම්පතට පසුගිය කාලය පුරාවට කෙන්යා වැසියන්ගේ විරෝධය පළ විය. විරෝධතා උත්සන්න වී ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේ, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සමම්ත වෙද්දීය.

විරෝධතා මෙහෙයවීම කළේ තරුණ සංවිධාන මැදිහත් වෙමිනි. විරෝධතා ආරම්භ වූයේ, ජීවන වියදම් සම්බන්ධයෙන් අර්බුදයක් ඇති අවස්ථාවක බදු ඉහළ දැමීම කිසිසේත් නොකළ යුතු බවත්, නව පනත් කෙටුම්පත හකුළා ගන්නා ලෙසත් බල කරමිනි. 

පනත් කෙටුම්පත සමම්ත වෙද්දී නයිරෝබි අගනුවරට රැස්වුණු දස දහස් ගණනක් විරෝධතාකරුවන් අතරේ ඇමෙරිකාවේ හිටපු ජනාපධිති බැරැක් ඔබාමාගේ ඥාති සොහොයුරියක සිටි බවත්, පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකට ඇය හසුවුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් පස් දෙනකු මියගිය බවත්, 13 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත්ය. විරෝධතා උත්සන්න වෙද්දී, කෙන්යා ජනාධිපති විලියම් රූටෝ ජනතාව අමතමින් කියා සිටියේ රටේ ජනතාවගේ ආරක්ෂාවට තමන් ප්‍රමුඛත්වය දෙන බවය. කෙන්යා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේ කනස්සල්ලෙනි.

තම රජය හඳුන්වා දීමට උත්සාහ ගන්නා නව මූල්‍ය ප්‍රතිසංස්කරණවලට සාමකාමීව විරෝධතා පැවැති නමුත් අපරාධකරුවන් ඊට සම්බන්ධ වී, ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බවත් ඔවුන් දිගින් දිගටම මර්දනය කිරීමට තමන් කටයුතු කරන බවත් ජනාපධිතිවරයා පෙන්වා දුන්නේය. ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය කිරීමට තමන් හැකි සෑම දෙයක්ම කරන බවත්, සාමයට තර්ජනයක් වීමට කිසිවකුට ඉඩ නොදෙන බවත් ජනාපධිති රූටෝ අවධාරණය කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (3)

විරෝධතාකරුවෝ කෙන්යා පාර්ලිමේන්තුවට කඩා වදිති

Haris Wednesday, 26 June 2024 05:27 AM

කෙන්යාවෙත් ජෙප්පෝ ඉන්නවා

:       9       10

ලුම්බිණි Wednesday, 26 June 2024 06:44 AM

චීන ණය සහ අයි එෆ් එම් එක තමයි වග කියන්න ඕන.

:       5       4

sam Wednesday, 26 June 2024 08:05 AM

ලංකාවේ 225 වගේම කට්ටියම ඉන්න රටක්. ජනතාව පව්.....

:       5       19

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ගගන සංචාරකයෝ ආපසු එති
2024 සැප්තැම්බර් මස 16 962 0

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.


යුරෝපයටත් මහ වැසි: ජල ගැලීම්
2024 සැප්තැම්බර් මස 16 194 0

මහ වැසි හේතුවෙන්, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපා රටවල් රැසක පළාත් බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත්, එම රටවල වැසියන් ලක්ෂ ගණනක් පීඩාවට පත් ව ඇති බවත් විදෙස් මාධ්


හවුති සටන්කාමීන්ගෙන් පළිගන්නවා - නෙදන්යාහු
2024 සැප්තැම්බර් මස 16 2716 1

යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද


‘යාගී’ මියන්මාරයට: 100 ක් මරුට
2024 සැප්තැම්බර් මස 16 702 1

‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ


ට්‍රම්ප්ට ආයෙත් වෙඩි තියන්න හදලා
2024 සැප්තැම්බර් මස 16 3832 0

යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා


අපට අලුත් සඳක් ලැබෙන්නයි යන්නේ
2024 සැප්තැම්බර් මස 15 3549 7

පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වීමට නියමිත බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මේ අලුත් සඳ දින 53 ක් තිස්සේ ෙපෘථිවිය සමඟ සිටිනු ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site