බි්රතාන්ය කිරුළ හිමි විලියම් කුමරුගේ දේවිය කේම්බි්රජ් ආධිපාදවරිය කේට් කුමරිය බිහි කරන කුළුදුල් දරුවා උපදින දිනයට එරට බිහි වන සෑම දරුවකුටම වටිනා පැන්ස කාසියක් පිරිනමන බව රාජකීය ටංකනය නිවේදනය කර තිබේ. මෙම කාසියක් පවුම් 28 (රුපියල් 5500ක් පමණ) වටිනාකමකින් යුක්තය.
සාමාන්‍යයෙන් බි්රතාන්යයේ දිනකට දරුවන් 1983ක් පමණ උපදින බවත් ඔවුන් අනුස්මරණීය රිදී පැන්ස 2013ක් පමණ ගබඩා කර ඇති බවත් සදහන් කරයි.
මෙම රිදී කාසිය රෝස පාට හෝ නිල් පාට පසුම්බියක දමා සෙල්ලම් වලසෙකුත් සමග සුභ පැතුම්ක් ලෙස දරුවන්ට පිරිනැමේ. ජීවිත කාලයේම එම දරුවන්ට යහපත් සෞඛ්‍යයක් සහ සමෘද්ධිමත් බව ස`දහා සුභ පැතුම් එක් කිරීමත්, ජාතියටම පී‍්‍රතිමත් අවස්ථාවක් වන රාජකීය බිළි`දාගේ පැමිණීම සදා මතකයේ රදවා ගැනීමත් මෙම කාසිය ලබා දීමෙන් ඔවුන් අපේක්ෂා කරන බව සදහන් කර ඇත.
මෙම සතියේ දරුවන් ඉපදීමට සිටින සෑම දෙමව්පියන්ටම රාජකීය මුහුණුපොතේ ගෙවීමකින් තොරව ලියාපදිංචි විය හැක. පසුව උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමෙන් සිල්වර් කාසිය ලබා ගැනීමට හැකියාව තිබේ.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විලියම් කුමරුගෙන් රීදී කාසියක්
බමුණු Saturday, 06 July 2013 06:50 AM
සුද්දා රට ඇල්ලුවේ නැත්නම් තවමත් රට කරන්නේ ද්‍රවිඩ රජෙක්. නිලමේ කෙනෙක් පාරේ යනවිට කරේ තිබෙන ලේන්සුව අතට අරන් පාරෙන් අයිනට යන්න වේවී. දැනටත් පෙනෙන්නේ නැද්ද හෝන් ගහගෙන ලයිට් දා ගෙන එනකොට අපේ වාහන පාරේ අයිනට ගන්න හැටි. බලන්න තිබුනා වංගෙඩියේ දාලා කොටන හැටි, අලි ලවා පාගවන හැටි. (නි)
බමුණු Saturday, 06 July 2013 06:55 AM
මෙහෙ සුද්දට බනිනවා. හැබැයි රැකියාවක් හොයන්නේ බ්‍රිටිෂ්, ඇමෙරිකන් නැතිනම් ප්‍රංශ කොම්පැනි වල (නි)
නුවන් Friday, 05 July 2013 07:24 PM
මොන මීහරක් කතාවක්ද මේ සජීවනී කියන්නේ.(නදී)
ද සිල්වා Sunday, 07 July 2013 03:54 PM
අපේ රට අද මෙතරම් ආර්ථික අගාධයකට වැටිලා තිබෙන්නේ අපේම දුෂිත දේශපාලකයන්ගේ ක්‍රියාකලාපයෙන්. (නි)
ගිම්හාණි Friday, 05 July 2013 09:21 PM
අනේ ඇත්තමයි නුවන් සමහර අය නොදන්නා දේවල් ගැන ඔහේ කියනවා .සංජීවගෙන් විලියම් කුමාරයා කීයක් ගත්තද දන්නේ නැහැ.(නදී)
සයිනාවා Sunday, 07 July 2013 12:35 PM
විලියම් කුමාරයා එයාගේ බුදෙලන් රිදී කාසියක් දෙන්නේ නැහැ, එංගලන්තේ වැසියන්ගේ බදු මුදලින් මිසක් (නි)
සරෝජ් Friday, 05 July 2013 10:25 PM
අර මේකේ ඉඳල හිටලා ප්‍රතිචාර දමන ලන්ඩන් රන්ජනිට එක ගන්න පුළුවන්. එයත් ළමයෙක් බලපොරුතුවෙන බව කිව්වා ළඟදීම. කාසිය මොනා උනත් එයා ඕක ගන්න එනවා.(නදී)
උදය Monday, 08 July 2013 08:07 PM
සිල්වා රජ පවුලේ වුණ් නිත්‍යානුකුලව කරන්නෙත් අපේ අයට හොරෙන් දුෂිතව කරන දෙමයි (අ)
ශිරෝමි Saturday, 06 July 2013 12:28 PM
හුශේන් ඔයා හරි.(නදී)
සරත් Saturday, 06 July 2013 01:30 PM
කොහොමහරි එහෙනම් ලන්ඩන් රංජනී ගොඩ?(නදී)
අචිනි Saturday, 06 July 2013 02:05 PM
ඉන්නකෝ අපේ රජ පවුලේ කුමාරයාණන් වහන්සේ කෙනෙකුගේ දරුවෙක් උපදිනකන් කේ.පි මාමගේ රත්තරන් වලින් තෑගි දෙන්නේ.(නදී)
සුදේශ් Sunday, 07 July 2013 02:16 PM
අප්පෝ! අචිනිට තියන ඊර්ෂ්‍යාව? ඔයාගේ නම් වයසට වැඩි පෙනුම ඇති (නි)
හුසේන් Saturday, 06 July 2013 01:23 AM
කවුරු මොනවා කිව්වත් " සුද්දා " කියන්නේ රටවල් සුද්ද කරපු නිසා. (නි)
උදය Saturday, 06 July 2013 02:32 AM
ඇත්තටම එංගලන්තය ඕලන්දය පෘතුගාලය ස්පාඤ්ඤය ප්‍රංශය වගේ රටවල් ආසියාවෙනුත් අප්‍රිකාවෙනුත් උදුරාගත් දෙයින් වැජඹෙනවා. සංජිවනි කියන්නේ ඒ වගේ කතාවක්. අවුරුදු දෙසීයකට ඉස්සරත් ඔවුන් අපේ මිනිස්සු මැරුවා කිසිම නීතියක් නැතුව. දැන් අපිට නීති පොත පෙන්නනවා එයාලට මොනවා හරි කරගන්න. විලියම් කුමාරයා කියන්නේ තවත් එංගලන්තයේ රජකම තිය ගන්න ආපු කෙනෙක් විතරයි. (නි)
සුමුදු වර්ණකුලසූරිය Saturday, 06 July 2013 02:41 AM
අප්පේ සංජීව මහත්තයාගේ ජාතික හැඟීම. ඔයා වගේ උගත් අය ඉන්න හින්දා තමයි අද චීන්නුත් අපිට ණය කාරයෝ වෙන තරමට අපේ රට දියුණු වෙලා තියෙන්නේ නේද? (නි)
අප්පුහාමි Saturday, 06 July 2013 02:45 AM
සංජීව, ඔය නුගත් කතා වලින් මෝඩයෙක් බව හෙළිකරන්න එපා. හුරා කන්න අපේ රටවල මොනවද තිබුනේ? සුද්දෝ නාවා නම් තවම අමුඩ කොටේ ගහලා තමයි ඉන්නේ (නි)
සංජීව Friday, 05 July 2013 05:53 PM
අපේ රජ පෙළපත නැති කරපු, රටට කළු සුද්දෝ බෝකළ අය, අපේ රටවල් වලින් හුරාගත් සල්ලි වලින් දැන් අපිටම සමච්චල් කරමින් උජාරුවට වෙජඹෙන අන්දම... (දී)
ලසන්ත Saturday, 06 July 2013 05:41 AM
අපේ රජපෙලපත නැති වුනේ සුද්දෝ එන්න කලින්.අපේ අයට ඉන්දියන් ගැහැණු ගේන්න පටන් ගත්ත දා ඉදන්.අපට අන්තිමට හිටියේ අල්ලපු රටේ රජෙක්.ඒ රජා සුද්දා නැති නොකලා නම් අද වෙද්දී රට කොහොම කොහොම හරි ප්රජාතන්ත්රවාදී වෙලා දේශපාලකයන්ට අමතරව අල්ලපු රටේ රජවරුත් අපේ සාක්කුවෙන් යැපෙයි. (නි)