යුරෝපයේ සංචාරයක නිරත මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී වසර 24කට පසු ඊයේ(19) බි්රතාන්යයට පැමිණියාය. ඈ බි්රතාන්ය බලා පැමිණියේ ඩබ්ලින් නුවරදී සිය 67 වැනි උපන්දිනය සැමරීමෙන් අනතුරුවය. ඒ සඳහා විශේෂ උත්සවයක් ද සංවිධානය කෙරුණු අතර විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සූකීට මෙවර බි්රතාන්ය සංචාරය පෞද්ගලික වශයෙන් ද අතිශය වැදගත් වේ. ඇය මෙවර බි්රතාන්යයට පැමිණියේ වසර ගණනාවකින් නුදුටු ඇගේ පුතුන් හා මෙතෙක් කිසිදාක දැක නැති ඇගේ මුණුබුරු මිනිබිරියන් ද බලන්නටය. බි්රතාන්යයට පැමිණි සූකී ලන්ඩන් ආර්ථිකවිද්‍යා පාසලේ ඊයේ පැවැත්වුණු සංවාදයකට ද සහභාගී වූවාය. අනතුරුව සවස්භාගයේදී ඇය අධ්‍යාපන කටයුතු සඳහා වසර ගණනාවක් ගත කළ ඔක්ස්ෆර්ඞ් නගරයේ සිටින සිය පවුලේ සාමාජිකයන් හමුවීමට ගියාය. සූකී සිය බි්රතාන්ය සංචාරයේ වැදගත් සන්ධිස්ථානයකට පැමිණි අද(19) දිනයේදී තමා දේශපාලන විද්‍යාව, දර්ශනය සහ ආර්ථිකවිද්‍යාව උගත් ඔක්ස්ෆර්ඞ් සරසවියෙන් සිවිල් නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනැමීමට නියමිතය. මෙවර බි්රතාන්ය සංචාරය ඇයට දේශපාලනික වශයෙන් වැදගත් වනුයේ අනිද්දා(21) බි්රතාන්ය පාර්ලිමේන්තුව ඇමතීමට සූදානමින් සිටින නිසාය. සූකී මියන්මාරයට යාමට පෙර විසිවසරක් මවක සහ බිරිඳක ලෙස ගත කළේ බි්රතාන්යයේය. 1988 වසරේදී සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් මියන්මාරයට ගිය සූකීට නැවත බි්රතාන්යයට පැමිණීමට වසර 24ක් ගත වනු ඇති බවට ඇය කිසිසේත්ම නොසිතන්නට ඇති බව විදෙස් විශ්ලේෂකයෙකු සඳහන් කළේය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසර 24කට පසු සූකී බි්රතාන්යයට පැමිණේ
සේනානායක Wednesday, 20 June 2012 10:55 PM
තමන්ගේ සාධාරණ අරමුණු වෙනුවෙන් අරගලයේ නියුතු උදාර කාන්තාවකි.සුභ පැතුම්!
සුභාෂිණි Thursday, 21 June 2012 04:29 AM
ආදරණීය සුකී, ඔබේ ජීවිතය අපට ආඩම්බරයකි