IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


වසර 24 කට පසු සූ කීට විදේශ ගමන් බලපත‍්‍රයක්

මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කීට වසර 24 කට පසු  පෙරේදා (9) විදේශ ගමන් බලපත‍්‍රයක් හිමි විය. මියන්මාර රජය ඇයට එම ගමන් බලපත‍්‍රය ලබා දීමට කටයුතු කළේ ඇය, ලබන ජූලි මාසයේදී බි‍්‍රතාන්‍යයේත්, නෝර්වේ රාජ්‍යයේත් සංචාරය කිරීමට සූදානමින් සිටින නිසාය. මියන්මාරයේ ආඥාදායක පාලනයට එරෙහිව අහිංසාවාදී නිහඬ අරගලයක් කළ ඇය වසර 20 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ පසුවූවාය. නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ හරය මුළු ලොවටම කියා දුන් සූ කී ඉකුත් අපේ‍්‍රල් පළමු වැනි දා මියන්මාර නව සිවිල් රජය පැවැත්වූ අතුරු මැතිවරණයෙන් ජය ගෙන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ලෙස කටයුතු කරන්නීය. නිවාස අඩස්සියේ සිටි සූ කීට නිදහස ලැබුණේ මියන්මාර දේශපාලනයේ වෙනසක් ඇති වෙමින් තිබියදීය. හමුදා පාලනය අවසන් කරමින් මියන්මාරයේ පිහිටුවූ  සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඇති අතර සූ කී සහභාගී වූ එම අතුරු මැතිවරණය පැවැත්වූයේ ද එම දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට අනුවය. එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ විදේශවල ප‍්‍රශංසාවට ලක් වී ඇති අතර මියන්මාරයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ද ඒ රටවල් කැමැත්ත පළ කර තිබේ. බි‍්‍රතාන්‍යයට පැමිණෙන්නැයි සූ කීට ආරාධනා කළේ පසුගිය අපේ‍්‍රල් 14 වැනිදා මියන්මාරයට පැමිණි බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ය. බි‍්‍රතාන්‍යය සහ නෝර්වේ රටවල සංචාරය සූ කීට පෞද්ගලික වශයෙන් අතිශය වැදගත් වේ. ඇය බි‍්‍රතාන්‍යයට යන්නේ වසර ගණනාවකින් නුදුටු ඇගේ පුතුන් හා මෙතෙක් කිසිදාක දැක නැති ඇගේ මුනුපුරු මිණිපිරියන් බලන්නටය. සූ කී බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවි උපාධිධාරිනියක වන අතර ඇය ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට යෑමට ද අදහස් කර ගෙන සිටින්නීය. සූ කීගේ සැමියා බි‍්‍රතාන්‍ය ජාතික ජාතික මයිකල් ඒරීස්ය. සූ කී ඔහු සමඟ විවාහ වූයේ 1972 වසරේදීය. මියන්මාරයට පැමිණ දේශපාලනයට සම්බන්ධ වී පසුව නිවාස අඩස්සියට පත් වූ හෙයින් රෝගාතුර වී මියගිය ඒරීස්ගේ අවමංගල්‍යයට පවා සහභාගී වීම සඳහාවත් මියන්මාරයෙන් පිට වන්නට ඇයට අවසර නොලැබිණි. නෝර්වේ සංචාරය ද ඇයට ඉතා වැදගත් වේ. ඇය එම නෝර්වේ ගමන යෑමට නියමිතව තිබුණේ 1991 වසරේදීය. මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා සාමකාමී අරගලයක යෙදීම නිමිත්තෙන් සූ කී 1991 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. නිවාස අඩස්සියේ සිටි නිසා එම සම්මාන ප‍්‍රදාන උළෙලට සහභාගි වීමට මියන්මාර් පාලනයෙන් ඇයට අවසර ලැබුණේ නැත. ඒ සඳහා සහභාගි වූයේ එවකට එංගලන්තයේ විසූ, 18 හැවිරිදි ඇලෙක්සැන්ඩර් හා 14 හැවිරිදි කිම් යන පුතුන් දෙදෙනාය. මෙවර ඇය නෝර්වේ රටේ ඔස්ලෝ අගනුවර බලා යන්නේ ඇය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමේ විශේෂ උළෙලක් නොබෙල් සාම කමිටුව විසින් සංවිධානය කර ඇති නිසාය. වාර්ෂිකව නොබෙල් සාම ත්‍යාග ප‍්‍රදානය කරන ඔස්ලෝ පුරහලේදී ඇයට සාම්ප‍්‍රදායිකව එම ත්‍යාගය පිරිනැමීමට තමන් සූදානමින් සිටින බව නොබෙල් කමිටුව පවසා ඇත.



අදහස් (0)

වසර 24 කට පසු සූ කීට විදේශ ගමන් බලපත‍්‍රයක්

අනුර Thursday, 10 May 2012 08:13 PM

ුඅය නියම නායිකාවක්

:       0       0

සේනානායක Thursday, 10 May 2012 11:45 PM

මා ප්‍රියකරන චරිතයක්. ඔබට ජය වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 12 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 11 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 13 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2798 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5615 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 182 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 498 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site