වසර 79 කට පසු භාරදුන් පුස්තකාල පොතක් ගැන වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයයේ ලෙස්ටර් ප්‍රදේශයෙනි.
පුස්තකාල කාර්යමණ්ඩලය ගණන් බලා ඇති ආකාරයට වසර 79 ක් පමා වීම නිසාවෙන් ගෙවිය යුතු දඩය පවුම් 11,500 (රුපියල් 2461000) කි.
zzමාස්ටර් ඔෆ් මෙන්zz නම් මේ පොත ලෙස්ටර් පුස්තකාලයෙන් ලබාගෙන තිඛෙන්නේ 1934 දීය. එය යළි පුස්තකාලය වෙත භාරදිය යුතු දිනය ලෙස සටහන්වී තිබී ඇත්තේ 1934 මැයි 28 වැනිදාය.
කීත් ඩොල්පින් (64) හට සිය නිවෙස අස්පස් කිරීමේදී මෙම පොත හමුවී ඇත.එය තම නිවසේ පෙර හිමිකරුවා පුස්තකාලයෙන් ගන්නට ඇතැයි ඔහු සැක කරයි.
ගෙවිය යුතු අතිවිශාල දඩය නොසළකා හැරීමට පුස්තකාලාධිපති තීරණය කර තිබේ.මුදල් වෙනුවට මේ සා පැරණි පොතක් යළි පුස්තකාලය වෙතම ලැබීම සෑහෙන බව ඔහු කියයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසර 79කට පසු පොත පුස්තකාලයට
සෑම් Monday, 30 September 2013 03:04 PM
ගාල්ලේ සංජීව, ඔයා කියන දේ සිදුවෙන්නේ මේක ලංකාවේ සිදුවුනා නම් තමා. දියුණු රටවල නීතියක්, සදාචාරයක්, අවංකභාවය, ආදී යහපත් ගුණාංග බොහෝදුරට තවමත් තියනවා. දැනට වසරකට පමණ පෙර දියුණු රටවල් රාශියකදී මුදල් සහිත පසුම්බි කීපය බැගින් පාරේ දාලා ඒවායින් කීයක් ආපසු ලැබුනද කියල කරපු සමීක්ෂණයේ ප්‍රතිපල දැක්කම පුදුම හිතෙනවා. සමහර නගරවල 100% ආපසු ලැබුනා. (නදී)
ක්‍රිස් Tuesday, 01 October 2013 03:16 AM
මම ප්‍රංශ වල හිටියට ගත සිත 2කම ලංකාවේ. සෑම් කියන කතාවේ ඇත්තක් තියෙනවා. (නි)
නුවන් රත්නායක Tuesday, 01 October 2013 05:39 AM
අපොයි ප්‍රංශය ගැන නම් කතා කරන්න එපා. මම පැරිස් මෙට්‍රෝ ලයින් 8 දුම්රියෙන් ගමන් කරද්දී ළඟ හිටපු ප්‍රංශකාරය මගේ ගමන් මල්ලේ තිබුන පසුම්බියට විද්දා. බලර්ඩ් දුම්රියපලින් මට එලියට යන්නත් කරදර වුණා. නැවතතත් කවදාවත් ප්‍රංශයට නම් යන්නේ නැහැ. පික් පොකට්කාරයෝ වැහි වැහැලා. (නි)
චමින්ද Tuesday, 01 October 2013 08:00 AM
දෙන එක හොදයි කියලා හිතලා දෙන්න ඇති (නි)
ටෙනිසන් Tuesday, 01 October 2013 08:41 AM
ලොල් සෑම්, සෑම් අපේ රට දියුණු කියන රටවල් හා සමග සසදලා තිබෙන්නේ. එහි අපි උගත යුතු පාඩමක් තිබෙනවා.ඒ අපේ රටත් එතනට ඇදගන යාම.නමුත් අපේ මිනිස්සු දියුණු රටවලින් ඉක්මනින්ම ඇහිදාගන්නේ නරකම දේ. අපේ රටෙත් එහෙම කාලයක් තිබුනු බවට කතාවක් තිබෙනවා. ගැහැනියෙකුට උතුරු කෙළවරේ සිට දකුණු කෙළවරට කිසිම කරදරයකින් තොරව තනිපංගලමේ යා හැකිය කියලා. එතැනදී ගැහැණිය උපමාවට ගත්තේ කරුණු කිහිපයක් නිසා.එකක් ඇය නිතර වටිනා ආභරණ වලින් සැරසී සිටීම. (නි)
ලොල් සෑම් Monday, 30 September 2013 06:57 PM
ආ සෑම්, ඔයාලට නම් ඉතින් පිටරට වසුරුත් සැප ඇති නේද? (නි)
අමිල - කටුනායක Tuesday, 01 October 2013 09:24 AM
ගිනස් වාර්තාවක්.......... (ස)
චන්ද්‍රසිරි වීරසිංහ Tuesday, 01 October 2013 10:07 AM
මම ඉන්නේ බලුකිස්තානයේ!! ඔය ලංකාවට කැමති නැති මහත්තුරු කරුණාකර මෙහෙ එන්න.ඔයගොල්ලන්ට කියාපු රට මේක !! මම ඔයාලව බලා ගන්නම්!! (ස)
චන්ද්‍රසිරි වීරසිංහ Tuesday, 01 October 2013 10:14 AM
මේක අලි බොරුවක්!! 1934 දින මුද්‍රාව දෙස හොඳින් බලන්න.කියවන්නන් මුලා කිරීමට සමහරු ප්‍රවෘත්ති හදනවා. (ස)
ගාල්ලේ සංජීව Monday, 30 September 2013 02:05 PM
තව පොඩ්ඩෙන් අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා නිකන් ටින්කිරි ගාගන්න වෙන්නේ.(නදී)
ඇලෙක්ස් Monday, 30 September 2013 02:25 PM
සංජීව,මටත් ඒකම තමයි හිතුනේ(නදී)
මනිෂ Monday, 30 September 2013 10:29 PM
ලොල් සෑම්, ඔයාට ඊර්ෂ්‍යාද සෑම් ඇත්ත කිව්වාම.? අනික මේක බාරදුන්න මනුස්සයා නෙමෙයිනේ, පොත පුස්තකාලයෙන් අරගෙන තියෙන්නේ. (නි)