IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


වසර 8200ට බ්‍රිතාන්‍යය වැනසූ සුනාමිය

නෝර්වේ රාජ්‍ය වෙරළ තීරයේ අදින් වසර 8200 ට පෙරාතුව සිදුවී විශාල නාය යාමක් හේතුවෙන් බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත සුනාමියකට මුහුණ දීමට සිදුව ඇති බව ලන්ඩන් නගරයේ ඉම්පීරියල් කොලේජ් හි පර්යේෂකයන් පිරිසක් තහවුරු කරගෙන ඇත.

ඔවුන් පවසන්නේ මේ නායයාම ස්ටොරෙගා ලෙස හඳුන්වන බවයි. නායයාමෙන් ඇති වූ සුනාමි රළ ලිබර්ටි ප්‍රතිමාවේ උස මෙන් භාගයක් පමණ උසකට නැග ඇති බවත් බ්‍රිතාන්‍යය සහ අනෙක් රටවල් ගණනාවක වෙරළ තීරයට හානි සිදුව ඇති බව සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ බ්‍රිතාන්‍ය වෙරළාශ්‍රිත පහත් බිමක් වූ ඩොජර්ලන්ට් සහ එහි වැසියන් විනාශ වී ඇති බවයි. ඩොජර්ලන්ඩ් යනු අතීතයේ යුරෝපයත් බ්‍රිතාන්‍යයත් එකිනෙක සම්බන්ධ කළ භූමි භාගයයි. එය ක්‍රිස්තු පූර්ව 6500 දී පමණ මුහුදු මට්ටම ඉහළ යාමෙන් ජලයෙන් යටවූ බව පිළිගෙන තිබිණි.

එකළ සිදුවූ මේ සුනාමි තත්ත්වය වැඩිදුරටත් අධ්‍යයනය සඳහා පර්යේෂකයන් පරිගණක ආකෘතියක් ද සාදා ඇත. එම ආකෘතිය මගින් ඉතිහාසයේ දී සාග පත්ලේ විනාශකාරී සුනාමි බලපෑම් ද විස්තර කරයි. ඔවුන් විසින් සොයාගත් තොරතුරු ඉදිරි දින කිහිපයේ දී වියානාවල පැවැත්වීමට නියමිත යුරෝපීය භූගර්භ විද්‍යා සංගමයේ මහා සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය.  

 



අදහස් (0)

වසර 8200ට බ්‍රිතාන්‍යය වැනසූ සුනාමිය

බණ්ඩා Tuesday, 06 May 2014 07:06 PM

කුමාර , ඔයාලගේ ගෙදර ආවොත් අපිට සලකුණ බලන්න පුලුවන්ද? (නි)

:       0       0

ජයන්ත කුලතුංග Sunday, 04 May 2014 12:28 PM

මේ පිළිබඳ තව තොරතුරු අවශ්‍යයි. (ස)

:       0       0

කුමාර Sunday, 04 May 2014 12:39 PM

මේ පර්යේෂකයන් අනාගෙන, නෝවාගේ ජලගැල්ම වෙලා දැන් අඋරුදු 6000 ට වැඩියි, මුළු ලෝකයේම මේ ජලගැල්මේ සලකුණු බලාගන්න පුළුවන්. (ස)

:       0       0

හසන්ත Wednesday, 07 May 2014 12:00 AM

කුමාර, නොවැහැ කියන්නේ , මේ ඔයාලගේ ගෙවල් පැත්තේ ඉන්න කෙනා නොවෙයි. පුරාණ චරිතයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 249 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 202 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 582 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 76 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 84 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 509 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site